ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් සමග ශ්‍රී ලංකාවේ සිට නැවත පැමිණුන සරණාගත බෝට්ටු නැවත්වීමට විශේෂ සාකච්චා සිදු කිරීමට නියමිතව තිබේ.
Dutton මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනපති මයිත්රීපාල සිරිසේන මහතා සමග සාකච්චා කරනු ඇති. Dutton මහතා විශේෂයෙන්ම මෙම සංචාරය සිදු කරන්නේ බොහෝ දෙනෙකු ඕස්ට්‍රේලියාවේ කම්කරු රජයක් නැවත බලයට පත් වනු ඇති බවට අපේක්ෂා කල නිසා බෝට්ටු මගින් පැමිණ ඕස්ට්‍රේලියාවේ නතර වීමට හැකි බවට ශ්‍රී ලාංකිකයන් සිතු බවට නිසා බව ඔහු පවසා තිබෙනවා . අමාත්‍යවරයා පවසන්නේ කලාපයේ වාතාවරණයත් සමග එසේ බෝට්ටු වලින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඉඩක් නොමැති බවට යන පණිවිඩය දීමට ඔහුට අවශ්‍ය බවයි.
පසුගිය මැයි මස මුලදී ශ්‍රී ලංකාවේ සිට සරනාගතයන් 20 දෙනෙකු බෝට්ටුවක නැගී පැමිණ ඇති අතර ඔවුන් 20 දෙනා මැයි 29 වෙනිදා නැවත ශ්‍රී ලංකාවට හරවා යවා තිබෙනවා. මෙම මිනිස් ජාවාරම් කරුවන් නව රජයේ ක්‍රියාකලාපය පිළිබද හරි හැටි දැනීමක් නොමැතිව මෙම ගමන පැමිණි බව අමාත්‍යවරයාගේ අදහසයි .
මෙසේ ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන සරණාගතයන් නැවත යැවීම සම්බන්ධව ඕස්ට්‍රේලියානු රජයත් ශ්‍රී ලංකා රජයත් අතර වසර 2009 දී අවබෝධතා ගිවිසුමක් අත්සන් කල අතර රටවල් දෙකම එක් ව මෙම තත්වය පිටු දැකීමට කටයුතු කරන බවට Dutton මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
නමුත් කම්කරු පක්ෂය ප්‍රකාශ කොට ඇත්තේ තව දුරටත් රටට ගුවන් මගින් එන සරණාගතයින් වැඩි වී ඇති නිසා රජයට දේශ සීමා ආරක්ෂා කිරීමට නොහැකි වී ඇති බවයි
මේ අතර කම්කරු පක්ෂයේ සන්ක්‍රමනය පිළිබද ප්‍රකාශිකා Kristina Keneally ප්‍රකාශ කොට ඇත්තේ බෝට්ටු වලින් පැමිණෙන බොහෝ සරණාගතයින් සැබැ සරණාගතයින් බව ඔප්පු වී ඇති බවත්, පසුගිය වසර 4 තුල ගුවනින් පැමිණි 81000 සරනාගතයින්ගෙන් 1/5ක් ම සරණාගතයින් නොවන බව ඔප්පු වී ඇති බවයි
සදුදා ශ්‍රී ලංකාවට පැමිණි අමාත්‍ය Dutton පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානි වූ ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය වෙතද ගොස් ඇති අතර ප්‍රහාරයෙන් පසු රට නැවත ගොඩනැගීමට ආධාර ලබා දෙන බවද Dutton මහතා පවසා තිබේ.

Source: SBS