ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයින්ගේ දේපළ සහ වත්කම් පරීක්ෂණය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සංශෝධන ගෙන ඒමට සූදානම් වෙයි.
මෙම සංශෝධන මූලික කරගනිමින් ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයින්ගේ deeming rates කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇති බවද වාර්තා වේ.

Source: Getty Images
විශ්‍රාමිකයින්ගේ deeming rates
විශ්‍රාමිකයින් තමන්ගේ මුල්‍ය ආයෝජන හරහා කොපමණ ආදායමක් ලබනවාද යන්න ඇස්තමේන්තු ගත කිරීමට මෙම deeming rates උපයෝගී කරගනී.
මෙම අනුපාතිකය අවසන් වරට සකසනු ලැබුවේ 2015 වසරේදී වන අතර එය 3.25% ක් වැනි ඉහළ මට්ටමකට එහිදී සකස් කෙරිණි.
එතැන් පටන් ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් 5 වරක් කප්පාදු කරනු ලැබූ අතර මේ වන විට ඔස්ට්‍රේලියාවේ පොළී අනුපාතිකය 1% ක් වැනි ඉතිහාසගත අවම මට්ටමක පවතී.
මේ කරුණු සියල්ලම සලකා බලා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය deeming rates පහත දැමීමට තීරණය කළ බව සමාජ සේවා ඇමතිනී Anne Ruston පැවසුවාය.
එම අවසන් තීරණය ඉතා ඉක්මණින් තහවුරු කරන බවත් ඇය පැවසුවාය.
කෙසේවතත්, ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක deeming rates වලින් ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයින් 75% කට බලපෑමක් නොමැති බවත් සමාජ සේවා ඇමතිනී Anne Ruston පැහැදිලි කළාය.

Source: AAP
Deeming rates කප්පාදුවේ ප්‍රතිලාභ
මෙම සංශෝධන හරහා තනි විශ්‍රාමික පුද්ගලයෙකු හට වසරකට $800 ක මුදලක් අමතරව ලැබෙන අතර විශ්‍රාමික යුවළකට වසරකට අමතරව $1,000 ක මුදලක් හිමිවනු ඇත.
මෙම සංශෝධන හරහා විශ්‍රාමිකයින් මිලියනයකට පමණ අමතර මුදල් හිමිවන බව ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
යුවලක ගෙන් එක් අයෙකු ට හෝ අවම වශයෙන් විශ්‍රාම වැටුපක් හිමිවන අවස්ථාවක ඔවුන්ගේ මුල්‍ය වත්කම් වල එකතුව $86,200 ක් නම් ඒ සඳහා deeming අනුපාතිකය 1.75% ක් වන අතර $86,200 ට වැඩි නම් deeming අනුපාතිකය 3.25% ක් බව වාර්තා වේ.
කෙසේවෙතත්, deeming අනුපාතිකය මේ වන විට ක්‍රියාත්මක පොලී අනුපාතිකය හා සමාන මට්ටමකට ගෙන ආ යුතු බව කම්කරු පක්ෂයේ සමාජ සේවා පිළිබඳ නියෝජිතවරිය වන Linda Burney පවසයි.
ඒ හරහා විශ්‍රාමිකයින්ට වසරකට $3875 ක් වැනි ප්‍රතිලාභයක් ලබා දිය හැකි බව ද ඇය පෙන්වා දෙයි.
මෙම සංශෝධන ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයින් 627,000 ට පමණ බලපාන බවද Linda Burney පවසයි.

Source: SBS Sinhala