ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල ස්ථිර පදිංචිය ලබා ගත හැකි Skilled nominated migration - 190 වීසා හා පූර්ණ කාලීනව වසර 4 ක් සේවය කිරීමේ අවස්ථාව හිමිවන Skilled regional nominated migration - 489 වීසා වලට නිර්දේශිත ඇතැම් රැකියා ලැයිස්තු වල සහ ඒවාට බලපාන නීති වල යම් වෙනසක් සිදු කර ඇති බව Australian Capital Territory හෙවත් ACT හා ටස්මේනියා ප්‍රාන්ත රජයන් හි ආගමන කටයුතු සම්බන්ධ වෙබ් අඩවි වාර්තා කරයි.
පසුගිය සමයේදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා සැපිරිය යුතු අවශ්‍යතා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ක්‍රමිකව දැඩි කිරීම නිසා ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන බොහෝ ජාත්‍යන්තර සිසුන් ඒ සඳහා ඇති පහසුම මාවත ලෙස Australian Capital Territory වෙත හෝ ටස්මේනියාව වෙත සංක්‍රමණය වීමේ වැඩි සම්භාවිතාවක් දක්නට ලැබුණි.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
නමුත් ACT හා ටස්මේනියා ප්‍රාන්ත වල ආගමන කටයුතු සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ වෙනස්වීම් මත ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා එම ප්‍රාන්ත වලට ගොස් සිටින බොහෝ දෙනෙකු සංකීර්ණ තත්ත්වයකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.

Source: SBS
Australian Capital Territory හෙවත් ACT හි වෙනස්කම්
ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් ඉකුත් ජුනි 29 වන දින පස්වරු 4 සිට Australian Capital Territory පහත සඳහන් වෙස්න්කම් බලාත්ම කෙරෙන බව ACT ආගමන කටයුතු සම්බන්ධ වෙබ් අඩවිය වාර්තා කරයි.
ඔබ කැන්බරා පදිංචිව සිටීනම්, ඔබේ නිර්දේශිත රැකියාව වත්මන් ACT Occupation List හෙවත් ACT රැකියා ලැයිස්තුවේ "open" යනුවෙන් පමණක් සඳහන්වී ඇතිනම් ඔබට ACT 190 nomination හෙවත් Australian Capital Territory හි Skilled nominated migration - 190 වීසා සඳහා අයදුම් කිරීමට හැකිවේ.
ඔබ කැන්බරා පදිංචිව සිටියත්, ඔබේ නිර්දේශිත රැකියාව වත්මන් ACT Occupation List හෙවත් ACT රැකියා ලැයිස්තුවේ "closed " යනුවෙන් සඳහන්වී ඇතිනම් ඔබට ACT 190 nomination හෙවත් Australian Capital Territory හි Skilled nominated migration - 190 වීසා සඳහා අයදුම් කිරීමට නොහැකිවේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
කැන්බරා නුවර සමීප ඥාති සබඳකම් ඇති හෝ නැති විදේශීය අයදුම්කරුවන්ට ද ACT 190 nomination හෙවත් Australian Capital Territory හි Skilled nominated migration - 190 වීසා සඳහා අයදුම් කිරීමට නොහැකිවේ.

Source: Flickr
ගණකාධිකාරී සහ තොරතුරු තාක්ෂණවේදීන් ටත් ACT රැකියා ලැයිස්තුව වැසෙයි.
ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් ඉකුත් ජුනි 29 වන දින පස්වරු 4 සිට ACT Occupation List හෙවත් ACT රැකියා ලැයිස්තුවේ ගණකාධිකාරී සහ තොරතුරු තාක්ෂණවේදීන් සඳහා වූ රැකියා සඳාහාද "closed " යනුවෙන් සඳහන්වී ඇත.
ඒ අනුව ගණකාධිකාරී සහ තොරතුරු තාක්ෂණවේදීන් හට Australian Capital Territory හි Skilled nominated migration - 190 වීසා අයදුම් කිරීමට මේ වන විට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
ඔස්ට්‍රේලියාව තුළ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ගෙන් බහුතරයක් ගණකාධිකාරී සහ තොරතුරු තාක්ෂණවේදය යන ක්ෂේත්‍ර හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම්කරන අතර මේ තත්ත්වය ඔවුන් වෙත සැලකිය යුතු බලපෑමක් එල්ල කරන බවද වාර්තා වේ.
විශේෂයෙන්ම ගණකාධිකාරී ක්ෂේත්රය හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවම වශයෙන් ප්‍රසාද ලකුණු 70 ක් පමණ අවශ්‍ය බැවින් ගණකාධිකාරය හැදෑරු බොහෝ සිසුන් Australian Capital Territory හෝ වෙනත් ප්‍රාන්තයකට සංක්‍රමණය කර තමන්ගේ ලකුණු ප්‍රමාණය තවත් වැඩි කර ගැනීමට උත්සාහ දරයි.
ACT රැකියා ලැයිස්තුවේ වසා දැමුණු රැකියා සහ තවමත් විවෘත රැකියා ලැයිස්තුව 

Source: Pixabay
ටස්මේනියා හි වෙනස්කම්
ටස්මේනියා ප්‍රාන්තයේ Skilled nominated migration - 190 වීසා හෝ Skilled regional nominated migration - 489 වීසා සඳහා අයදුම්පත්‍රය යොමු කිරීමට පෙර මීට පෙර පැවතියේ සතියකට අවම වශයෙන් පැය 35 ක් ලෙස මාස තුනක් ටස්මේනියාව තුළ රැකියාවක් කිරීමේ අවශ්‍යතාවය වේ.
නමුත් දැන් එම කාලය මාස 6 දක්වා දීර්ග කර ඇති බව ටස්මේනියානු ආගමන කටයුතු වෙබ් අඩවිය වාර්තා කරයි.

Source: Getty Images
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි කරගත හැකි නිපුණතා රැකියා ලැයිස්තුව
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි කරගත හැකි නව Australia skilled occupation list හෙවත් නිපුණතා රැකියා ලැයිස්තුව සෑම මුල්‍ය වර්ෂයකම මුල් සතියේදී ප්‍රකාශයට පත් කරනු ලබයි.
නමුත් 2018/19 මුල්‍ය වර්ෂය සඳහා තවමත් ප්‍රධාන නිපුණතා රැකියා ලැයිස්තුව ප්‍රකාශයට පත් කර නැත.
සාමන්‍යයෙන් මෙලෙස ප්‍රකාශයට පත් කරන නිපුණතා රැකියා ලැයිස්තුව හරහා ඔස්ට්‍රේලියාවට ස්ථිර ලෙස සංක්‍රමණය වීමට සුදුසුකම් ලත් රැකියා මොනවාදැයි අඩංගු වන අතර ඒවායේ වාර්ෂික කෝටාවන් ද සඳහන් වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------