ස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේදී පිරිනමන ප්‍රසාද ලකුණු අතරට ලකුණු 5 ක් හිමිවන NAATI විභාගය පිළිබඳ මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.
NAATI විභාගය යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ප්‍රසාද ලකුණු 5 ක් පිරිනමන සුදුසුකමක් වන අතරම NAATI ප්‍රත්‍යයනය ලත් භාෂා සහ භාෂණ පරිවර්තකයින් හට තමාගේ සුදුසුකම් ලැබූ භාෂාවන් මත භාෂා පරිවර්තකයෙක් හෝ භාෂණ පරිවර්තකයෙක් ලෙස වෘත්තිය මට්ටමින් කටයුතු කිරීමට ද හැකියාව පවතී.
NAATI යන්නෙහි සම්පූර්ණ දිග හැරුම National Accreditation Authority for Translators and Interpreters වන අතර එය සිංහල භාෂාවෙන් ගත් කළ භාෂා සහ භාෂණ පරිවර්තකයින් සඳහා වන ජාතික ප්රත්යයන බලධාරිය වේ.
භාෂා සහ භාෂණ පරිවර්තන සඳහා උසස් ප්රමිතීන් පිහිටුවීම මෙන්ම ඒවා පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කරගෙන යාම NAATI මෙහෙවර ලෙස හැඳින්වෙන බව මෙල්බන් නුවර NAATI ප්‍රත්‍යයනය ලත් ප්‍රවීණ භෂා පරිවර්තක ස්වර්ණා ප්රඥාරත්න මහත්මිය SBS සිංහල වෙත පැවසුවාය.
ඔස්ට්‍රේලියාව තුළ යම් ලේඛනයක් පරිවර්තනය කිරීමේදී NAATI සහතිකය අත්‍යවශ්‍ය බවත් ඔබ භාෂා සහ භාෂණ පරිවර්තකයින්ගේ සේවාවන් ලබාගන්නා විට ඔවුන් NAATI ප්‍රත්‍යයනය ලත් භාෂා සහ භාෂණ පරිවර්තකයින් දැයි වගබලාගත යුතු බවත් සඳහන් කළ යුතුය.

Turkish test kicks off VCE exams Source: Getty Images
NAATI විභාග වර්ග
ප්රඥාරත්න මහත්මිය සඳහන් කළ පරිදි ඔස්ට්‍රේලියාවේ NAATI ජාතික ආයතනය විසින් විභාග වර්ග ගණනාවක් පවත්වන අතර සුලබව පවත්වනු ලබන විභාග වර්ග දෙකකි.
එනම්,
- භාෂා පරිවර්තක විභාගය (Translator test);
- භාෂණ පරිවර්තක විභාගය (Interpreter test) වේ.
එම විභාග ද්විත්වයම 2 වන හා 3 වන මට්ටම් දෙකකින් පැවැත්වේ.
ඒ අනුව දෙවැනි මට්ටමේ භාෂා පරිවර්තක විභාගය Para Professional Translator test යනුවෙන් හැඳින්වෙන අතර දෙවැනි මට්ටමේ භාෂණ පරිවර්තන විභාගය Para Professional Interpreter test යනුවෙන් හැඳින්වේ.
තුන්වන මට්ටමේ භාෂා පරිවර්තක විභාගය Professional Translator test යනුවෙන් ද තුන්වන මට්ටමේ භාෂණ පරිවර්තන විභාගය Professional Interpreter test යනුවෙන්ද හැඳින්වේ.

Source: Getty Images
විභාග ව්‍යුහයන්.
දෙවැනි හා තුන්වන මට්ටමේ භාෂා පරිවර්තක විභාග (Para Professional & Professional Translator tests)
මෙම විභාග ද්විත්යේම ව්‍යුහය එක හා සාමාන වේ.
විභාග අපේක්ෂකයින්ගේ මනාපය අනුව එම විභාග වල උද්දේශය හෙවත් දිශාව තෝරා ගත හැකිය.
එනම්, සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනවාද නැතහොත් ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරනවාද යන්න විභාග අපේක්ෂකයාට තීරණය කළ හැකිවේ.
මෙම විභාග ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විත වේ.
පළමු කොටසෙහි වචන 250 ක පමණ උධෘතයන් හෙවත් passages තුනක් ලබා දෙන අතර විභාග අපේක්ෂකයාගේ කැමැත්ත අනුව ඉන් දෙකක් පරිවර්තනය කළ යුතුය.
මීට අමතරව එම ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසෙහි, NAATI ආචාර ධර්ම මත පදනම්වූ (Ethics) ප්‍රශ්න 3 ක් ලබා දෙන අතර විභාග අපේක්ෂකයාගේ කැමැත්ත අනුව ඉන් දෙකකට පිළිතුරු ලිවිය යුතුය.
උධෘතයන් හෙවත් passages ද්විත්වය සඳහා එකකට ලකුණු 45 බැගින් ලකුණු 90 ක් වෙන් කර ඇති අතර ආචාර ධර්ම මත පදනම්වූ (Ethics) ප්‍රශ්න 2 ක සඳහා එකකට ලකුණු 5 බැගින් ලකුණු 10 ක් වෙන් කර ඇත.
ඒ අනුව මෙහි සාමාර්ථයක් ලබා ගැනීමට මුළු ලකුණු 100 න් ලකුණු 70 ක් ලබා ගත යුතු වේ.

Source: Getty Images
දෙවැනි හා තුන්වන මට්ටමේ භාෂණ පරිවර්තක විභාග (Para Professional & Professional Interpreter tests)
මෙම විභාග ද්විත්වය එකිනෙකට වෙනස් බව මෙල්බන් නුවර NAATI ප්‍රත්‍යයනය ලත් ප්‍රවීණ භෂා පරිවර්තක ස්වර්ණා ප්රඥාරත්න මහත්මිය SBS සිංහල වෙත පැවසුවාය.
දෙවැනි මට්ටමේ Para Professional Interpreter විභාගයට වඩා තුන්වන මට්ටමේ Professional Interpreter විභාගයට තවත් අමතර කොටස් 4 ක් අඩංගු වන බවද ඇය පෙන්වා දුන්නාය.
මෙම භාෂණ පරිවර්තන විභාග දෙකෙහිම උද්දේශයක් හෙවත් භාෂා දිශාවක් තෝරාගැනීමට අවශ්‍ය නැත. මන්ද මෙහිදී ඉංග්‍රීසි සහ සිංහල භාෂා ද්විත්වයම පරිහරණය කළ යුතු වේ.
Para Professional Interpreter විභාගය
මෙහිදී වචන 200 ක පමණ සංවාද ද්විත්වයක් ලබා දෙන අතර එම සංවාද වල ඉංගීසි සහ සිංහල භාෂා ද්විතයෙන්ම දෙබස් අඩංගු වන බව ප්රඥාරත්න මහත්මිය පැවසුවාය.
එහිදී ඉංග්‍රීසි දෙබස සිංහලට පරිවර්තනය කර පැවසිය යුතු අතර සිංහල දෙබස ඉංග්‍රීසියට පරිවර්තය කර පැවසිය යුතු වේ.
මීට අමතරව සාමාජීය හා සංස්කෘතික අවබෝධය හෙවත් Social and Cultural Awareness පිළිබඳ සැකසුණු ප්‍රශ්න 4ක් අසනු ලබන අතර ඉන් ද්විත්වයක් ඉංග්‍රීසියෙන් අසනු ලබන අතර ඉතිරි ද්විත්වය සිංහලෙන් අසනු ලබයි.
ඉංග්‍රීසි භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්න දෙක සඳහා ඉංග්‍රීසියෙන් පිළිතුරු දිය යුතු අතර සිංහල භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්න දෙක සඳහා සිංහලෙන් පිළිතුරු දිය යුතුය.
ඊට අමතරව NAATI ආචාර ධර්ම මත පදනම්වූ (Ethics) ප්‍රශ්න 4 ක් ලබා දෙන අතර ඉන් ද්විත්වයක් ඉංග්‍රීසියෙන් අසනු ලබන අතර ඉතිරි ද්විත්වය සිංහලෙන් අසනු ලබයි.
ඒවාටද පෙර පරිදිම ඉංග්‍රීසි භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්න දෙක සඳහා ඉංග්‍රීසියෙන් පිළිතුරු දිය යුතු අතර සිංහල භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්න දෙක සඳහා සිංහලෙන් පිළිතුරු දිය යුතුය.
මෙම විභාගය සමත්වීමේ ලකුණු සංඛ්‍යාව 100 න් 70 කි.
Professional Interpreter විභාගය.
මෙහි ව්‍යුහය තරමක් සංකීර්ණ බව ප්‍රවීණ භෂා පරිවර්තක ස්වර්ණා ප්රඥාරත්න මහත්මිය SBS සිංහල වෙත පැවසුවාය.
පළමු කොටසෙහි වචන 300 කින් සමන්විත වූ සංවාද ද්විත්වයක් ලබා දෙන බව ඇය පැවසුවාය.
එහිදී ද පෙර පරිදි මෙන් ඉංග්‍රීසි දෙබස සිංහලට පරිවර්තනය කර පැවසිය යුතු අතර සිංහල දෙබස ඉංග්‍රීසියට පරිවර්තය කර පැවසිය යුතු වේ.
දෙවැනි කොටස ලෙස සාමාජීය හා සංස්කෘතික අවබෝධය හෙවත් Social and Cultural Awareness පිළිබඳ සැකසුණු ප්‍රශ්න 4ක් අසනු ලබන අතර ඉන් ද්විත්වයක් ඉංග්‍රීසියෙන් අසනු ලබන අතර ඉතිරි ද්විත්වය සිංහලෙන් අසනු ලබයි.
Para Professional Interpreter විභාගයේ මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්න දෙක සඳහා ඉංග්‍රීසියෙන් පිළිතුරු දිය යුතු අතර සිංහල භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්න දෙක සඳහා සිංහලෙන් පිළිතුරු දිය යුතුය.
තුන්වන කොටස ලෙස Para Professional Interpreter විභාගයේ මෙන්ම NAATI ආචාර ධර්ම මත පදනම්වූ (Ethics) ප්‍රශ්න 4 ක් ලබා දෙන අතර ඉන් ද්විත්වයක් ඉංග්‍රීසියෙන් අසනු ලබන අතර ඉතිරි ද්විත්වය සිංහලෙන් අසනු ලබයි.
ඒවාටද පෙර පරිදිම ඉංග්‍රීසි භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්න දෙක සඳහා ඉංග්‍රීසියෙන් පිළිතුරු දිය යුතු අතර සිංහල භාෂාවෙන් අසනු ලබන ප්‍රශ්න දෙක සඳහා සිංහලෙන් පිළිතුරු දිය යුතුය.
ඊට අමතරව සිව්වන කොටස ලෙස Sight Translation යනුවෙන් වචන 200 ක ප්‍රබන්ධයක් ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ලබා දෙන අතර ඉංග්‍රීසි භාෂාවෙන් දෙනු ලබන ප්‍රබන්ධය සිංහල භාෂාවටත් සිංහල භාෂාවෙන් ලබා දෙන ප්‍රබන්ධය ඉංග්‍රීසි භාෂාවටත් පරිවර්තනය කළ යුතුය.
පස්වන කොටස Consecutive Interpreting of Passages හෙවත් අනුක්‍රමනික පරිවර්තන කොටස බව ප්රඥාරත්න මහත්මිය පැවසුවාය.
එය වචන 300 කින් පමණ සමන්විත වන ඡේද දෙකකින් සමන්විත වන උද්ධෘතයකි (Passage).
එක් ඡේදයක් සිංහලෙන් ලබා දෙන අතර අනෙක ඉංග්‍රීසියෙන් ලබා දෙයි.
එක් එක් ඡේදය අඛණ්ඩව කියවගෙන යනු ලබන අතර එක් එක් ඡේදය අවසන් වූ විට එය අනෙක් බසට පරිවර්තනය කළ යුතු වේ.
මෙම විභාගය සමත්වීමේ ලකුණු සංඛ්‍යාව ද 100 න් 70 කි.

Source: NAATI
මෙම විභාග සමත් විය යුතු ආකාර හා මට්ටම්.
පරිවර්තන වෘත්තියට සුදුසුකම් ලැබීමට නම් තමන්ගේ කැමැත්ත පරිදි විභාග තේරීම් කළ හැකි බව ප්රඥාරත්න මහත්මිය පවසයි.
නමුත් සංක්‍රමණික අවශ්‍යතා මත ප්‍රසාද ලකුණු 5 අපේක්ෂාවෙන් NAATI විභාග සඳහා පෙනී සිටින විට තත්ත්වය ඊට වඩා වෙනස් බව ද ඇය පෙන්වා දෙයි.
මෙහිදී භාෂා පරිවර්තන විභාගය සඳහා මුහුණ දෙන අපේක්ෂකයින් අනිවාර්යෙන්ම තුන්වන මට්ටමේ පවතින Professional Translator විභාගය සඳහා පෙනී සිටිය යුතු අතර Para Professional Translator විභාගය සඳහා සංක්‍රමණික අවශ්‍යතා සඳහා අදාළ ප්‍රසාද ලකුණු 5 නොලැබෙන බව ඇය පැවසුවාය.
නමුත් භාෂණ පරිවර්තන විභාගයේ දෙවැනි හා තුන්වන මට්ටම් ද්විත්වයේම විභාග සඳහා අදාළ ප්‍රසාද ලකුණු 5 ලැබෙන බවද ප්රඥාරත්න මහත්මිය පැවසුවාය.

archive Source: Getty Images
සූදානම
එදිනෙදා භාවිත කරන ඉංග්‍රීසි භාෂාව සහ සිංහල භාෂාව මේ සඳහා ප්‍රමාණවත් බව බොහෝ අය සිතා සිටින බවත් එය වැරදි හැගීමක් බවත් මෙල්බන් නුවර NAATI ප්‍රත්‍යයනය ලත් ප්‍රවීණ භෂා පරිවර්තක ස්වර්ණා ප්රඥාරත්න මහත්මිය SBS සිංහල වෙත පැවසුවාය.
භාෂා සහ භාෂණ පරිවර්තන විභාග සඳහා මුහුණ දෙන විට ඊට අදාළ භාෂා පරිවර්තන කුසලතා සහ ඊට අදාළ පාරිභාෂිත වචන අවශ්‍ය වේ.
මේ පිළිබඳ නිසි දැනුමක් නොමැතිව මෙම විභාග සමත් වීම අසීරු කරුණක් බවද ප්රඥාරත්න මහත්මිය පැවසුවාය.
නමුත් ඔබ උනන්දුවෙන් අධිෂ්ඨානයෙන් යුතුව නිසි මග පෙන්වීමක් යටතේ පුරුදු පුහුණු වුවහොත් මෙම විභාග සමත්වීම එතරම් අපහසු කටයුත්තක් නොවන බව ද ඇය පෙන්වා දුන්නාය.
NAATI ජාතික ආයතනය මගින් විභාග වලට පෙර විවිධ වැඩ මුළු පවත්වන අතර ඒවාට සහභාගී වීමෙන් ඔබට විභාග පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබා ගත හැකි අතර ඒවාට පිළිතුරු සපයන්නේ කෙසේදැයි යන්න පිළිබඳව ද දැනගත හැකි බව ප්රඥාරත්න මහත්මිය පැවසුවාය.
එමෙන්ම NAATI ජාතික ආයතනය මගින් ඔබේ භාෂාවට අදාළව පැරණි ප්‍රශ්න පත්‍ර නිකුත් කරන අතර ඒවා ලබාගෙන ඔබට පුහුණුවීම් කිරීමටද හැකියාව තිබේ.
නමුත් NAATI ප්‍රත්‍යයනය ලත් සුදුසුකම් ලැබූ භාෂා පරිවර්තකයෙකුගේ මග පෙන්වීම ලබා ගැනීමට හැකියාවක් තිබේනම් ඔබේ දොස් නිදොස් කර ගැනීමට ඉතා පහසුවෙන් හැකි වන අතර ඔබට නිසි මග පෙන්වීමක්ද ලැබෙන බව ප්රඥාරත්න මහත්මිය අවසාන වශයෙන් SBS සිංහල වෙත පැවසුවාය.
සිංහල අංශයේ NAATI භාෂා පරිවර්තන සහ පරිවර්තක විභාග එළඹෙන ඔක්තෝබර් 02 සහ 03 දින වලදී ඔස්ට්‍රේලියාව පුරා පැවැත්වෙන බව ද NAATI ජාතික ආයතනයෙන් අප කළ විමසීමකදී අනාවරණය විය.
යන NAATI වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +61 2 6260 3035 දුරකථන අංකයට ඇමතීමෙන් හෝ මේ පිළිබඳ වැඩි විස්තර ඔබට දැනගැනීමට හැකිය.
---------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
---------------------------------------------------------------------------------------------------------