මෙවර ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය තුල තීරණාත්මක කරුණ ලෙස බදු ක්‍රමවේදය හැඳින්විය හැකියි. පසුගිය සදුදා සවස ABC හි Q & A නම් වැඩසටහනේදීත් කම්කරු නායක Bill Shorten හට negative gearing ඉවත් කිරීමේ යෝජනාව හා franking credit සීමා කිරීමේ කටයුතු කෙරේ කරුණු දක්වන්නට සිදු වුනා.
එම තීරණ දෙකම නව බදු ලෙසට සැලකිය නොහැකි බවයි ඔහු පැවසුයේ, මෙම යෝජනා කෙරේ තවමත් බොහෝ දෙනා තුල ගැටළු මතු වී තිබෙනවා.
Negative Gearing යනු කුමක්ද ?
එමගින් අදහස් වන්නේ ආයෝජනයක් ලෙස නිවෙසක් කුලියට දෙන දේපොළ හිමියෙකුට එමගින් ලැබෙන ආදායම හා ඒ සදහා යන වියදමෙහි පරතරය මකා දැමීමට ඔවුන්ට ලැබෙන බදු සහනයයි.
ට අනුව මෙහිදී ඔබ කුලියට දෙන නිවසේ කුලියෙන් ලබන ආදායම එම නිවස සදහා වන නිවාස ණය පියවා ගැනීමට මදි විටදී ලබන පාඩුව සදහායි මෙම බදු සහනය ලැබෙන්නේ
නමුත් එය නිවාස වලට පමනක් නොව ඕනෑම දෙපොලකට යෙදිය හැකියි . ඔබේ වැටුප් හා ආදායම් වලට ගෙවන බදු වලින් එම අගය ඔබට නැවත ලබා ගත හැකි වේ. මේ නිසාම බොහෝ දෙනාට ආයෝජන ලෙස නිවෙස් කුලියට දීමට පෙලබීමක් ලැබෙනවා.
නමුත් තර්කය වී ඇත්තේ , ආයෝජනයක් කරන්නේ මුදල් ලබා ගැනීමට නම්, negative gearing ක්‍රමයට ආයෝජන සිදු කරන්නේ ඇයි යන්නයි?
සමහර විට එය බලාපොරොත්තු රහිත පාඩුවක් විය හැකි අතර , අනාගතයේ ලැබෙන ආදායම වැඩි විය හැකියි බලාපොරොත්තු විය හැකියි.
එය ඔබට බලපාන්නේ කෙසේද ?
Negative gearing වසර 30ක් පමණ පැවතියත් , පසුගිය සමයේ ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළද පොළ දරා ගත නොහැකි ලෙස ඉහල යාම ගැටළුවක් බවට පත් වී තිබේ. ආයෝජකයින් වැඩියෙන් නිවාස මිලදී ගැනීම මීට හේතුවක් ලෙසද සැලකිය හැකියි. වසර 2016 දී හෙළි වී ඇත්තේ ඉහල ආදායම් ලබන 10%ක් දෙනා negative gearing මගින් 50%ක් බදු සහන ලබන බවයි .
මේ අතර තවත් දෙනා පවසන්නේ , නිවාස 1 -2ක් පමණක් හිමි ආයෝජකයන්ට නෙගටිවේ gearing ඉවත් වුව හොත් එහි බලපෑම දැනෙන නිසා, නිවාස මිල පහල යා හැකි බවයි. Grattan ආයතනය පවසන්නේ කම්කරු පක්ෂයට අනුව මෙය ඉවත් වුව හොත් ප්‍රථම නිවාස මිලදී ගන්න අයට යම් සහනයක් ලැබෙන බවයි. නමුත් සන්ධාන රජය පවසන්නේ එමගින් නිවාස මිල සදහා පහරක් එල්ල වන බවයි.
ඒ නිසා ප්‍රථම නිවාස මිලදී ගන්න තරුණ පරපුර මෙයට සහය දක්වනවා ඇතිබවටත් පැවසෙනවා

Source: AAP
කම්කරු පක්ෂයේ යෝජිත වෙනස්කම්
කම්කරු පක්ෂය පවසන්නේ වත්මන් පද්ධතිය අනුව දැනට නිවසක් හිමි ධන්වතුනට සහයක් ලැබුනත්, නිවාස වෙළද පොලට එක් වීමට වෙර දරන අයට අවාසිදායක බවයි. ඒ අනුව කම්කරු රජයක් බලයට පත් වුව හොත් වසර 2020 ජනවාරි 1 වැනිදා සිට නව ආයෝජන දේපොළ වලට negative gearing සහන ලබා නොදෙන බවයි ඔවුන් පවසන්නේ.
දැනට negative gearing වාසි ලබන ආයෝජන සදහා මෙම වෙනස්කම් බල නොපායි. එසේම අලුතින් සැදු නිවෙස් වලටද එය බල නොපායි. නමුත් එම නිවාස විකිනීමෙදී negative gearing ලබා ගැනීමට නොහැකි වනු ඇති.
දැනට ඇති නිවෙස් ආයෝජන ලෙස මිලදී ගැනීමේදීද එසේ බදු සහනය ලබා ගත නොහැකි වේ.
කම්කරු පක්ෂය පවසන්නේ මෙමගින් අලුතින්ම නිවාස මිලදී ගන්න පුද්ගලයන්ට වාසියක් අත් වන බවයි. රජය දැනට ඩොලර් බිලියන 11ක් මේ සදහා වැය කරන බවත් ඔවුන් පවසනවා
සන්ධාන රජයේ මතය
negative gearing ඉවත් කල හොත් නිවාස කුලී මිල ඉහල ගොස් ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බවයි රාජය පවසන්නේ. ඔවුන්ගේ අදහස මෙම බදු සහනය නොමැතිව ආයෝජකයන් කුලියට දීමට නිවාස මිලදී නොගන්නා නිසා නිවාස කුලී මිල ඉහල යන බවයි
නමුත් Grattan ආයතනයේ ආර්ථික නිලධාරීන් පවසන්නේ සැබවින්ම එවන් තත්වයක් ඇති වේ යයි විශ්වාස කල නොහැකි බවයි . ඒ දැනට කුලියට දීමට ඇති නිවාස එලෙසින්ම වෙළද පොලේ පවතින නිසා.
මෙමගින් කුලියට සිටින ජනයාට වඩා නිවෙස් හිමි ජනයා වැඩි විය හැකි බවත් ඔවුන් පවසනවා.
නමුත් රාජ්‍ය භාණ්ඩාගාරික Josh Frydenberg පවසා ඇත්තේ මෙසේ නිවාස මිල පහත වැටුනොත් නිවසේ නයට වඩා අඩු වටිනාකමක් නිවෙසට ලැබී බොහෝ නිවෙස් හිමියන් ගැටළු වලට මුහුණ දිය හැකි බව. එසේම නිවෙස් ඉදිකිරීම් ශේස්ත්‍රයේ රැකියා වලටද තර්ජන එල්ල විය හැකි බවයි
නමුත් ඔස්ට්‍රේලියාව දැනටමත් නිවාස වෙළද පොළ කඩා වැටෙන තත්වයකට මුහුණ දී ඇති බැවින් Grattan ආයතනය පවසන්නේ negative gearing ඉවත් වීම මගින් නිවාස වෙළද පොලට ඇති විය හැකි බලපෑම් 2%ක් පමණ විය හැකි බව.
.............................................................................................................................................................................
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)