ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳ සැල් වල සවි කර ඇති self-service checkout හෙවත් තමන්ටම භාණ්ඩ ස්කෑන් කර මුදල් ගෙවීමට හැකි කවුළු ඔස්සේ භාණ්ඩ සොරකම් කරන පිරිස තවමත් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම සුපිරි වෙළෙඳ ජාලයක් වන Coles සුපිරි වෙළෙඳ ජාලයේ self-service checkout හරහා භාණ්ඩ සොරකම් කරන පිරිස සතියකට 100 ඉක්මවන බව එහි ආරක්ෂක අංශ පවසන බව වෙබ් අඩවිය වාර්තා කරයි.

Source: SBS
Self-service checkout සොරුන් වර්ග
ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳ සැල් වල සවි කර ඇති self-service checkout හරහා සිදුවන සොරකම් පිළිබඳ සමීක්ෂණයක් Canstar Blue පර්යේෂණ ආයතනය විසින් සිදු කර තිබේ.
ඔවුන්ගේ එම සමීක්ෂණය සඳහා පාරිභෝගිකයින් 2200 ක් වෙත අවධානය යොමු කර ඇති අතර එයින් 7% ක් පමණ Self-service checkout කවුළුවේදී අදාළ භාණ්ඩය ස්කෑන් නොකරම් සොරකම් කරන බවත් 9% ක් භාණ්ඩයේ මිලට වඩා අඩු මිලක් ඇති වෙනත් ආදේශක භාණ්ඩයක් ස්කෑන් කරන බවත් හෙළිවී තිබේ.
මීට වසර දෙකකට පෙර ද මෙම අගයන් මෙලෙසම තිබු බව වාර්තා වේ.
මෙය ඇත්තෙන්ම බරපතල ගැටළුවක් බව Canstar Blue හි කර්තෘ Simon Downes පවසයි.

Source: SBS
වැඩි වශයෙන් සොරාගන්නා ද්‍රව්‍ය
ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳ සැල් වල සවි කර ඇති self-service checkout හරහා වැඩි වශයෙන් සොරාගන්නා ද්‍රව්‍ය අතර ප්‍රධාන භාණ්ඩය ලෙස එළවලු වර්ග පත්ව ඇති අතර එහි ප්‍රතිශතය 24% කි.
ඊට පසුව ඇසුරුම් කරන ලද ආහාර 16% ක ප්‍රමාණයක්ද ස්නැක්ස් වර්ග සහ බීම වර්ග 12% ක්ද ළමා නිෂ්පාදන 12% ක්ද ඇසුරුම් කරන ලද නැවුම් මස් 10% ක්ද ඕනෑකමින්ම සොරකම් කරන බවට ඉහත සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.

Source: Getty Images
සොරුන්ගේ වයස් ඛාණ්ඩ
Self-service checkout හරහා මෙලෙස වැඩි වශයෙන් භාණ්ඩ සොරාගනු ලබන්නේ වයස අවුරුදු 18-29 අතර පිරිස් බව අනාවරණය වී තිබේ.
ඔවුන්ගෙන් 12% ක් පමණ Self-service checkout කවුළුවේදී අදාළ භාණ්ඩය ස්කෑන් නොකරම් සොරකම් කරන බවත් 14% ක් භාණ්ඩයේ මිලට වඩා අඩු මිලක් ඇති වෙනත් ආදේශක භාණ්ඩයක් ස්කෑන් කරන බවත් හෙළිවී තිබේ.
සාමාන්‍යයෙන් වයසින් වැඩි පිරිස් මෙසේ සොරකම් කිරීම අඩුවෙන් දක්නට හැකි බවද සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
ප්‍රාන්ත අනුව සොරකම් කිරීම වෙනස් වන හැටි.
ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳ සැල් වල සවි කර ඇති self-service checkout හරහා ඕනෑකමින්ම සොරකම් කරන ප්‍රමාණය වැඩි වශයෙන් වාර්තා වන්නේ නිව් සවුත් වේල්ස් හා වික්ටෝරියා ප්‍රාන්ත වලින් වන අතර එම ප්‍රතිශතය 7% කි.
සම්පූර්ණ මුදල නොගෙවා අඩු මුදලක් ගෙවීමේ වංචාවන් බහුලව සිදු කරන ප්‍රාන්තය ලෙස ද වික්ටෝරියා ප්‍රාන්තය වාර්තා වන අතර එම ප්‍රතිශතය 10% කි.
ඕනෑකමින්ම සොරකම් කරන ප්‍රමාණය අඩුවෙන්ම වාර්තා වන්නේ දකුණු ඔස්ට්‍රේලියාවෙන් වන අතර එය 3% කි.
එමෙන්ම සම්පූර්ණ මුදල නොගෙවා අඩු මුදලක් ගෙවීමේ වංචාවන් අඩුවෙන්ම සිදු කරන ප්‍රාන්තය ලෙස ටස්මේනියා ප්‍රාන්තය වාර්තා වන අතර එම ප්‍රතිශතය 2% කි.

Source: AAP
සොරකම් වල පාඩුව
ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම සුපිරි වෙළෙඳ සැල් ජාලා ද්විත්වය වන Woolworth සහ Coles හි වාර්ෂික ආහාර අලෙවිය පිළිවෙලින් ඩොලර් බිලියන 36.4 ක් සහ ඩොලර් බිලියන 29.7 ක් වේ.
ඒවායින් හරි අඩක්ම self-service checkout හරහා අලෙවි වන බව පැවසේ.
ඒ අනුව මෙම සොරකම් හේතුවෙන් Woolworth හට ඩොලර් මිලියන 546 ක සහ Coles හට ඩොලර් මිලියන 445 ක දැවැන්ත පාඩුවක් සිදුවන බවද වාර්තා වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------