Bitcoin යනු ලොව පුරා භාවිතා වන ඩිජිටල් විනිමයකි. මෙය විමධ්‍යගත විනිමයක් වන අතර ඕනෑම අයෙකුට මෙය නිර්නාමිකව භාවිතා කල හැකියි. මේ නිසාම ISIS ත්‍රස්ත සංවිධානය වැනි ත්‍රස්තවාදී සංවිධාන තමන්ගේ මූල්‍ය අවශ්‍යයතා සඳහා Bitcoin භාවිතා කරයි. Bitcoin ක්‍රියාත්මක වන ආකාරය ගැන ඔබට සවිස්තරාත්මකව දැන ගත හැකියි.
SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
ISIS ත්‍රස්ත සංවිධානය විසින් ආධාර රැස්කරගැනීමට Bitcoin යොදාගෙන
ඊස්රායලේ පිහිටි Blockchain පිළිබඳ බුද්ධි ආයතනයක් වන Whitestream මඟින් අනාවරණය කර ගෙන තිබෙනුයේ ශ්‍රී ලංකා පාස්කු දින ප්‍රහාරයට පෙර දිනයේ දී විශාල Bitcoin ප්‍රමාණයක් ISIS ත්‍රස්ත සංවිධානය විසින් ආධාර රැස්කරගැනීමට යොදාගන්නා Bitcoin wallet වලට සංසරණය වූ බවයි.
Whitestream ආයතනය මඟින් සොයාගෙන තිබෙනුයේ ISIS ත්‍රස්ත සංවිධානයට ලැබෙන ආධාර මුදල් Bitcoin වලට හුවමාරු කරගැනීමට යොදාගන්නා ආයතනයක් වන CoinPayments හි Bitcoin ශේෂය බෝම්බ ප්‍රහාරයට පෙර දිනයේ දී විශාල ප්‍රමාණයකින් වැඩි වූ බවයි.
CoinPayments ආයතනයේ ප්‍රධාන Bitcoin wallet හි සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 500,000 පමණ වටිනාකමින් යුතු Bitcoin ශේෂයක් පවතින අතර පසුගිය අප්‍රේල් විසිවනදා වන විට එය ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක පමණ වටිනාකමින් යුතු විය. ඉන්පසුව බෝම්බ ප්‍රහාරය සිදුවූ දිනය වන විට Bitcoin ශේෂය නැවත ඇමරිකානු ඩොලර් 500,000 දක්වා බැස තිබුණි. පසුගිය මාස නවයදීම ඔවුන්ගේ සාමාන්‍ය දෛනික මාසික ශේෂය වූයේද ඇමරිකානු ඩොලර් 500,000 කි.
CoinPayments යනු කේමන් දූපත් වල ලියාපදිංචි කර ඇති වාණිජ සමාගමක් වන අතර එය කැනඩාවේ සිට ක්‍රියාත්මක වෙයි. මේ නිසා CoinPayments හි පාරිභෝගිකයන්ට අවහිරතාවකින් තොරව ඩොලර් ඩිජිටල් විනිමය වලට හුවමාරු කල හැකිය.

Source: Igor Kralj/PIXSELL
Bitcoin හා Blockchain සම්බන්ධව ඇති දත්ත යොදාගෙන Blockchain පරිශීලකයන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන මෘදුකාංගයක් Whitestream ආයතනයේ නිර්මාතෘන් වන Itsik Levy හා Uri Bornstein තනා තිබේ. මෙම මෘදුකාංගය නිර්මාණය කර තිබෙනුයේ මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවාදීන් මුදල් ඩිජිටල් විනිමය හරහා රැස් කිරීම වැළැක්වීමට ක්‍රියා කරන ආයතන වල භාවිතය සඳහායි.
තවදුරටත් Whitestream ආයතනය නිවේදනය කර සිටියේ, CoinPayment ආයතනය ත්‍රස්ත සංවිධාන හා සම්බන්ධ බවට එල්ල වූ පළමු චෝදනාව මෙය නොවන බවයි. පසුගිය පෙබරවාරි මාසයේ දී ඔවුන් Hamas ත්‍රස්ත සංවිධානය එකතු කල ආධාර CoinPayment ආයතන වෙත යොමු කරනවා නිරීක්ෂණය කර තිබෙයි. ත්‍රස්ත සංවිධානය විසින් එම මුදල් digital විනිමය බවට හුවමාරු කරගෙන ඇති බවට ඔවුන් සැක කරයි.
මේවනවිට Whitestream ආයතනය ත්‍රස්ත ක්‍රියා මැඩපැවැත්වීමට දායක වීම සඳහා ඊස්රායලහි ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ඇති ත්‍රස්ත ක්‍රියා සඳහා මුදල් රැස් කිරීම මැඩපැවැත්වීම සඳහා වූ ජාතික කවුන්සිලය සමග එකට වැඩ කරමින් සිටියි.

Source: Getty Images
ISIS ත්‍රස්ත සංවිධානය Bitcoin භාවිතා කරනා බව හසුකරගත් ආකාරය
Whitestream ආයතනයේ නිර්මාතෘවරයෙකු වන Itsik Levy විසින් ISIS ත්‍රස්ත සංවිධානයට අදාළ Bitcoin wallet හඳුනාගත් ආකාරය මෙසේ විස්තර කරයි....
පළමුව ඔවුන් විවිධ වේලාවන්හීදී ආධාර එකතුකිරීම සඳහා කිහිපවතාවක් යොදාගන්නා ලද Bitcoin address ලබා ගෙන ඉන් Bitcoin address දෙකක් ISIS ත්‍රස්ත සංවිධානයේ ආධාර එකතු කිරීම සඳහා වූ වෙබ් අඩවියේ තිබී තහවුරු කරගෙන තිබෙයි. එම Wallet තුල එවිට තිබුණේ ඩොලර් කිහිපයක් වුවද ISIS ත්‍රස්ත සංවිධානය සතුව CoinPayment ආයතනයේ Wallet ඇති බව ඉන් තහවුරු විය.
දැනට Whitestream ආයතනය උපකල්පනය කරනුයේ මෙවැනි CoinPayment ආයතන හා සම්බන්ධ Bitcoin address බොහොමයක් ISIS ත්‍රස්ත සංවිධානය සතුව ඇති බවයි. ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරයට පෙර දිනයේදී මෙම Bitcoin address තුල ඇමරිකානු ඩොලර් 9800 පමන වටිනා Bitcoin යොදා සිදුකල විශාල ගනුදෙනු දෙකක් ද ඔවුන් හඳුනාගෙන තිබෙයි.
Levy පවසනුයේ ළඟදීම ලෙබනනයේ Hezbollah වැනි සංවිධානද මුදල් එකතු කිරීම සඳහා ISIS ත්‍රස්ත සංවිධානය හා Hamas ත්‍රස්ත සංවිධානය සේ Bitcoin භාවිතා කරනු ඇති බවයි.
************************************************************************************************
SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
පෙ.ව 11 සිට 12 දක්වා (ඔස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඔස්ට්‍රේලියාවේ පමණි)
සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)
select radio 2 to listen live
සජීවීව ගුවන් විදුලියෙන්
(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm
ACT / 106.3fm – SA /93.3fm
QLD / 96.9fm - WA / 105.7fm
TAS / 100.9fm
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”
***********************************************************************************