පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටවල් 39කට වීසා ගාස්තු අය කිරීමකින් තොරව ලබා දීමට යෝජිතව තිබු on arrival වීසා ලබා දීම රටවල් 45 කට ලබා දීමට ශ්‍රී ලංකා රජය තීරණය කොට තිබේ. රජය මැයි 1 වැනිදා සිට මෙම වීසා ලබා දීමට යෝජනා කර තිබුනත් පාස්කු ඉරිදා ප්‍රහාර හේතුවෙන් ආරක්ෂාව මත එය කල් තැබිණ.
රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ අනුදැනුමෙන් මෙසේ මෙම වීසා ලබා දෙන රටවල් සංඛ්‍යාව වැඩි කොට ඇති බවයි.
මේ අනුව අගෝස්තු 1 වන දා සිට වීසා ගාස්තු අය කිරීමකින් තොරව මසක කාලයක් සඳහා On arrival වීසා ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කොට ඇත.
වාර්තා වන අන්දමට මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නැවත ඉක්මනින්ම යතා තත්වයට පත් වෙමින් පවතී. ලෝකයේ සාමාන්යෙන් ත්‍රස්ත ප්‍රහාරයකින් පසුව රටක් යතා තත්වයට පත් වීමට මාස 13 ක් පමණ ගත වන බව සදහන්.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති කිෂූ ගෝමස් මහතා ගේ වාර්තා අනුව මැයි මසදී 71% කින් අඩු වූ සංචාරකයන්ගේ පැමිණීම ජුලි මස 3වැනි සතිය වන විට 38%ක අඩුවීමක් දක්වා පහත බැස තිබේ.
ඔහු බලාපොරොත්තු වන්නේ තවත් මාස 4 කින් පමණ එය යතා තත්වයට පත් වනු ඇති බවයි.
මේ අතර රජය රුපියල් බිලියනයක සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවට ගුවන් ටිකට් පත් වල මිල අඩු කිරීමේ ක්රියාමාර්ගයක්ද ගැනීමට තීරණය කොට තිබේ.
එසේ On Arrival වීසා ලබා දෙන රටවල් මෙසේයි
1. Australia
2. Austria
3. Belgium
4. Bulgaria
5. Cambodia
6. Canada
7. China
8. Croatia
9. Cyprus
10. Czech Republic
11. Denmark
12. Estonia
13. Finland
14. France
15. Germany
16. Greece
17. Hungary
18. Iceland
19. India
20. Ireland
21. Italy
22. Japan
23. Latvia
24. Lithuania
25. Luxembourg
26. Malta
27. Malaysia
28. Netherlands
29. Norway
30. New Zealand
31. Philippines
32. Poland
33. Portugal
34. Romania
35. Russia
36. Singapore
37. Slovak Republic
38. Slovenia
39. South Korea
40. Spain
41. Sweden
42. Switzerland
43. Thailand
44. United Kingdom
45. United States of America

Source: SBS