ලෝකය අපවිත්‍ර කරන මෙන්ම ස්වභාවික පරිසරයට අතිශය හානි කරන ප්‍රධානම ද්‍රව්‍යක් ලෙස cigarette butts හෙවත් සිගරට් කොට හැඳින්වෙන බව ඔබ දන්නවාද?
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම ලොව ශාක වැඩීම මර්දනය කරන ප්‍රමුඛතම පරිසර දූෂක කාරකයක් ලෙස ද සිගරට් කොට හැඳින්වෙන බව ඔබ දන්නවාද?

Source: Flickr
ලෝකය පුරා ඉවත දමන සිගරට් කොට
ලෝකය පුරාම වසරකට ඉවත දමන සිගරට් කොට ප්‍රමාණය ට්‍රිලියන 4.5 ක් පමණ වන බව Daily Mail පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
එම ඉවත දමන සිගරට් කොට විසින් පැලෑටි විනාශ කරන බව ද වාර්තා වේ.
දශකයකට අධික කාලයක් පුරාවට ඒවා පසේ තැන්පත්වී ඇති නමුත් දිරා යාමකට ලක්නොවීම ඊට හේතුව ලෙස දැක්වෙයි.
සිගරට් කොට වල ඇති ප්ලාස්ටික් ෆිල්ටරය වැනි කොටස් හේතුවෙන් තණකොළ සහ උඳුපියලිය වැනි ශාක වල සාමාන්‍ය වැඩීම නතර කෙරෙන බව එක්සත් රාජධානියේ Anglia Ruskin විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයකින් හෙළිවී තිබේ.
ගංවතුරට හසුවූ තණ පිටට්නි සහ උද්‍යාන වල තණකොළ වැවීම සාමාන්‍ය තණ පිටට්නි සහ උද්‍යාන වල තණකොළ වැවීමට සාපේක්ෂව 10% ක අඩුවීමක් දක්නට ඇති බවත් ඒ හා සමාන හෝ ඊට වඩා වැඩි බලපෑමක් මෙම ප්ලාස්ටික් සිගරට් ෆිල්ටර් නිසා සිදුවන බවත් එම පර්යේෂකයෝ පවසති.

Source: Getty Images
සිගරට් කොට ඉකමණින් දිරා යන බව බොහෝ දෙනා සිතයි
සිගරට් කොට ඉකමණින් දිරා යන බව බොහෝ දෙනා සිතන බවත් එනිසාම ඒවා නිසි ලෙස බැහැර කිරීමට බොහෝ දෙනා උනන්දු නොවන බවත් Anglia Ruskin විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ මෙම පර්යේෂණයේ ප්‍රධාන කර්තෘ ආචාර්ය Dannielle Green පැවසීය.
සිගරට් ෆිල්ටර ජෛව ප්ලාස්ටික් වලින් නිර්මාණය කළ ඒවානම් එම ෆිල්ටර වසර කිහිපයකින් දිරායාමට ඉඩ ඇති නමුත් එසේ නොමැතිනම් ඒවා දශක කිහිපයක් යනතුරු දිරා නොයන බව ඔහු පැහැදිලි කළේය.
සිගරට් කොට ඉවත දැමීම සුළු කටයුත්තක් ලෙස කෙනෙකුට සිතෙන නමුත් එයින් දැවැන්ත පරිසර හානියක් සිදුවන බව ආචාර්ය Dannielle Green පැහැදිලි කළේය.
එනිසාම මේ පිළිබඳ ලෝකයේ ජනතාව දැනුවත් කිරීම අතිශය වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.
සිගරට් කොට නිසා සමුද්‍ර පරිසරයට හානි සිදුවන බව මීට ඉහතදී පර්යේෂකයින් සොයාගෙන තිබුණු අතර සමුද්‍ර පරිසරය ආශ්රිත කුරුළු විශේෂ වලටද ඒවායින් බලපෑම් සිදුවන බව සොයාගෙන තිබුණි.

Source: Flickr
ලෝකයේ දුම්කොළ භාවිතය සහ දුම්පානය
දුම්කොළ භාවිතය නිසා ලෝකයේ මිලියන 8 කට අධික පිරිසක් වසරකදී මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එයින් මිලියන 7 ක පමණ මරණ වලට හේතුව සෘජුව දුම්කොළ භාවිතය වන බවත් මිලියන 1.2 ක් පමණ වන මරණ වලට හේතුව අක්‍රීය දුම්පානය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
ලෝකයේ බිලියන 1.1 ක් පමණ වන දුම්පානය කරන්නන් අතරින් 80% ක් පමණ වාසය කරනුයේ අඩු සහ මධ්‍යම ආදායම් ලාභී රටවල බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා පවසයි.
එමෙන්ම ලොව වැඩිම දුම්පානය කරන රවටල් ත්‍රිත්වය ලෙස පිළිවෙලින් Andorra, Luxembourg සහ Belarus හැඳින්වෙයි.
ඔස්ට්‍රේලියාව එම ලැයිස්තුවේ සිටිනුයේ 75 වැනි ස්ථානයේය.

Source: SBS Sinhala