Cryptocurrency හෙවත් විවිධ ඩිජිටල් විනිමය ක්‍රමවේදයන් මේ වන විට ලොව පුරා ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
එවැනිවූ ඩිජිටල් විනිමය ක්‍රමවේදයන් සඳහා ආයෝජනය කරන පිරිස්ද දිනෙන් දින වර්ධනය වේ.
ඔස්ට්‍රේලියාවේද මෙම cryptocurrency අතිශය ජනප්‍රිය වී ඇති අතර මේ හරහා බොහෝ දෙනා අධික ලාභ ලබමින්ද පවතී.

Source: AAP
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අනතුරු අඟවයි.
Cryptocurrency වෙළෙඳාමේ යෙදෙන සියලුම ඔස්ට්‍රේලියානුවන් එයින් ලැබෙන ලාභය තම annual tax return හෙවත් වාර්ෂික බදු සැකැස්මේ දැක්විය යුතු බවට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අනතුරු අඟවයි.
මේ පිළිබඳව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පසුගිය සමයේදී කිහිප වරක්ම ඔස්ට්‍රේලියානු ජනතාවට සිහි කැඳවූ නමුත් බොහෝ දෙනා එය මග හරින බවක් පෙනෙන්නට තිබෙන බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ බදු කටයුතු සඳහා Bitcoin සහ අනෙකුත් cryptocurrency විනිමය ලෙස නොව දේපළ ලෙස සලකන බවත් ඒවා 2017 ජූලි මාසයෙන් පසුව විකුණන ලබන සෑම අවස්ථාවකදීම capital gains tax සඳහා වගකිව යුතු බවත් The Australian Financial Review වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ අතර යම් කිසි පුද්ගලයෙකු තම cryptocurrency අලෙවි කිරීමක් හෝ භාවිතා කිරීමක් හෝ නොකර මාස 12 කට වැඩි කාලයක් තබාගෙන සිටියහොත් ඔහුට capital gains tax වලදී 50% ක වට්ටමකට හිමිකම් කිව හැකි බවත් සඳහන්.
එමෙන්ම $10,000 ට වඩා අඩු පුද්ගලික භාවිතය සඳහා ඇති cryptocurrency වලට මෙම නීතිය අදාළ නොවේ.

Source: AP
Cryptocurrency හිමිකරුවන් බදු සටහන් කරන්නේ කෙසේද?
Cryptocurrency භාවිතා කරනු ලබන පුද්ගලයින් තම වාර්ෂික බදු සැකැස්ම සඳහා cryptocurrency වල ගනුදෙනු සටහන් කිරීම ඉතා පහසුවෙන් කළ හැකි බව ඔස්ට්‍රේලියානු බදු කාර්යයාලය පවසයි.
ඒ සඳහා පහත ප්‍රධාන කරුණු සටහන් කරගැනීම අත්‍යවශ්‍ය වේ.
- අදාළ ගනුදෙනු වල දින වකවානු.
- ඒවායේ වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් වලින්.
- අදාළ ගණුදෙනුවේ අරමුණ.
- ගණුදෙනුවේ අනෙක් පාර්ශවය කවුරුන්ද යන්න.

Source: SBS
Cryptocurrency
Cryptocurrency හෙවත් ඩිජිටල් විනිමය යනු ගණුදෙනු වලදී මුදල් ගෙවන ක්රමයකි.
මෙය සාමාන්‍ය භෞතික මුදල් වලට වඩා වෙනස් වන අතර මෙය භාවිත කළ හැක්කේ පරිගණක පද්ධති වල පමණි.
මෙම ක්‍රමය හේතුවෙන් මෙම මුදල් වලට කිසිදු භෞතික හානියක් සිදුකල නොහැකි වන අතරම ව්‍යාජ ලෙස මුදල් අච්චු ගැසීමටද නොහැකිවේ.
එමෙන්ම මෙය සම්පූර්ණයෙන්ම විමධ්‍යගත මුදල් වර්ගයක් වන අතර කිසිදු මධ්‍යම බැංකුවක් නොමැත.
Cryptocurrency වල ජනප්‍රියම මුදල් වර්ගය ලෙස Bitcoin හැඳින්වෙන අතර එය 2009 වසරේදී නිමවනු ලැබීය.
නමුත් එය නිමවුයේ කවුරුන් විසින්ද කුමන ආයතනයක් විසින්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.
Bitcoin වලට අමතරව මේ වනවිට විවිධ වර්ගයේ Cryptocurrency වර්ග 1300 ක් පමණ තිබෙන බව වාර්තා වේ.

Source: AAP
ලොව ජනප්‍රියම සහ ප්‍රධානතම Cryptocurrency 10
- Bitcoin
- Bitcoin cash
- Litecoin
- Dogecoin
- Ethereum
- BAT
- NEO
- Ripple XRP
- Stellar (XLM)
- Cardano (ADA)
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

ඔස්ට්‍රේලියානුවන් උන්මාද කරවන Boxing Day එකේ නොදැක්ක පැත්ත. (SBS සිංහල/වීඩියෝ)