ගුවන්තොටුපොළ ආරක්ෂක ක්‍රියා පටිපාටි ස්ථාපනය කර ඇත්තේ ගුවන් මගීන්ගේ ආරක්ෂාව උදෙසාය.
නමුත් ගුවන්තොටුපොළ ආරක්ෂක ක්‍රියා පටිපාටියේ හමුවන security trays හෙවත් ප්ලාස්ටික් ආරක්ෂිත තැටි වල වැසිකිලියකටත් වඩා විෂ බීජ අඩංගු බව නවතම සමීක්ෂණයක් පෙන්වා දී තිබේ.
වැඩි වශයෙන් විෂ බීජ අඩංගුව පවතින ස්ථාන ලෙස මේ වන විටත් අනතුරු අඟවා ඇති වැසිකිලි, නාන කාමර, සුරතල් සතුන්, පොදු ප්‍රවාහන සේවා වල ආසන, ගුවන් යානා කැබින් (airplane cabins) සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගොන්නට දැන් ගුවන්තොටුපොළ ආරක්ෂක ක්‍රියා පටිපාටියේ හමුවන ප්ලාස්ටික් ආරක්ෂිත තැටි ද ඇතුළත් වී තිබේ.

Source: Flickr
Security trays හෙවත් ප්ලාස්ටික් ආරක්ෂිත තැටි
ගුවන් තොටුපොළක රේගුව හරහා ඇතුල් වීමේදී මෙන්ම ගුවන් යානය වෙත යාමට පෙර පිවිසීමට ඇති අවසාන දොරටුවේදී මෙම Security trays හෙවත් ප්ලාස්ටික් ආරක්ෂිත තැටි ඔබට හමුවේ.
ඔබගේ අත් ඔරලෝසුව, ජංගම දුරකථන, බඳ පටි, ලැප් ටොප් පරිගණක, අතේ ගෙන යන ගමන් මළු, කාන්තා අත් බෑග, කබාය, පමණක් නොව සපත්තු පවා ස්කෑන් කිරීම උදෙසා එහිදී මෙම ආරක්ෂිත තැටි වලට බහාලීමට සිදුවේ.
යුරෝපයේ කරන ලද සමීක්ෂණයකට අනුව මෙම ආරක්ෂිත තැටි වල විවිධ වර්ගයේ විෂ බීජ අඩංගු බව සොයාගෙන ඇත.

Source: AAP
සමීක්ෂණය
එංගලන්තයේ Nottingham විශ්ව විද්‍යාලයේ සහ සෞඛ්‍ය හා සුබ සාධනය පිළිබඳ ෆින්ලන්ත ජාතික ආයතනයේ විද්‍යාඥයින් එකතුව මෙම සමීක්ෂණය සිදු කර තිබේ.
ෆින්ලන්තයේ Helsinki ගුවන් තොටුපොළේ 2016 වසරේ ශීත කාලයේදී මෙම සමීක්ෂණය ගුවන් තොටුපොළ කාර්ය බහුල වෙලාවේදී සහ ඉන් අනතුරුව සිදු කර ඇත.
එහිදී ඉන්ෆ්ලුවන්සා A වයිරසය ඇතුළු වයිරස කිහිපයක් හමුවී තිබේ.
ගමන් මළු සහිත ප්ලාස්ටික් ආරක්ෂිත තැටි වල මෙම වයිරස වැඩි වශයෙන් හමුවී ඇති අතර එම වයිරස ගුවන් තොටුපොළ වැසිකිළි වලදී පවා හමු නොවූ බව එම විද්‍යාඥයින් පවසා ඇත.
ලොව පුරා පැතිරී යන බෝවෙන රෝග වලට එරෙහිව සටන් කිරීම උදෙසා මෙම සොයාගැනීම් BMC Infectious Diseases ජර්නලයේ අදාළ විද්‍යාඥයින් විසින් පළ කර ඇති බවද සඳහන්.

Source: Flickr
විෂ බීජ සහ එදිනෙදා ජීවිතය
අප එදිනෙදා ජීවිතයේදී ස්පර්ශ කරනු ලබන සෑම මතුපිටකම/පෘෂ්ඨයකම විෂ බීජ අඩංගුව පවතින බවත් පොදු මහජනතාව ඒ පිළිබඳ දැනුවත් විය යුතු බවත් මෙම සමීක්ෂණය සිදු කළ Nottingham විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Jonathan Van-Tam පවසයි.
ඔබගේ ජංගම දුරකතනයේ පටන්, මුළුතැන්ගෙයි පිඟන් සෝදන kitchen sponges දක්වා මෙම විෂ බීජ එකලෙස පැතිරී ඇති බව ඔහු පෙන්වා දෙයි.
මහජනතාව පොදුවේ පරිහරණය කරන ස්ථාන වල විෂ බීජ පැවතීමේ සම්භාවිතාව ඉතා ඉහළ බවද ඔහු පවසයි.
අත් සේදීම, කහින විට අතින් හෝ ලේන්සුවකින් මුඛය වසා එය සිදු කිරීම වැනි හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් බොහෝ දුරට විෂ බීජ පැතිරී යාම අවම කරගත හැකි බවද මහාචාර්ය Jonathan Van-Tam පවසයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

වසර 2050 දී මෙල්බර්න් වල පොදු ප්‍රවාහන පද්ධතිය මෙන්න. (SBS සිංහල/වාර්තා)