ඕස්ට්‍රේලියානු සෙනට් සභාව විසින් රජයට යෝජනා කර ඇත්තේ වසර 2023 වන විට ඔස්ට්‍රේලියාව තුල ප්ලාස්ටික් ආහාර බඳුන්, බීම බට හා කොපි කෝප්ප හා chips කවර තහනම් කල යුතු බවයි . කසල ප්‍රතිචක්‍රීකරණය පිලිබඳ නවතම වාර්තාවක් නිසා මෙසේ එක වරක් පමණක් බාවිතා කල හැකි ප්ලාස්තික් ඇසුරුම් පිලිබද මේ නීතියක් ගෙන ඒමේ වැදගත්කම ඉස්මතුව තිබේ.
මෙම වාර්තාව ඉදිරිපත් කල කමිටුවේ ප්‍රධානී ග්‍රීන්ස් සෙනට් සභික Peter Whish-Wilson පවසන්නේ එක වරම නොවුනත් සෙමින් හෝ ඔස්ට්‍රේලියාව මෙසේ එක වරක් බාවිතා කල හැකි ප්ලාස්ටික් පරිහරණය නැවතිය යුතු බව. එවිට මුළු ලෝකය පුරා ඒ පිළිබද ඇති වී ඇති කතා බහට ඕස්ට්‍රේලියාවටත් එක් විය හැකි බවත් ඔහු පවසා තිබේ. විශේෂ පර්යේෂණ ආයතනයක් විසින් එම එක වරක් පාවිච්චි කරන ඇසුරුම් වෙනුවට පාවිච්චි කල හැකි විකල්ප පිළිබද කරුණු සොයමින් සිටී. එය මගින් බැලුන, බීම බට ආදිය වෙනුවෙන්ද විකල්ප සොයයි . මෙම ප්ලාස්ටික් ජල මාර්ග ඔස්සේ අවසානයේ සාගරයට එක් වීම වැලක්වීමට කටයුතු කල යුතු බව ඔහු පවසයි

Source: woolworths
චීනයේ තහනම
මේ අතර චීනය විසින් ඔස්ට්‍රෙලියාවෙන් එරටට ගෙන්වන ප්‍රතිචක්‍රීකරණ සදහා වන ද්‍රව්‍ය එහි ඇති දුෂක හේතුවෙන් තහනම් කොට තිබේ . මේ නිසා ඔස්ට්‍රේලියාවට එම ප්‍රතිචක්‍රීකරණය සදහා යවන ද්‍රව්‍ය කසල ලෙස ගොඩ ගැසීමටත් ඒ නිසා නිවැසියන්ගෙන් එම ගාස්තු කවුන්ස්සිල මගින් අය කිරීමටත් සිදුව තිබේ.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය පවසා ඇත්තේ ලබන වසර අග සිට ප්ලාස්ටික් මලු තහනම් කරන බවයි . මේ වන විට ජුනි 20 සිට woolworth සුපිරි වෙළද සල ප්ලාස්ටික් මලු තහනම් කර ඇති අතර coles ද එය සිදු කිරීමට නියමිතයි . ඒ නිසා ඔස්ට්‍රේලියාව තුල ප්‍රතිචක්‍රීකරන කරන ද්‍රව්‍ය වලට දුෂක අඩු වනු ඇති බවට බලාපොරොත්තු වේ.
Whish-Wilson මහතා පවසන්නේ ජනතාවට යම් සහනයක් ලබා නොදී මෙම බාවිතය නතර කිරීම අපහසු බව. දැනටමත් එසේ ප්‍රතිචක්‍රීකරණය සදහා NSW , NT හා දකුණු ඔස්ට්‍රේලියාවේ යම් ගාස්තු ගෙවන ක්‍රම තිබේ . සියලු ප්‍රාන්ත ඒ වෙත යොමු කල යුතු බවද ඔහු පවසයි