පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිගේ ඔස්ට්‍රේලියාවේ පිහිටි විහාරස්ථානය ලෙස සැලකෙන Berwick විහාරස්ථානයට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඩොලර් ලක්ෂ 5 ක මුල්‍ය ප්‍රතිපාදන ඊයේ දිනයේදී (07/02) ලබා දුන්නේය.
එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 6.5 ක් පමණ වේ.
Berwick විහාරස්ථානයේ ඉදිවන පුස්තකාලයට මෙන්ම අනෙකුත් ඉදිකිරීම් සඳහා මෙම මුදල් ලබා දුන් බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Source: Supplied by Danyal Syed
ඔස්ට්‍රේලියාවම එකමුතු කිරීමේ වත්මන් රජයේ වැඩපිළිවෙල යටතේ මෙම මුල්‍ය ප්‍රතිපාදන ලබා දුන් බවත් ඒ අනුව Berwick ප්‍රදේශයේ ප්‍රජා කණ්ඩායම් වල එකමුතු බව වර්ධනය වනු ඇති බවත් අගමැති මොරිසන් වැඩිදුරටත් පවසා තිබේ.
කලාපයේ වෙසෙන විවිධ ප්‍රජා කණ්ඩායම් වල සංස්කෘතීන් සහ අත්දැකීම් මෙම ස්ථානය හේතුවෙන් ඒකරාශී වනු ඇති බව La Trobe බල ප්‍රදේශයේ මන්ත්‍රී Jason Wood පැවසීය.

Source: Supplied by Danyal Syed
මෙම විහාරස්ථානයේ ඉදි කිරීම් සහ සංවර්ධන කටයුතු සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ඩොලර් ලක්ෂ 5 ට අමතරව වික්ටෝරියානු ප්‍රාන්ත රජයෙන් ඩොලර් 240,000 ක්ද හිමිවනු ඇත.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------