ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 8 කින් Medicare බද්ද ඉහළ දැමීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය 2017 වසරේ අය වැයේදී සිදු කළ යෝජනාව ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර තිබේ.
Medicare බද්ද ඉහළ දැමීමෙන් ඔස්ට්‍රේලියාවේ ජාතික ආබාධිත රක්ෂණ වැඩසටහන හෙවත් NDIS සඳහා ප්‍රතිපාදන සැපයීම මූලික අරමුණ වී තිබිණි.
මෙම අමතර ප්‍රතිපාදන NDIS සඳහා ලබා දීමට ඔස්ට්‍රේලියාවේ Medicare බද්ද තවත් 0.5% කින් ඉහළ දැමීමට රජය 2017 අය වැයේදී තීරණය කළේය.
නමුත් එම අමතර ඉහළ දැමීම අනවශ්‍ය බවට සාක්ෂි සහිතව පූර්ණ කරුණු ඉදිරිපත් කිරීමක් භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison විසින් අද (26/04) ඉදිරිපත් කිරීමට නියමිත වේ.
ඔස්ට්‍රේලියාවේ සමාගම් ලාභ, තාවකාලික බඩු භාණ්ඩ වල ඉහළ යාම සහ රැකියා උත්පාදනය ඉහළ යාම හේතුවෙන් පසුගිය පෙබරවාරි වන තෙක් දෙසැම්බර් මාසයේ ඇස්තමේන්තුගත කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 4.8 ක වාර්තාගත ආදයමක් රජයට ලැබී ඇති බව ඔහු පවසයි.

Treasurer Scott Morrison Source: AAP
Medicare බද්ද
වර්තමානය වන විට Medicare බද්ද 2% පවතින අතර එය 2.5% දක්වා 0.5% කින් ඉහළ දැමීමට 2017 වසරේ අය වැයේදී ටර්න්බුල් රජය යෝජනා කළේය.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සාමන්‍ය වැටුප් ලබන්නෙකු වසරකට අමතර බදු ලෙස ඩොලර් 375 ක් ගෙවීමට නියමිතව තිබුණි.

Source: ABC Australia
විපක්ෂය පුදුම නොවෙයි.
Medicare බද්ද ඉහළ නොදැමීමට ඔස්ට්‍රේලියානු රජය ගත් තීරණය පිළිබඳ තමන් පුදුම නොවන බව කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Anthony Albanese පවසයි.
එම වෙනස්කම් ඔස්ට්‍රේලියානුවන්ගේ අවශ්‍යතාවන්ට වඩා එහා ගිය ඒවා වීම ඊට හේතුව බව ඔහු Sky පුවත් සේවයට පැවසීය.

Source: AAP
Medicare ප්‍රතිලාභ
ඔස්ට්‍රේලියාව තුළ Medicare සෞඛ්‍ය රැකවරණය තිබීම බොහෝ ප්‍රතිලාභ අත්කර දෙයි.
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක බොහෝ සෞඛ්‍ය සේවාවන් නොමිලයේ හෝ අඩු මුදලකට ලබා ගැනීමට එමගින් ඔබට හැකි මෙන්ම බෙභෙත් වට්ටෝරු අඩු මුදලකට ලබා ගැනීම සහ රජයේ රෝහල්වල රෝහල්ගත වූ විට නොමිලයේ සාත්තු සේවා ද ලබා ගත හැකිය.
සුදුසුකම් ඇත්තේ කා හටද?
- Medicare කාඩ් පතක් ලබා ගැනීමට ඔබ ඔස්ට්‍රේලියාව තුළ වාසය කළ යුතුය.
- ඔස්ට්‍රේලියානු හෝ නවසීලන්ත පුරවැසියෙකු විය යුතුය.
- Returning residents ඇතුළුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි භාවය තිබිය යුතුය.
- ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට හැකි ස්ථිර වීසාවක් සඳහා අයදුම් කළ අයදුම්කරුවන්ට.
- ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය හෝ නවසීලන්ත පුරවැසිභාවය ඇති සහකරුවෙකු, දෙමාපියන් හෝ දරුවෙකු සිටිය යුතුය.
- අමාත්‍යංශයක නිර්දේශ ආවරණයක් මත.
- ඔස්ට්‍රේලියාව මත යැපෙන යම් විශේෂ දූපතක පදිංචි කරුවෙකු වීම.
ඊට අමතරව Reciprocal Care Agreement country හෙවත් අන්‍යෝන්‍ය සුරැකුම් උදෙසා ගිවිසුම් ගත රටකින් පැමිණි විට ද ඔබට Medicare සඳහා සුදුසුකම් ලැබිය හැකිය.
එක්සත් රාජධානිය, බෙල්ජියම,ඉතාලිය වැනි රටවල් 11 ක් මේ සඳහා අයත් වේ.

Source: AAP
නව සංක්‍රමණිකයින් Medicare සඳහා සුදුසුද ?
working-holiday හෝ ශිෂ්‍ය වීසා වල සිටින පුද්ගලයින් ට Medicare පහසුකම ලබා ගත නොහැකිය.
එවන් පුද්ගලයින් පුද්ගලික සෞඛ්‍ය ආවරණයක් ලබා ගැනීම අතිශය වැදගත් බව Grattan ආයතනයේ Stephen Duckett නිර්දේශ කරයි.
"Medicare යනු ඔස්ට්‍රේලියානු පුරවැසියනට හා ස්ථිර උදෙසා ඇති සෞඛ්‍ය පහසුකම් පිළිබඳ ගිවිසුමකි. ඔබ ඔස්ට්‍රේලියාවට පැමිණි නව සංක්‍රමනිකයෙක් නම් ඔබේ වීසා මත Medicare පහසුකම ඇතිද නැතිද යන්න තීරණය වෙයි. Medicare නොමැතිනම් ඔබේ සෞඛ්‍ය වියදම් යම් තාක් දුරකට හෝ ආවරණය කරගැනීමට ඔබට පුද්ගලික සෞඛ්‍ය රැකවරණයක් තිබීම වැදගත්." බව Stephen Duckett පෙන්වා දෙයි.
ඔබ Medicare පහසුකම නොමැති ඔස්ට්‍රේලියාවට පැමිණි සරණාගතයෙකු නම් ඔබේ සෞඛ්‍ය වියදම් ආවරණය කරන ක්‍රම පිළිබඳ ඔබට මග පෙන්වන්න Asylum Seeker Resource Centre වැනි සංවිධාන ද තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------