Tourism Australia වලට අනුව 2018 මැයි මාසයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල පැවැත්වෙන ප්‍රධානතම සහ ජනප්‍රියතම උත්සව පහත පරිදි වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
Vivid Sydney (මැයි 25 - ජුනි 16)
සිඩ්නි නුවර පැවැත්වෙන දැවැන්තම විදුලි ආලෝක රටා මවන සැණකෙළිය ලෙස Vivid Sydneyහඳුන්වන අතර එය මේ වසරේ මැයි 25 සිට ජුනි 16 දක්වා පැවැත්වේ.
2008 වසරේ ආරාම්භ වූ මෙය මෙවර දසවන සංවත්සරය සැමරීමද විශේෂත්වයකි.
වාර්ෂිකව පවත්වනු ලබන මෙම සැණකෙළිය සඳහා මිලියන 2.3 කට අධික සංචාරකයින් ප්‍රමාණයක් සෑම වසරකම ආකර්ශණීය කර ගන්නා බව වාර්තා වේ.
Sydney Opera House, Customs House, the Museum of Contemporary Art සහ Taronga Zoo යන ස්ථාන නේක විධ වර්ණ වලින් මෙහිදී හැඩ ගැන්වෙනු ඇත.

Source: Flickr
Sydney Comedy Festival (අප්‍රේල් 23 - මැයි 20)
සිඩ්නි නුවර වාර්ෂිකව පැවැත්වෙන Sydney Comedy Festival මෙවරත් අප්‍රේල් 23 සිට මැයි 20 දක්වා පැවැත්වේ.
Sydney Comedy Festival Gala සහ Cracker Night යනුවෙන් එහි ප්‍රධාන අංග 2 ක් ඇතුළත් වේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ ජාත්‍යන්තර විකට ශිල්පීන් රැසක් මේ සඳහා සහභාගී වේ.

Source: Flickr
Northern Territory
A Taste of Kakadu (මැයි 18 – 27)
Kakadu ජාතික වනෝද්‍යානයේදී පැවැත්වෙන මෙම ආහාර උත්සවයේදී පරම්පරා දහස් ගණනක් පැරණි ඔස්ට්රේලිය්නු දේශීය ජනතාවගේ ආහාර අත්දකින්නට ඔබට හැකියාව ලැබේ.
දින 10 ක් පුරාවට පැවත්වෙන මෙම උත්සවයේදී ආහාර රස බැලීමට පමණක් නොව ඒවා පිසින ආකාරයත් දැක බලා ගැනීමට හැකියාව ලැබේ.

Source: SBS
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
Noosa Food & Wine Festival (මැයි 17 – 20)
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පැවැත්වෙන දැවැන්තම ආහාර සහ වයින් සැණකෙළි වලින් එකක් ලෙස Noosa Food & Wine Festival හැඳින්විය හැකිය.
මෙය මැයි 17 සිට 20 දක්වා Noosa ප්‍රදේශයේදී පැවත්වෙන අතර විවධ ආහාර සහ ඔස්ට්‍රේලියානු වයින් වර්ග රස විඳීමට ඔබට අවස්ථාව සැලසේ.

Source: Flickr
වික්ටෝරියා ප්‍රාන්තය
The Great Ocean Road Marathon (මැයි 19 – 20)
වික්ටෝරියානු ප්‍රාන්තයේ Great Ocean මාර්ගය ඔස්සේ පැවැත්වෙන මෙම මැරතන් ඉසව්ව සඳහා ඔස්ට්‍රේලියාවේ පමණක් නොව ඔස්ට්‍රේලියාවේ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වේ.
කිලෝ මීටර් 1.5 ත් 45 ත් අතර දුරකට විහිදෙන මෙම මැරතන් ඉසව්වේ මාර්ගය Great Ocean මාර්ගය දෙපස ඇති මනස්කාන්ත දර්ශන මැදින් වැටී තිබේ.
--------------------------------------------------------------------------------------------------------

Source: Flickr
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------