රුසියාවේ මේ දිනවල පැවැත්වෙන 2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ 15 වන දිනය අවසාන වන විට A හා B, C හා D මෙන්ම E හා F, G හා H ඛාණ්ඩ වලින් පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 තීරණය වී ඇත.
ඒ අනුව ඊයේ (28/06) දිනය අවසාන වන විට G ඛාණ්ඩයෙන් බෙලජියම සහ එංගලන්තයත් H ඛාණ්ඩයෙන් ජපානය සහ කොලොම්බියාවත් පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබුවේය.
පා පන්දු ලෝක කුසලානයේ 15 වන දිනයේ තරග සාරාංශය මෙසේය.

Source: Wikipedia
ජපානය - පෝලන්තය
H ඛාණ්ඩය යටතේ ජපානය හා පෝලන්තය අතර ඊයේ පැවති පළමු වටයේ තරගයේදී පෝලන්තය විසින් ජපානය ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් කළද එතෙක් ලබා තිබු ප්‍රසාද ලකුණු හා ගෝල සංඛ්‍යාව මත ජපානය පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබුවේය.
ඒ අනුව ජපානය පිළිමලුන් පිටු දකින වටයේදී බෙල්ජියම සමග ජූලි 02 වන දින තරග වදිනු ඇත.
Image
සෙනිගාලය - කොලොම්බියාව
H ඛාණ්ඩය යටතේ ඊයේ පැවති අනෙක් තරගයේදී සෙනිගාලය ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් කිරීමට කොලොම්බියාව සමත්වීමත් සමග ඔවුන්ද අවසාන 16 දෙනා අතරට තේරී පත් විය.
ඒ අනුව කොලොම්බියාව පිළිමලුන් පිටු දකින වටයේදී එංගලන්තය සමග ජූලි 03 වන දින තරග වදිනු ඇත.
Image
එංගලන්තය - බෙල්ජියම
G ඛාණ්ඩය යටතේ එංගලන්තය හා බෙල්ජියම අතර ඊයේ පැවති පළමු වටයේ තරගයේදී බෙල්ජියම විසින් එංගලන්තය ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් කළද එතෙක් ලබා තිබු ප්‍රසාද ලකුණු හා ගෝල සංඛ්‍යාව මත දෙපිළම පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබුවේය.

Source: SBS
පැනමා - ටියුනීසියාව
G ඛාණ්ඩය යටතේ ඊයේ පැවති අනෙක් තරගයේදී පැනමාව ගෝල 2-1 ක් ලෙස පරාජයට පත් කිරීමට ටියුනීසියාව සමත් විය.
නමුත් මෙම කණ්ඩායම් ද්විත්වයම පිළිමලුන් පිටු දකින වටයට සුදුසුකම් ලැබීමට අසමත් විය.
Image
2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලිය - පිළිමලුන් පිටු දකින වටය
2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ පිළිමලුන් පිටු දකින වටය හෙටින් (30/06) ආරම්භ වීයි.
පිළිමලුන් පිටු දකින වටයට කණ්ඩායම් 16 ක් තේරී පත්වී ඇති අතර මෙම වටයේදී තරග 8 ක් ක්‍රියාත්මක වේ.
පිළිමලුන් පිටු දකින වටයේදී අදාළ තරග 8 ක්‍රියාත්මක වන්නේ පහත අයුරිනි.

Source: FIFA