මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයට පසුව වැඩිම ප්‍රේක්ෂක අවධානය දිනාගත් තරගය ඊයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර එංගලන්තයේ Old Trafford ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
ක්‍රිකට් ලොවේ සාම්ප්‍රදායික පස මිතුරන් ලෙස හැඳින්වෙන ඉන්දියාව සහ පකිස්තානය අතර මෙම තරගය පැවැත්වුණේ මෙවර තරගාවලියේ පළමු වටයේ 22 වන තරගය ලෙසය.
එහිදී ඩක්වත් සහ ලුවිස් ක්‍රමයට පාකිස්තානය පරදා ලකුණු 89 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනූ පාකිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 කට ලකණු 336 ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.
එහිදී ඉන්දියාව වෙනුවෙන් Rohit Sharma අගනා ලකුණු 140 ක් ලබාගත් අතර නායක Virat Kohli ලකුණු 77 ක් ලබාගත්තේය.
තරගයට වර්ෂාව බාධාවක් වීම හේතුවෙන් ඩක්වත් සහ ලුවිස් ක්‍රමයට අනුව පාකිස්තානයට පන්දුවාර 40 කදී ජයග්‍රාහී ඉලක්කය ලෙස ලකුණු 302 ක් ලබාගැනීමට සිදුවිය.
නමුත් නියමිත පන්දුවාර 40 තුළදී පාකිස්තානය ලබාගත්තේ කඩුලු 6 කට ලකුණු 212 ක් පමණි.
ඒ අනුව එම තරගය ලකුණු 89 කින් ජයගැනීමට ඉන්දියාව සමත් විය.
ලෝක කුසලාන ඉතිහාසයේ මේ දක්වා ඉන්දියාව සහ පකිස්තානය අතර තරග 7 ක් පවත්වා ඇති අතර එම තරග 7 ම ජයගැනීමට ඉන්දියාව සමත් වී තිබේ.
තරගයේ වීරයා සම්මානය ඉන්දීය කණ්ඩායමේ Rohit Sharma හට හිමිවිය.
එක් දින ලකුණු 11,000 වෙත ළඟාවූ වේගවත්ම ක්‍රීඩකයා බවට කෝලි පත්වෙයි
ඊයේ ලබාගත් ලකුණු 77 ත් සමග ලොව එක් දින ලකුණු 11,000 වෙත ළඟාවූ වේගවත්ම ක්‍රීඩකයා බවට ඉන්දීය නායක Virat Kohli ඊයේ පත්විය.
ඒ අනුව Kohli එක් දින ඉනිම 222 කදී ලකුණු 11,000 සීමාව පසු කළ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඉන්දීය සුපිරි පිතිකරු Sachin Tendulkar ය.
ඔහු එක් දින ලකුණු 11,000 සීමාව පසුකළේ එක් දින ඉනිම 276 කදීය.
නමුත් ලොව වැඩිම එක් දින ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමේ වාර්තාව තවමත් හිමිව ඇත්තේ Sachin Tendulkar හටය.
ඔහු සිය එක් දින තරග දිවියේ ලකුණු 18,426 ක් ලබාගත්තේය.

Source: Facebook
ප්‍රසාද ලකුණු සටහන
ඉන්දු - පාකිස්තානු තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.
මේ අතර අද දිනයේ කොදෙව් දූපත් සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වීමට නියමිතය.

Source: Google
එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.

Source: SBS Sinhala