ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනයාට අමතකම නොවන නඩු තීන්දුවක් ලබා දී අදට වසර 28 ක් සපිරෙයි.
සවන්දෙන්න SBS සිංහල සේවයට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
එම නඩු තීන්දුව Mabo decision නමින් හඳුන්වන අතර එනිසාම සෑම වසරකම ජුනි 03 වන දින Mabo Day හෙවත් Mabo දිනය නමින් ඔස්ට්‍රේලියාව තුළ සැමරෙයි.

Uluru, also known as Ayres Rock Source: AAP
Mabo decision හෙවත් Mabo නඩු තීන්දුව
ඉංග්‍රීසි ජාතිකයින් ඔස්ට්‍රේලියාවට ගොඩබැස එය අල්ලා ගත් පසු වසර 1992 තෙක් මෙම භූමිය Terra nullius හෙවත් කිසිවෙකුට අයත් නොවූ භූමියක් හෙවත් නිජ භූමියක් ලෙස සලකනු ලැබිණි.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනයා වූ ඇබොර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන්ට ඔස්ට්‍රේලියානු භූමියට හිමිකම් කීමට නීතියෙන් ඉඩ නොලැබුණි.
එනිසාම මෙම භූමියේ ඉඩම් අයිතියක් ඔවුන් සතු නොවීය.
නමුත් මෙම අසාධාරණයට විශාල අරගලයක් කිරීමට ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනයා පටන් ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1992 වසරේ ජුනි 03 වන දින මෙම භූමියට Terra nullius නීතිය අදාළ නොවන බවටත් ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනයාට මෙහි මූලික හිමිකම ඇති බවටත් ඔස්ට්‍රේලියාවේ ඉහළ අධිකරණය තීන්දුවක් නිකුත් කළේය.
එම නඩු තීන්දුව Mabo decision හෙවත් Mabo නඩු තීන්දුව ලෙස ප්‍රසිද්ධ විය.

Eddie Mabo with his legal team. Source: SBS
ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට ඉඩම් අයිතිය ලබා දුන් Mabo
ඉහත නඩු තීන්දුව Mabo නඩු තීන්දුව ලෙස ප්‍රසිද්ධ වුයේ මෙම අරගලයට මූලිකත්වය ලබා දුන් Eddie Koiki Mabo නිසාය.
ඔහු ටෝරස් දූපත් වාසියෙකු විය.
1936 ජුනි 26 වන දින උපත ලැබූ ඔහු ඔස්ට්‍රේලියාවට ආදේශ කළ Terra nullius නීතිය ඉවත් කිරීමට සහ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට ඉඩම් අයිතිය ලබාදීමට සිදුකළ අරගලයට නායකත්වය සැපයුවේය.
ඔහු මෙම අරගලය වසර 10 ක් පුරාවට සිදුකරගෙන ගිය අතර අවාසනාවකට මෙන් ඉහළ අධිකරණයේ අවසන් නඩු තීන්දුව ලබාදීමට පෙර එනම් 1992 වසරේ ජනවාරි 21 වන දින මිය ගියේය.
ඔහුගේ එම මෙහෙවර අගය කරනු වස්, මෙම නඩු තීන්දුව Mabo නඩු තීන්දුව ලෙසත් ජුනි 03 වන දින Mabo දිනය ලෙසත් ප්‍රසිද්ධ කෙරිණි.

Eddie Mabo. Source: SBS
ස්වදේශික ජනයා වෙනුවෙන් තව බොහෝ දේ කිරීමට ඇත
National Native Title Tribunal වලට අනුව 1992 පටන් මේ දක්වා ස්වදේශික ජනයාට ඇති ඉඩම් හිමිකම් පිළිබඳ නිර්ණය කිරීම් 496 ක් සිදුකර තිබේ.
National Native Title Tribunal යනු ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනයා වූ ඇබොර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන් ගේ අයිතිවාසිකම් සනාථ කරන ස්වාධීන ආයතනයකි.
එය 1993 වසරේ සම්මත කරගත් Native Title පනතින් පිහිටුවන ලද එකකි.
Mabo තීන්දුව ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ අද්විතීය නඩු තීන්දුවක් බව National Native Title Council හි ප්‍රධාන විධායක නිලධාරී Jamie Lowe පැවසුවේය.
නමුත් මෙම ස්වදේශික ඉඩම් නිර්ණය කිරීමේ ක්‍රියාවලිය ස්වදේශික කණ්ඩායම් වෙත පවරාගැනීම ඉතා අසීරු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
එහිදී බොහෝ විට පැරණි සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදුවන අතරේ අධිකරණ ක්‍රියාවලියද සැලකිය යුතු ලෙස දීර්ග එකක් වන බව Jamie Lowe පැවසුවේය.
ස්වදේශික ජනයාට මෙම භූමියේ ඉඩම් හිමිකම ඇතැයි ප්‍රකාශ කළ නඩු තීන්දුව ලබාදී වසර 30 කට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් ඒ සම්බන්ධව තව බොහෝ දේ කිරීමට ඇති බව National Native Title Council හි ප්‍රධාන විධායක නිලධාරී Jamie Lowe, SBS පුවත් සේවයට පැවසුවේය.

Source: SBS Sinhala