මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 32 වන තරගය ලෙස ඊයේ (25/06) Lord's හිදී ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 64 ක ජයක් අත්කරගත්තේය.
කාසියේ වාසිය දිනූ එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 කට ලකුණු 285 ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.
එහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් නායක Aaron Finch ලකුණු 100 ක් ලබාගත් අතර David Warner ලකුණු 53 ක් ලබාගත්තේය.
ජයග්‍රාහී ලකුණු 286 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 4 කදී ලකුණු 221 කට සියලු දෙනාම දවාගැනීමට ඔස්ට්‍රේලියාවට හැකි විය.
එහිදී Jason Behrendorff ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කඩුලු 5 ක් ලබාගත් අතර තරගයේ වීරයා සම්මානය Aaron Finch හිමි කරගත්තේය.
මේ ජයග්‍රහණයත් සමග ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 12 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වූවා සේම ඔවුන් අවසන් පූර්ව වටයට ද සුදුසුකම් ලැබීය.
ප්‍රසාද ලකුණු සටහන
මේ තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.
මේ අතර අද දිනයේ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය පැවැත්වීමට නියමිතය.

Source: ICC/Facebook
එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.