NAIDOC යන වචනය සැදී තිබෙන්නේ National Aborigines and Islanders Day Observance Committee යන සංවිධානයේ නමින් . මෙය ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ප්‍රජාවට ඉතා වැදගත් දිනයක් ලෙසට සැලකිය හැකියි. මෙම සතියේ එම ප්‍රජාවන්හි සංස්කෘතිය, උරුමය, ඉතිහාසය හා සන්හින්දියාව සැමරීමත් එය අනෙක් ඕස්ට්‍රේලියානුවන් හා බෙදා ගැනීමත් සිදු වේ. මෙම සතිය සෑම වසරකම ජුලි මාසයේ පළමු හා දෙවැනි ඉරිදා අතර යෙදේ .NAIDOC සතිය වෙනුවෙන් රට පුරා කළා නිර්මාණ , සංස්කෘතික වැඩමුළු , ළමා ක්‍රියාකාරකම් ආදී දේ සිදුවේ.
NAIDOC තේමාවන්
සෑම වසරකම NAIDOC කමිටුව විසින් තේමාවක් තෝරා ගනු ලබන අතර මේවා දේශපාලනික , සාමාජීය, සංස්කෘතික කරුණු හා reaty, Sacred Sites, Cultural revival is Survival, the Tent Embassy, Bringing Them Home, the Yirrkala Bark Petitions, පවුල , White Australia has a Black history,වැනි තේමාවන්ගෙන් හා දිරිමත් බව ආදී කරුණුද වේ.
සෑම වසරකම ඒ සදහා පෝස්ටරයක් නිර්මාණය වන අතර එය ජාතික තරගයකින් තෝරා ගැනේ . මෙවර තේමාව වන්නේ Voice, Treaty, Truth.මෙවර ජයග්‍රහණය කර ඇත්තේ Kaurna/Narungga නිර්මානකාරිනියක වන Charmaine Mumbulla විසින් .
NAIDOC Ball හා NAIDOC සම්මාන
මෙම සතිය ජාතික වශයෙන් සැමරුවත් සෑම වසරකම එය එක් නගරයක ප්‍රධානව සමරන අතර NAIDOC සම්මාන පිරිනැමීමද සිදුවේ. මෙවර එය කැන්බරා හි පැවැත්වේ. NAIDOC ball උත්සවය ජුලි 6 වැනිදා පැවැත්වින.
NAIDOC සම්මාන පහත අංශ සදහා ලබා දේ
Lifetime Achievement Award
Person of the Year
Female Elder of the Year
Male Elder of the Year
Caring for Country Award
Youth of the Year
Artist of the Year
Scholar of the Year
Apprentice of the Year
NAIDOC ඉතිහාසය
මෙම සතිය සැමරීම 1950 දශකයේ ආරම්භ වී ඇති නමුත් 1938 day of mourning නම් දිනය මෙයට ආසන්නව බලපෑ ඇත. 1940 සිට 1954 දක්වා ඕස්ට්‍රේලියා දිනට පෙර ඉරිදා mourning දිනය හෝ aborigines day යනුවෙන් ද එය හඳුන්වා තිබේ. 1955 දී එය ජුලි මස ප්‍රථම ඉරිදාට යොදා එදිනට විරෝදතා වෙනුවට සැමරීම් සදහා වෙනස් කොට තිබේ. නමුත් තවමත් ජනවාරි 26 වැනිදා ඕස්ට්‍රේලියා දිනය බොහෝ දෙනා day of mourning හෙවත් ශෝක දිනයක් ලෙසට සදහන් කරයි.
ඉන්පසු 1956 දී ජුලි මස දෙවැනි ඉරිදා ආදිවාසි සැමරුම් දිනයක් ලෙස වෙන් වූ අතර එමගින් NAIDOC සතිය සදහා දිනයට මග පෑදී තිබේ. National Aboriginal and Islander Day Observance Committee එක පත් කොට ඇත්තේ 1974 වන අතර එයට aboriginal වන හා නොවන සාමාජිකයන් අයත් විය. එම වසරේ එම වසරේ සිට NAIDOC දිනය සතියක් පුරා සැමරීම ආරම්භ විය. වසර 1989 සිට එය NAIDOC week යනුවෙන් ලැබීම ආරම්භ විය.
මෙම සතිය තුලදී විවිධ council මගින් හා වෙනත් රජයේ ආයතන මගින් aboriginal හා torres strait ධජය ඔසවා තැබීම සිදු කෙරේ.

Source: SBS