පාස්කු දින ප්‍රහාරයේ මොළකරු වන Zahran Hashim මෑතකදී ඉන්දීයාවේ සංචාරය කල බවට සාක්ෂි නැතැයි ඉන්දියානු බලධාරීන් පවසති.
SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (Free download)
පසුගිය සතියේදී ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා Zahran Hashim මීට පෙර ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය සහ වෙනත් නගර වල සංචාරය කල බව පැවසුවේය. රටේ අනෙකුත් ඉහල තනතුරු දරන ආරක්ෂක නිලධාරීන්ද පවසා සිටියේ Hashim ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් ඉන්දියාවේ බෙන්ගලුරු, කශ්මීරය හා කේරළ ප්‍රාන්තයේ පෙදෙස් වල 2018 වසරේ අගභාගයේ දී සංචාරය කල බවයි.
නමුත් ඉන්දියානු බලධාරීන් පවසනුයේ ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා මේ සම්බන්ධ කිසිදු තොරතුරක් ඔවුන් හට දන්වා නැති බවයි.
වර්තමානයේ සිදුවෙන මෙම පරීක්ෂණ වල සංවේදීතාව හේතුවෙන් නම පල කිරීමට අකමැති ඉන්දියානු බලධාරීයෙකු පවසා සිටියේ මෙම ප්රකාශනයන්හී සාවද්‍ය බව නිර්ණයට ඔවුන් වැඩිදුර තොරතුරු සොයනා බවයි. වැඩිදුරටත් ඔහු සඳහන් කළේ පාස්කු දින ප්‍රහාරයේ සැකකරුවන් හා සම්බන්ධ මෙම ප්‍රකාශය බොහෝ දුරට සාක්ෂි මත පදනම් නොවූවක් විය හැකි බවයි. කෙසේවුවද ඉන්දීය වාර්තා වලින් අනාවරණය වී තිබෙනුයේ පාස්කු දින ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙකු වන Insaf Ibrahim හා Ilham Ibrahim ව්‍යාපාරික වීසා මාර්ගයෙන් 2012 වසරේදී ඉන්දියාවට ඇතුළු වී ඇති බවයි. මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ ප්රමුඛ කුළු බඩු ව්‍යාපාරිකයෙකුගේ පුතුන් දෙදෙනෙකුද වෙයි. ආරංචි මාර්ග වලට අනුව සැකකරුවන් දෙදෙනාගේ පවුල හා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය අතර දිගුකාලීන වෙළඳ සබඳතා ද තිබී ඇත.
ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රහාරයට වගකිවයුත්තන් ලෙස දේශීය ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් තුනක් නම් කර ඇති අතර එම ප්‍රහාරය සඳහා වගකීම භාරගෙන ඇති IS ත්‍රස්ත සංවිදානය හා ඔවුන් අතර තිබිය හැකි සබඳතා පරීක්ෂකයින් සොයමින් සිටියි.
ආරක්ෂක සේවා වලට අනුව පාස්කු දින බෝම්බ ප්‍රහාරකයන් හා IS ත්‍රස්ත සංවිදානය අතර පුරුක ලෙස කටයුතු කර ඇත්තේ බෝම්බ ප්‍රහාරකයකු වන Abdul Lathief Jameel Mohamed ය.
බි්රතාන්යයේ BBC මාධ්‍ය ජාලයට අදහස් දක්වමින් ආරක්ෂක නිලධාරියෙකු පවසා සිටියේ Mohamed එංගලන්තය තුල සිටියදී සම්පූර්ණයෙන්ම අන්තවාදී අදහස් දැරූ බවයි. එවැනි මාර්ගයකට ඔහු යොමු වීම පිළිබඳව විමසූ විට Mohamed පවසා ඇත්තේ තමන් බි්රතාන්යහි සිටින අන්තවාදී අදහස් පතුරවන දේවගැතිකෙනෙකු වන Anjem Choudary ගේ දේශන වලට සවන්දුන් බවයි. ඔහුගේ දේශන අතර තුරදී මෙම දේවගැතිතුමාව තමන් හමුවූ බවද Mohamed පවසා තිබෙයි.

Anjem Choudary Source: DANIEL LEAL-OLIVAS/AFP/Getty Images
බි්රතාන්ය රජය මගින් Choudary විසින් මෙහෙයවූ Al-Muhajiroun සංවිධානය 2005 වසරේ එරට සිදුවූ ප්‍රහාරයෙන් පසු තහනම් කර තිබෙයි. නමුත් මෙම සංවිධානය අදටත් වෙනත් නම් යටතේ ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.
බි්රතාන්යයේ ලන්ඩන් පාලමේ ත්‍රස්ත ප්රහාරකයන්න් වන Khuram Butt, Michael Adebolajo සහ Michael Adebowale යන අයව මොහු අන්තවාදී අදහස් වලින් පෝෂණය කල බවද සඳහන් වෙයි.
Abdul Lathief Jameel Mohamed තම උපාධිය 2006 -2007 යන වසර වලදී එක්සත් රාජධානියේ Kingston විශ්වවිද්‍යාලයෙන් හදාරා පශ්චාත් උපාධිය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර හැදෑරු බව බි්රතාන්යයේ ත්‍රස්තවදී ක්‍රියා වැලැක්වීමේ නිලධාරීන් සොයගෙන තිබෙයි.
නමුත් මීට පෙර සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී Abdul ගේ නැගණිය වන Samsul Hidaya පවසා සිටියේ ඔහු ඉහළ අධ්‍යාපනයක් ලැබූ අයෙක් වුවද අන්තවාදී අදහස් දැරීමත් සමඟම වෙනස් පුද්ගලයෙකු බවට පත් වූ බවයි. ඇය පවසා සිටියේ Abdul අධයාපන කටයුතු සඳහා බි්රතාන්යයට සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ගිය බව හා එහි සිට පැමිණිමෙන් අනතුරුවද සාමාන්‍ය පුදගලයෙකු ලැස කටයුතු කල බවයි. නමුත් ඔහු තම පශ්චාත් උපාධිය ඔස්ට්‍රේලියාව තුල හදාරා ශ්‍රී ලංකාවට පැමිණියේ වෙනස් පුද්ගලයෙකු ලෙස බව ඇය පැවසුවාය.

Source: SBS Sinhala