මේ සතියේ සිට ඕස්ට්‍රේලියානු සේවා යෝජකයින් යම් සංක්‍රමණිකයෙකු සේවයට බදවා ගැනීමේ අවශ්‍යතාවය මත අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ නම් අදාල සේවා යෝජකයා හට Skilling Australia Fund (SAF) levy නම් නව බද්දක් ගෙවීමට සිදු වන බව සදහන්.
අදාල නව නීතිය මේ වසරේ මැයි මාසයේදී පාර්ලිමේන්තුව තුල අනුමත වූ අතර, ඒ අනුව අගෝස්තු 12 දා සිට අදාල නීතිය ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි. මෙම නව නීතිය ඕස්ට්‍රේලියානු ව්‍යාපාර සහ විශ්වවිද්‍යාල වැනි ආයතන වලටද බලපානු ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි. මෙම බදු මුදල් මගින් ලැබෙන අදායම ඕස්ට්‍රේලියානුවන්ගේ කුසලතා වර්ධනය සදහා Skilling Australians Fund නම් අරමුදල වෙත යොමු කරන බව ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් SBS ඉතාලි භාෂා වැඩසටහන අංශයට ප්‍රකාශ කර තිබේ.
තාවකාලික ශ්‍රමික වීසා සහ ස්ථිර පදිංචි ශ්‍රමික වීසා යන කාණ්ඩ දෙකටම බදු

Skilled migration Australia Source: qantara.com.au
සංක්‍රමණික ශ්‍රමිකයින් තම ශ්‍රම බලකායට එක් කරගැනීමට කැමැත්තක් දක්වන සේවා යෝජකයින්ට මෙම එතරම් සුභදායි තත්වයක් නොවන බව සංක්‍රමණික ඒජන්තවරුන් පවසනවා.
මේ පිළිබද වැඩි දුර තොරතුරු ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ පහත වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.