වාහනයක් අතර මගදී අනතුරකට ලක්වූ විට සහශ්රකයේ උපන් තරුණ තරුණියන් කුමක් කරයිද?
වාහන සම්බන්ධ දැනුම සහ වාහනයේ කාර්මික දෝෂ පිළිබඳ මෙන්ම අතරමගදී දෝෂ හේතුවෙන් වාහන නතර වූ විට සහශ්රකයේ උපන් තරුණ තරුණියන් ගන්නා ක්‍රියාමාර්ග සහ ඔවුන්ගේ දැනුම පිළිබඳ නවතම සමීක්ෂණයක් සිදුකර තිබේ.

Source: AP
වාහන දෝෂ සහ සහශ්රකයේ තරුණ තරුණියන්
අතර මගදී වාහනයේ යම් දෝෂයක් ඇතිවූ විට හෝ ටයරයක් මාරු කිරීමට සිදුවූ විට වාහනයේ ටයර් මාරු කිරීම පිළිබඳ හෝ ඒ සඳහා ඇති උපකරණ කට්ටලය පිළිබඳ සහශ්රකයේ තරුණ තරුණියන් සුළු පිරිසක් පමණක් දැන සිටින බව news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
එමෙන්ම තමන්ට අනතුරක් සිදුවූ විට හෝ වාහනයේ දෝෂයක් සිදුවී අතරමග වාහනය නැවතුණු විට හෝ ඒවාට නිසි පිළියම් යොදනවා විනා බොහෝ තරුණ තරුණියන් එම සිදුවීම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කිරීම් සිදුකරන බව එම සමීක්ෂණය අනාවරණය කරයි.
විශේෂයෙන්ම වයස අවුරදු 25 ට අඩු තරුණ තරුණියන් එවැනි සිද්ධීන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කිරීම ඉතා ඉහළ සම්භාවිතාවකින් සිදුකරන බව හෙළිවී තිබේ.
මේ අතර එවැනි අනතුරකදී හෝ හදිසි අවස්ථාවකදී හෝ ක්‍රියා කළ යුතු ආකාරය මෙන්ම අනුගමනය කළ යුතු පියවර පිළිබඳ සහශ්රකයේ තරුණ තරුණියන් බොහොමයකට අවබෝධයක් නොමැති බවද එහිදී අනාවරණය වී ඇත.

Source: Flickr
වාහන සහ මාර්ග ආරක්ෂණය පිළිබඳ අවබෝධය
ඔස්ට්‍රේලියාවේ මාර්ග වල සිදුවන අනතුරු සහ වාහන දෝෂ වලට බහුල වශයෙන් ගොදුරු වන්නේ තරුණ රියදුරන් බව සඳහන්.
එමෙන්ම වාහන සහ මාර්ග ආරක්ෂණය පිළිබඳ ඔවුන් බොහෝ දෙනෙකුගේ අවබෝධයද ඉතා අවම මට්ටමක පවතින බව වාර්තා වේ.
මේ අතර වාහනයක් මාර්ගයට යොමු කිරීමට පෙර සාමන්‍යයෙන් සිදුකරන මූලික පරීක්ෂාවන් පවා බොහෝ තරුණ තරුණියන් සිදු නොකරන බවත් බහුතරයක් දෙනා එවැනි මූලික පරීක්ෂාවන් සිදුකරන්නේ කෙලෙසද කියා නොදන්නා බවත් ඔවුන් පවසයි.
වාහනයේ ටයර් පරීක්ෂාව, එන්ජිමේ තෙල් පරීක්ෂාව, ඉන්ධන මට්ටම පරීක්ෂාව මෙන්ම බැටරිය සහ වාහනයේ විදුලි ලාම්පු පරීක්ෂාව එවැනි මූලික පරීක්ෂාවන් අතර ප්‍රධාන ස්ථානයක් ගනී.
ඔස්ට්‍රේලියාවේ සෑම වයස අවුරුදු 25 ට අඩු තරුණ තරුණියන් 4 දෙනෙකුගෙන් 3 දෙනෙකුම පදවන්නේ අවම වශයෙන් දශකයකටත් වඩා පැරණි මෝටර් රථ බවත් ඒවායේ මූලික පරීක්ෂාවන් සිදුකරන අයුරු පිළිබඳ ඔවුන්ගෙන් බහුතරයකට දැනීමක් නොමැති බවත් Driver Safety Australia පෙන්වා දෙයි.
වාහනයේ ඇති warning light මගින් වාහනයේ ඇතිවන සියලු දෝෂ පෙන්වා දෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරන බවද ඔවුන් පවසයි.
වාහනයේ headlight එකක් හෝ windscreen wiper එකක් කැඩුණු විට ඒවා නැවත සාදාගැනීම බොහෝ තරුණ තරුණියන් අතපසු කරන නමුත් තම යහළුවන් සමග අධික මුදල් වියදම් කරමින් ආහාර ගැනීමට ඔවුන් පෙළඹෙන බවද ඔවුන් පැහැදිලි කරයි.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------