මධ්‍යම ප්‍රමාණයේ හැම්, බේකන් සහ රතු මස්, බඩවැල් පිළිකා ඇතිවීමට සම්බන්ධයක් දක්වන බව සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
ඔස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවල බොහෝ පුද්ගලයින් හැම්, බේකන් සහ රතු මස් තම ප්‍රධාන ආහාර වේල් සඳහා එක් කරගැනීම ඉතා සුලබ සිදුවීමක් බැවින් මේ පිළිබඳ මනා අවධානයක් දක්වන ලෙසට ඔවුන් පවසා තිබේ.
SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (Free download)
හැම්, බේකන් සහ රතු මස්
මස් ඉතා හොඳ ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ සපයන ආහාර වර්ගයක් නිසා දිනකට ගත යුතු අවම රතු මස් සහ සකස් කරන ලද මස් ප්‍රමාණය ග්‍රෑම් 70 ක් පමණ විය යුතු බව බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය මීට ඉහතදී පවසා තිබුණි.
නමුත් රතු මස් සහ සකස් කරන ලද මස් ඉතා සුළු ප්‍රමාණ වලින් වුවද ආහාරයට ගත්තද ඔවුන්ට බඩවැල් පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙන බව එක්සත් රාජාධානියේ පිළිකා පර්යේෂණායතනය සිදුකළ අධ්‍යනයකදී පෙනී ගොස් තිබේ.
සලාමි, බේකන් සහ හැම් වැනි ඉතා ජනප්‍රිය සකස් කරන ලද මස් වර්ග අනුභව කිරීමෙන් බඩවැල් පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවත් හරක් මස්, බැටළු මස් සහ ඌරු මස් වැනි රතු මස් වැඩියෙන් අනුභව කිරීමෙන්ද එම අවදානම පවතින බව ලෝක පිළිකා පර්යේෂණ අරමුදල පවසයි.

Source: Flickr
පිළිකා අධ්‍යනය
වසංගත අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ජර්නලයේ ප්‍රකාශයට පත් කළ නව අධ්‍යන තොරතුරු වලට අනුව මේ සඳහා වයස අවුරුදු 40 ත් 69 ත් අතර පුද්ගලයින් 475,581 යොදාගෙන තිබුණි.
ඔවුන් සියල්ලන්ගේම ආහාර රටා මෙන්ම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වසර පහමාරක් පමණ අධීක්ෂණය කර තිබේ.
එම කාල සීමාව තුළ ඉහත සංඛ්‍යාවෙන් පුද්ගලයින් 2,609 කට බඩවැල් පිළිකා ඇතිවී ඇති බව හෙළිවිය.
සකස් කරන ලද මස් දිනකට ග්‍රෑම් 21 ක් පමණ ආහාරයට ගන්නා පුද්ගලයින්ට වඩා සකස් කරන ලද මස් දිනකට ග්‍රෑම් 76 ක් පමණ ආහාරයට ගන්නා පුද්ගලයින්ට බඩවැල් පිළිකා ඇතිවීමේ අවදානම 20% කින් ඉහළ බව එහිදී පෙනීගොස් තිබුණි.
එමෙන්ම රතු මස් දිනකට ග්‍රෑම් 8 ක් පමණ ආහාරයට ගන්නා පුද්ගලයින්ට වඩා රතු මස් දිනකට ග්‍රෑම් 54 ක් පමණ ආහාරයට ගන්නා පුද්ගලයින්ට බඩවැල් පිළිකා ඇතිවීමේ අවදානම 15% කින් ඉහළ බව එහිදී පෙනීගොස් තිබුණි.
නමුත් එම අධ්‍යනයේදී තවත් සුබදායී නිරීක්ෂණයක් ද වාර්තා විය.
තමන්ගේ උදෑසන ආහාරයට අධික තන්තු සහිත පාන් සහ සීරියල් වැනි ආහාර ගන්නා පුද්ගලයින්ට තමන්ගේ බඩවැල් පිළිකා අවදානම 14% කින් පමණ අඩු කරගැනීමට හැකි බව එහිදී අනාවරණය විය.
තම ජීවිත කාලය තුළදී සෑම පිරිමින් 15 දෙනෙකුගෙන් එක් අයෙකුටම සහ සෑම කාන්තාවන් 18 දෙනෙකුගෙන් එක් අයෙකුටම බඩවැල් පිළිකා වැළඳෙන බව සොයාගෙන ඇත.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------