තමන්ගේ බලශක්ති බිල්පත් ගාස්තු අඩු කිරීම වෙනුවට ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය පහත හෙලීමට බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන්ට අවශ්‍ය වී තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම පර්යේෂණ හා සමීක්ෂණ ආයතනයක් වන Lowy ආයතනයේ නවතම සමීක්ෂණයකදී මෙම තොරතුරු හෙළිවී තිබේ.

Source: AAP
ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය පහත හෙලීම
පසුගිය සතියේදී නිකුත් කළ Lowy ආයතනයේ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය පහත හෙලීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ප්‍රමුඛතම කාර්යයක් විය යුතු බවට ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් 47% ක ප්‍රතිශතයකට ඉල්ලයි.
එමෙන්ම තමන්ගේ නිවෙස් වල බලශක්ති ගාස්තු අඩු කරන ලෙසට 38% ක ඔස්ට්‍රේලියානුවාසීන් ඉල්ලා තිබේ.
මේ අතර තවත් 15% කගේ අදහස වී තිබුණේ විදුලිය විසන්ධි නොවී නොකඩවා විදුලිය සැපයීම පිළිබඳව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රමුඛත්වය සැපයිය යුතු බවය.

Source: AAP
ඔස්ට්‍රේලියානුවාසීන්ගේ වයස් ඛාණ්ඩ අනුව බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳ මත
ඔස්ට්‍රේලියානුවාසීන්ගේ වයස් ඛාණ්ඩ අනුව බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳ දරන මත වෙනස් බවද මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
වයස අවුරුදු 18 ත් 44ත් අතරේ පසුවන පුද්ගලයින්ගෙන් 62% ක් විශ්වාස කරනුයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රමුඛත්වයක් ලබා දිය යුත්තේ ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය පහත හෙලීමට බවය.
එම මතය දරනු ලබන වයස අවුරුදු 45 ට වැඩි පිරිස 33% ක ප්‍රතිශතයකි.

Source: SBS
ඔස්ට්‍රේලියාවට ඇති ප්‍රධානතම තර්ජනය
ඉදිරි දශකය තුළ ඔස්ට්‍රේලියාවට ඇති ප්‍රධානතම තර්ජනය දේශගුණික විපර්යාසය බව මෙවර සමීක්ෂණයේදී හෙළිවීම වඩා සුවිශේෂී කරුණක් විය.
දේශගුණික විපර්යාස පිළිබඳ ඔස්ට්‍රේලියනුවන් දැඩි අවධානයකින් පසුවන බව ඉන් පෙනී යයි.
ඒ අනුව ඔස්ට්‍රේලියාවට ඇති ප්‍රධානතම තර්ජනය දේශගුණික විපර්යාසය බවට මෙවර සමීක්ෂණයේදී 65% ක ප්‍රතිශතයක් ප්‍රකාශ කර ඇත.
එම ප්‍රමාණය පසුගිය වසරේදී 59% ක් ව පැවති බවත් 2014 වසරේදී 18% ක්ව පැවති බවත් වාර්තා වේ.
මේ අතර Lowy ආයතනයේ නවතම වාර්ෂික සමීක්ෂණය සඳහා ඔස්ට්‍රේලියාවට තර්ජනයක් එල්ලවීමට වඩාත්ම ඉහළ සම්භාවිතාවක් ඇති තර්ජන 12 ක ලැයිස්තුවක් ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබාදී තිබේ.
එහිදී වැඩිහිටියන්ගෙන් 64% ක්ම ඔස්ට්‍රේලියාවට ඇති විශාලතම තර්ජනය ලෙස දක්වා ඇත්තේ ද දේශගුණික විපර්යාසය බව සඳහන්.
ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ වෙනත් රටවලින් ඔස්ට්‍රේලියාවට එල්ලවිය හැකි සයිබර් ප්‍රහාර ය.
ජාත්‍යන්තර ත්‍රස්තවාදය මෙම තර්ජන ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්වන විට උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩසටහන එහි සිව්වන ස්ථානයට පත්ව ඇත.

Source: SBS Sinhala