ගුවන් ගමනකදී මගීන් හට භාවිත කිරීමට ඇති පහසුකම් සහ උපකරණ අනෙක් ප්‍රවාහන මාධ්‍යන්ට අනුව සීමිතය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
නමුත් ඇතැම් ගුවන් මගීන් ගුවන් ගමනකදී විවිධ වූ සේවාවන් හා පහසුකම් ගුවන් කාර්යය මණ්ඩලයෙන් ඉල්ලා සිටියි.

Source: Flickr
ගුවන් මගීන්ගේ අසාමාන්‍ය ඉල්ලීම්
ගුවන් යානයක දැනට තිබෙන උපකරණ සහ අංග වලට අමතරව තවත් කුමන ආකාරයේ සේවාවන් සහ උපකරණ අවශ්‍යද යන ප්‍රශ්නය පසුගියදා Qantas ගුවන් සේවය තම ගුවන් මගීන්ගෙන් විමසා සිටියේය.
Qantas යනු ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වේ.
එහිදී අදාළ ගුවන් මගීන් විවිධ ඉල්ලීම් සිදුකර තිබුණේ පහත අයුරිනි.

Source: Flickr
ව්‍යායාම් කරන ස්ථානයක්
ඇතැම් ගුවන් ගමන් ඉතා දිගු ඒවා බැවින් එකම ඉරියව්වකින් සිටීම ඉතා අපහසු නිසා ගුවන් යානයේ ව්‍යායාම කිරීමට ස්ථානයක් තිබෙනවා නම් ඉතා හොඳ යයි බොහෝ ගුවන් මගීන් යෝජනා කර තිබේ.
ව්‍යායාම් බයිසිකල් එකක් හෝ stretching කිරීමට වෙන්වූ ඉඩක් අවම වශයෙන් හෝ තිබීම වඩා යෝග්‍ය බව ඔවුන්ගේ අදහස විය.
මනස සන්සුන්ව තබාගැනීමට ස්ථානයක්.
ගුවන් යානය තුළ මනස සහ කය සන්සුන්ව තබා ගැනීමට ස්ථානයක් බොහෝ දෙනා ඉල්ලා තිබේ.
එමෙන්ම අවම වශයෙන් තම ගුවන් මගී අසුනේ සිටම හෝ ශ්‍රව්‍ය මාධයෙන් මනස සන්සුන් කරගැනීමට අදාළ සංගීත ඛණ්ඩ සැපයීමද කම් නොමැති බව ඔවුන් පවසා ඇත.

Source: SBS
හොඳ කන් යොමු
පිටතින් ශබ්දය පැමිණීම වළක්වන උසස් තත්ත්වයේ headphones හෙවත් කන් යොමු ගුවන් යානයේදී ලබා දෙන ලෙස බහුතරයක් ගුවන් මගීහු පවසා සිටියහ.
බොහෝ ගුවන් යානා වල මෙවැනි ඉතා උසස් තත්ත්වයේ headphones ලබා දෙන්නේ ව්‍යාපාරික පන්තියේ මගීන්ට පමණි.
අවන්හලක්
ගුවන් යානයේ ආහාර ලබා දෙන නමුත් ඇතැම් විට එම ආහාර ලබා දෙන වේලාවේදී ඔබට කුස ගිනි නොදැනෙනු ඇත.
එනිසාම ඔබට අවශ්‍ය වේලාවට ආහාර ගැනීම සඳහා ගුවන් යානය තුළ අවන්හලක්ද තිබීම අවශ්‍ය බව බොහෝ දෙනා පවසා තිබේ.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------