ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් පිළිබඳ නවතම දත්ත ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
එයට අනුව පසුගිය වසරේදී මිලියන 7 ක පමණ සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ වාසය කරන බව අනාවරණය වී තිබේ.

Source: AAP
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්
සාමන්‍යයෙන් ඔස්ට්‍රේලියාවට වැඩිපුරම සංක්‍රමණිකයින් පැමිණෙන්නේ සහ ඔස්ට්‍රේලියාවේ සිටින සංක්‍රමණිකයින් බහුතරයක් පැමිණ ඇත්තේ ආසියානු රටවලින් බවට ප්‍රසිද්ධ මතයක් පවතී.
නමුත් මෙවර ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත වලට අනුව එය එසේ නොවන බවත් සැවොම පුදුම කරවන සුළු පිළිතුරක් එහිදී ලැබුණු බවත් වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයින්ගෙන් බහුතරයක් එංගලන්තයෙන් පැමිණි අය බවත් එම සංඛ්‍යාව 992,000 ක් පමණ වන බවත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේඔස්ට්රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කරයි.
එම සංඛ්‍යාව සමස්ත ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 4% ක් වන බවද සඳහන්.
නමුත් ඔස්ට්‍රේලියානු දේශපාලනයේදී මේ කරුණ පිළිබඳ බොහෝ සෙයින් අවධානයට ලක් නොවන බවත් එම අවධානය ආසියානු රටවලට එල්ල වන බවත් පොදුවේ පෙනෙන්නට තිබේ.

Source: AAP
බහුතරයක් සංක්‍රමණිකයින් පැමිණි රටවල
ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයින්ගෙන් බහුතරයක් එංගලන්තයෙන් පැමිණි අය වන අතර මෙම ලයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ චීනයටය.
පසුගිය වසර වන විට චීනයෙන් සංක්‍රමණිකයින් 651,000 ක් පමණ ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර එය සමස්ත ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 2.6% කි.
ඉන්දියාව, නවසීලන්තය, පිලිපීනය, වියට්නාමය, දකුණු අප්‍රිකාව, ඉතාලිය, මැලේසියාව සහ ස්කොට්ලන්තය එම ලැයිස්තුවේ සෙසු රටවල් වෙයි.
ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් මිලියන 18 ක් පමණ ජනතාව ඔස්ට්‍රේලියාවේ ඉපිද ඇති අතර 2018 වන විට ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 29% ක් පමණ විදේශයන්හි උපත ලබා ඇති බවද වාර්තා වේ.

Source: AAP
එංගලන්ත සංක්‍රමණිකයින් වැඩිවීම පුදුමයට කරුණක් නොවෙයි.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්ගෙන් බහුතරයක් එංගලන්ත සංක්‍රමණිකයින් වීම පුදුමයට කරුණක් නොවන බව Federation of Ethnic Communities' Councils of Australia (FECCA) සංවිධනයේ ප්‍රධාන විධායක නිලධාරී Mohammad Al-Khafaji, SBS පුවත් වෙත පැවසීය.
අතීතයේ ඔස්ට්‍රේලියානු සංක්‍රමණික ප්‍රතිපත්ති එංගලන්තයට වැඩි නැඹුරුතාවක් දැක්වීම ඊට හේතුව බව ඔහු පෙන්වා දෙයි.
නමුත් මේ වන විට ආසියානු සහ මැදපෙරදිග කලාප වල සංක්‍රමණිකයින් ද වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාවට ඇදී ඒමට පටන්ගෙන තිබීම සුබදායී කරුණක් බව ද ඔහු පැහැදිලි කළේය.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------
Read & Watch More

ඕස්ට්‍රේලියානු මැතිවරණ ක්‍රමය පිළිබද ඔබ දැනුවත්ද ? (SBS සිංහල /වාර්තා)