2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (09/06) පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 36 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනූ ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 කට ලකණු 352 ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.
එහිදී ඉන්දියාව වෙනුවෙන් ශිකර් ධවාන් අගනා ලකුණු 117 ක් ලබාගත් අතර එය ඔහුගේ එක් දින තරග ජීවිතයේ 17 වන ශතකය ලෙස වාර්තා විය.
ඊට අමතරව නායක විරාත් කෝලි ලකුණු 82 ක්ද හර්දික් පාන්ඩයා ලකුණු 48 ක් ලබාගත්තේය.
ජයග්‍රාහී ලකුණු 353 ක ඉලක්කයක් හඹා යාමට පිළිතුරු ඉනිම ඇරැඹු ඔස්ට්‍රේලියාවට නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 316 කි.
ඒ අනුව එම තරගයෙන් ලකුණු 36 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
තරගයේ වීරයා සම්මානය ඉන්දීය කණ්ඩායමේ ශිකර් ධවාන් හට හිමිවිය.
මේ තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.
මේ අතර අද දිනයේ බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව අතර තරගය පැවැත්වීමට නියමිතය.

Source: ICC
එම තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වේ.