ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරවලින් තුනෙන් එකකට පමණ කාර්ය මණ්ඩලය සොයා ගැනීමේ දුෂ්කරතා පවතින බව හෙළිවෙයි.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම වාර්තාවක් මේ බව අනාවරණය කර ඇත.
Highlights
- ප්‍රචාරණය කරන ලද තනතුරු සඳහා අයදුම්පත් නොමැතිකම හා අයදුම් කරන පුද්ගලයින් තුළ අදාළ කුසලතා නොමැතිකම ඊට ප්‍රධාන හේතු බව පෙනී ගොස් ඇත.
- මෙම අපහසුතාවට බලපාන සාධක ප්‍රධාන ඛාණ්ඩ තුනක් යටතේ හඳුනාගැනීමට ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සමත්වී සිටියි.
- ගොඩනැගිලි ඉදිකිරීම් ආශ්‍රිත සේවකයින්, ලිපිකරුවන්, කම්කරුවන්, අලෙවි කාර්ය මණ්ඩලය සහ hospitality සේවකයින් සොයා ගැනීමට ඔස්ට්‍රේලියාව තුළ මේ වන විට දැඩි අපහසු තත්ත්වයක් ඇත.
ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරවලින් තුනෙන් එකකට කාර්ය මණ්ඩල ගැටළු
ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරවලින් තුනෙන් එකකට පමණ තම රාජකාරී කරගැනීමට කාර්ය මණ්ඩලය සොයා ගැනීමේ දුෂ්කරතා පවතින බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
ප්‍රචාරණය කරන ලද තනතුරු සඳහා අයදුම්පත් නොමැතිකම හා අයදුම් කරන පුද්ගලයින් තුළ අදාළ කුසලතා නොමැතිකම ඊට ප්‍රධාන හේතු බව පෙනී ගොස් ඇත.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ජුනි මාසය සඳහා වන ව්‍යාපාරික තත්ත්වයන් සඳහා කරන ලද සමීක්ෂණයේදී මෙම දත්ත හෙළිවී තිබේ.
සුදුසුකම් ලත් ගොඩනැගිලි ඉදිකිරීම් ආශ්‍රිත සේවකයින්, ලිපිකරුවන්, කම්කරුවන්, අලෙවි කාර්ය මණ්ඩලය සහ hospitality ක්ෂේත්‍රයේ සේවකයින් සොයා ගැනීමට ඔස්ට්‍රේලියාව තුළ මේ වන විට දැඩි අපහසු තත්ත්වයක් ඇති බව එහිදී අනාවරණය විය.
Source: AAP
සුදුසු සේවකයින් සොයා ගැනීමේ අපහසුතාවට බලපාන සාධක
ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර සඳහා සුදුසු සේවකයින් සොයා ගැනීමේ අපහසුතාවට බලපාන සාධක ප්‍රධාන ඛාණ්ඩ තුනක් යටතේ හඳුනාගැනීමට ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සමත්වී සිටියි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ඒවා පහත පරිදි වේ.
ශ්‍රම සැපයුම් සාධක
- රැකියා අයදුම්කරුවන් නොමැතිකම
- අයදුම්කරුවන්ට අදාළ පළපුරුද්ද හෝ සුදුසුකම් නොමැතිකම
බාහිර සාධක
- අවිනිශ්චිත ආර්ථික තත්ත්වයන්
රැකියා සාධක
- වැටුප් කොන්දේසි
- රැකියා ස්ථානය
- රැකියා කරන දින සහ වේලාවන්
- පිරිනමන රැකියා වර්ගය
- වෙනත් රැකියා කොන්දේසි

Factors impacting ability to find suitable staff Source: ABS
සමීක්ෂණයෙන් හෙළිවූ වෙනත් කරුණු
මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල මගින් ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර මෙහෙයුම් වියදම්වල සමස්ත වෙනස්කම් පිළිබඳ තොරතුරු ද සපයයි.
2022 ජුනි මාසයේදී, ව්‍යාපාරවලින් අඩකට ආසන්න ප්‍රමාණයක (46%) ඔවුන්ගේ මෙහෙයුම් වියදම් පෙර මාසයට වඩා වැඩි විය.
මෙය 2021 ජුනි (21%) හා සසඳන විට දෙගුණයකටත් වඩා වැඩිය.
මේ අතර ඉදිරි මාසය සලකා බලන විට, ව්‍යාපාරවලින් 44% ක් සිය මෙහෙයුම් වියදම් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරයි.