2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (01/06) පැවති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කරගැනීමට නවසීලන්තය සමත් විය.
කාසියේ වාසිය දිනූ නවසීලන්තය, ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 29 යි පන්දු 2 කදී ලකුණු 136 කට දවාගන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් විය.
පිළිතුරු ඉනිම ඇරඹු නවසීලන්තය පන්දු වාර 16 යි එක් පන්දුවකදී කිසිවෙකු නොදැවී ලකුණු 137 ක් ලබා තරගයේ ජය සනිටුහන් කළේය.
මෙම තරගයේ තණතිල්ල තණකොළ සහිත තණතිල්ලක් වූ බැවින් කාසියේ වාසිය ඉතාමත් තීරණාත්මක එකක් විය.
එහි තීරණාත්මක බව පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න පැවසුවේ මෙවැනි අදහසකි.

Source: Getty Images Europe
ශ්‍රී ලංකාවේ දුර්වලතා
මෙම තරගයේ දිමුත් කරුණාරත්න හැරුණු විට ශ්‍රී ලංකා පිළේ සෙසු පිතිකරුවන් සියලුදෙනාම ඉතා දුර්වල පිතිකරණයක නිරත වීමේ ප්‍රතිඵලය හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම තරගයේ දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදුවිය.
නායක දිමුත් පමණක් නොදැවී ලකුණු 52 ක් පමණක් ලබාගෙන ඉනිම අවසන් වනතුරු කඩුල්ලේ රැදී සිටියේය.
ලෝක කුසලාන තරගාවලියකදී ආරම්භක පිතිකරුවෙකු තරගයක් අවසාන වනතුරු කඩුල්ලේ නොදැවී රැදී සිටි 3 වන අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ.
එමෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගෙන්ද නවසීලන්ත පිතිකරුවන් හට කිසිදු පීඩනයක් එල්ල නොවීම ශ්‍රී ලංකා පන්දු යවන්නන් ගේ දුර්වල පන්දු යැවීම මැනවින් පෙන්නුම් කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස නවසීලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ඉතා පහසුවෙන් ජයග්‍රාහී ලකුණු 137 ඉලක්කය පසුකරමින් තරගයේ ජය සනිටුහන් කළේය.
ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ දුර්වලතා මෙම තරගයට බලපෑ අයුරු පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න පැවසුවේ මෙවැනි අදහසකි.

Source: Getty Images Europe
තරගයේ විශේෂ සිදුවීම්
මෙම තරගයේ විශේෂ සිදුවීම් කිහිපයක්ම තරගය අතරතුර සිදුවිය.
එම විශේෂ සිදුවීම් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න පැහැදිලි කළේ මේ අයුරිනි.

Source: Getty Images
ඊළඟ තරගයට ශ්‍රී ලංකාව කෙසේ සූදානම් විය යුතුද?
ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය ඇෆ්ගනිස්තානය සමග එළඹෙන ජුනි 04 වන දින පැවැත්වේ.
ඇෆ්ගනිස්තානය එක් දින ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාවට වඩා පහලින් සිටින නමුත් ඔවුන්ගේ දක්ෂතා ශ්‍රී ලංකාවට වඩා ඉහළ මට්ටමක් පවතී.
ඒ අනුව එම තරගයට මුහුණ දීමට ශ්‍රී ලංකාව කෙසේ සූදානම් විය යුතුද? ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න පැහැදිලි කළේ මේ අයුරිනි.

Source: SBS Sinhala