ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා ඛාණ්ඩ වල වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය සහ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ අයදුම්පත් සලකා බැලීමේ කාලය හෙවත් Global visa and citizenship processing times සෑම මාසයකටම වරක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා යාවත්කාලීන කරයි.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
අයදුම්පත් ඉතා සුළු ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති ඔස්ට්‍රේලියානු වීසා සහ පෙර පැවති එහෙත් තවදුරටත් අලුතින් අයදුම්පත් සලකා නොබැලෙන ඔස්ට්‍රේලියානු වීසා වලට අදාළ සැකසුම් කාලය (processing time) මෙහිදී නිරූපනය නොකරන බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.

Impact of COVID-19 on global visa and citizenship processing times Source: SBS
Global visa and citizenship processing times
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලයන් දෙකක් දක්වා ඇත.
- 75% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය
- 90% ක අයදුම්පත් සලකා බැලීමේ කාලය
සෑම මසකම මෙම වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය වෙනස් විය හැකි බවත් ඊට පහත සඳහන් ප්‍රධාන හේතු බලපෑ හැකි බවත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
- ඒ ඒ වීසා ඛාණ්ඩ සඳහා යොමු කළ අයදුම්පත් සංඛ්‍යාව
- වසරේ උච්ඡතම සහ උච්ඡතම නොවන කාල සීමාව (seasonal peaks)
- සංකීර්ණ අයදුම්පත්
- අසම්පූර්ණ අයදුම්පත්
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා ඛාණ්ඩ වල සහ පුරවැසිභාව අයදුම්පත් වල සලකා බැලීමේ කාලය පසුගිය දෙසැම්බර් 19 වන දිනට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පහත අයුරින්ය.
සංචාරක වීසා

Source: SBS Sinhala
රැකියා සහ නිපුණතා වීසා

Source: SBS Sinhala
ශිෂ්‍ය වීසා

Source: SBS Sinhala
පවුල් සහ සහකාර වීසා

Source: SBS Sinhala
ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ කාලය

Source: Home Affairs
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

වසර 10 කට පසුව ඔස්ට්‍රේලියානු ඩොලරය වාර්තාගත ලෙස පහත බසී.