2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (21/06) පැවති තරගයෙන් ලකුණු 20 ක විශිෂ්ඨ ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිතවූ පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 කට ලකුණු 232 ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85 ක් ලබාගත් අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 49 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 46 ක ලබගත්තෝය.
ජයග්‍රාහී ලකුණු 233 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 47 කදී ලකුණු 212 කට දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
ශ්‍රී ලංකා - එංගලන්ත තරහය පිළිබද ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට ගෙන එන තරග සමාලෝචනය පහතින්.

Source: SBS Sinhala