2019/20 වසර සඳහා බලපැවැත්වෙන නවතම Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර ඇත.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ඔබ ඔස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවානම් හෝ ඔබ ශ්‍රී ලංකාවේ සිට හෝ විදේශ රටක සිට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරනවානම් අනිවාර්යෙන්ම මෙම රැකියා සීමා ලැයිස්තුව පිළිබඳ දැන සිටිය යුතුය.

Source: Department of Home Affairs
Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව”
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.
ඔස්ට්‍රේලියාවේ සෑම මුල්‍ය වර්ෂයක් සඳහාම නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් එක් එක් රැකියා අංශය සඳහා කොපමණ සංඛ්‍යාවක කෝටාවක් තිබෙනවාද යන්න “රැකියා සීමා ලැයිස්තුව” මගින් ප්‍රකාශයට පත් කෙරේ.
ඊට අමතරව අදාළ රැකියා කෝටාව පිරෙන අතරතුරේ එම ලැයිස්තුව යාවත්කාලීන වන අතර තවත් කොපමණ සංඛ්‍යාවක් ඉතිරිද යන්න පිළිබඳවද ඔබට දැනගත හැකිවේ.

Source: SBS
අදාළ වීසා වර්ග
මෙම “රැකියා සීමා ලැයිස්තුව” පහත සඳහන් වීසා වර්ග සඳහා අදාළ වේ.
- Skilled independent visas (189)
- Skilled regional sponsored visas (489)
- Skilled or business state or territory sponsored visas
ඔබගේ රැකියාවට අදාළ කෝටාව පිරී ගිය පසුව එම වසර වෙනුවෙන් ඉහත වීසා සඳහා අයදුම් කිරීමට ඔබට ආරාධනාවක් නොලැබෙනු ඇත.

Government quietly relaxes controversial visa policy affecting people with disabilities Source: Getty Images
2019/20 රැකියා සීමා ලැයිස්තුවේ කැපී පෙනෙන වෙනස්කම්
2018/19 රැකියා සීමා ලැයිස්තුවේ Accountants (Occupation ID - 2211) හට 4,785 ක කෝටාවක් තිබූ නමුත් මෙවර එය 2,746 ක් දක්වා පහත වැටී තිබේ.
ඊට අමතරව 2018/19 රැකියා සීමා ලැයිස්තුවේ Software and Applications Programmers (Occupation ID - 2613) හට 6,202 ක් ව තිබූ කෝටාව මෙවර 8,748 දක්වා ඉහළ දමා ඇත.
එමෙන්ම පසුගිය වසරේ 2,391 ක්ව තිබූ Database and Systems Administrators and ICT Security Specialists (Occupation ID - 2621) කෝටාව මෙවර 2,887 දක්වා ද 1,318 ක්ව තිබූ Computer Network Professionals (Occupation ID - 2631) කෝටාව මෙවර 2,553 දක්වා ද ඉහළ දමා ඇත.
ගණකාධිකාරීවරුන්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සහ ඉංජිනේරු අංශයේ රැකියා වැනි ඉහළ ඉල්ලුමක් සහිත ජනප්‍රිය රැකියාවන් සඳහා මෙවරත් pro rata ක්‍රමයට ආරාධනා නිකුත් කෙරේ.

Source: Getty Images
2019/20 වසර සඳහා නිකුත් කළ නවතම “රැකියා සීමා ලැයිස්තුව”
Occupation ID | Description | Occupation Ceiling Value 2019-20 | Invitations to 11/07/2019 |
---|---|---|---|
1213 | Livestock Farmers | 5,934 | 0 |
1331 | Construction Managers | 4,983 | 0 |
1332 | Engineering Managers | 1,000 | 0 |
1341 | Child Care Centre Managers | 1,000 | 0 |
1342 | Health and Welfare Services Managers | 1,785 | 0 |
1399 | Other Specialist Managers | 3,044 | 0 |
2111 | Actors, Dancers and Other Entertainers | 1,000 | 0 |
2112 | Music Professionals | 1,000 | 0 |
2121 | Artistic Directors, and Media Producers and Presenters | 1,098 | 0 |
2211 | Accountants* | 2,746 | 83 |
2212 | Auditors, Company Secretaries and Corporate Treasurers* | 1,552 | 47 |
2241 | Actuaries, Mathematicians and Statisticians | 1,000 | 6 |
2243 | Economists | 1,000 | <5 |
2245 | Land Economists and Valuers | 1,000 | <5 |
2247 | Management consultant | 5,269 | 5 |
2321 | Architects and Landscape Architects | 2,171 | 124 |
2322 | Cartographers and Surveyors | 1,000 | <5 |
2331 | Chemical and Materials Engineers | 1,000 | 13 |
2332 | Civil Engineering Professionals | 3,772 | 26 |
2333 | Electrical Engineers | 1,000 | 20 |
2334 | Electronics Engineers* | 1,000 | 30 |
2335 | Industrial, Mechanical and Production Engineers* | 1,600 | 49 |
2336 | Mining Engineers | 1,000 | 5 |
2339 | Other Engineering Professionals* | 1,000 | 30 |
2341 | Agricultural and Forestry Scientists | 1,000 | <5 |
2342 | Chemists, and Food and Wine Scientists | 1,000 | 6 |
2343 | Environmental Scientists | 1,472 | <5 |
2344 | Geologists, Geophysicists and Hydrogeologists | 1,000 | <5 |
2345 | Life Scientists | 1,000 | 11 |
2346 | Medical Laboratory Scientists | 1,505 | <5 |
2347 | Veterinarians | 1,000 | 0 |
2349 | Other Natural and Physical Science Professionals | 1,000 | <5 |
2411 | Early Childhood (Pre-primary School) Teachers | 2,294 | 5 |
2414 | Secondary School Teachers | 8,052 | 5 |
2415 | Special Education Teachers | 1,111 | 0 |
2421 | University Lecturers and Tutors | 3,407 | <5 |
2512 | Medical Imaging Professionals | 1,203 | 0 |
2514 | Optometrists and Orthoptists | 1,000 | 0 |
2519 | Other Health Diagnostic and Promotion Professionals | 1,000 | 0 |
2521 | Chiropractors and Osteopaths | 1,000 | 0 |
2524 | Occupational Therapists | 1,082 | 0 |
2525 | Physiotherapists | 1,784 | <5 |
2526 | Podiatrists | 1,000 | 0 |
2527 | Speech Professionals and Audiologists | 1,000 | <5 |
2531 | General Practitioners and Resident Medical officers | 3,550 | 14 |
2533 | Internal Medicine Specialists | 1,000 | 0 |
2534 | Psychiatrists | 1,000 | 0 |
2535 | Surgeons | 1,000 | 0 |
2539 | Other Medical Practitioners | 1,250 | 11 |
2541 | Midwives | 1,218 | 0 |
2544 | Registered Nurses | 17,509 | 52 |
2611 | ICT Business and Systems Analysts* | 2,587 | 79 |
2612 | Multimedia Specialists and Web Developers | 1,000 | 7 |
2613 | Software and Applications Programmers* | 8,748 | 265 |
2621 | Database and Systems Administrators and ICT Security Specialists | 2,887 | 34 |
2631 | Computer Network Professionals* | 2,553 | 77 |
2633 | Telecommunications Engineering Professionals | 1,000 | 22 |
2711 | Barristers | 1,000 | 0 |
2713 | Solicitors | 4,650 | <5 |
2723 | Psychologists | 1,832 | 0 |
2725 | Social Workers | 2,128 | 37 |
3122 | Civil Engineering Draftspersons and Technicians | 1,000 | 8 |
3123 | Electrical Engineering Draftspersons and Technicians | 1,000 | 0 |
3132 | Telecommunications Technical Specialists | 1,000 | 0 |
3211 | Automotive Electricians | 1,000 | 0 |
3212 | Motor Mechanics | 6,399 | <5 |
3222 | Sheetmetal Trades Workers | 1,000 | 0 |
3223 | Structural Steel and Welding Trades Workers | 3,983 | 0 |
3232 | Metal Fitters and Machinists | 7,007 | 0 |
3233 | Precision Metal Trades Workers | 1,000 | 0 |
3241 | Panelbeaters | 1,000 | 0 |
3311 | Bricklayers and Stonemasons | 1,610 | 0 |
3312 | Carpenters and Joiners | 8,536 | 0 |
3322 | Painting Trades Workers | 3,330 | <5 |
3331 | Glaziers | 1,000 | 0 |
3332 | Plasterers | 2,100 | 0 |
3334 | Wall and Floor Tilers | 1,682 | 0 |
3341 | Plumbers | 5,060 | 0 |
3411 | Electricians | 8,624 | <5 |
3421 | Airconditioning and Refrigeration Mechanics | 1,851 | 0 |
3422 | Electrical Distribution Trades Workers | 1,000 | 0 |
3423 | Electronics Trades Workers | 1,313 | <5 |
3513 | Chefs | 2,738 | <5 |
3611 | Animal Attendants and Trainers | 1,051 | 0 |
3941 | Cabinetmakers | 2,112 | 0 |
3991 | Boat Builders and Shipwrights | 1,000 | 0 |
4523 | Sports Coaches, Instructors and Officials | 4,071 | 0 |
4524 | Sportspersons | 1,000 | 0 |

Source: SBS Sinhala
Read & Watch More

නිවසක් කුලියට ගැනීමට වඩා මිලට ගැනීම ලාබ වෙන සිඩ්නි Suburbs 10ක්. (SBS සිංහල/වීඩියෝ)