ඔස්ට්‍රේලියාව සහ චීනය අතර මතුව ඇති දේශපාලන මත ගැටුම් හේතුවෙන් චීනය ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ වර්ග කිහිපයක්ම මේ වන විට ආනයනය අත්හිටුවා තිබේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ එක් මස් සැකසුම් මධ්‍යස්ථානයකින් හරක් මස් ආනයනය කිරීම ද චීනය අත්හිටුවා ඇති බවට ඊයේ (08/12) තොරතුරු අනාවරණය විය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
මේ අතර පවතින මත ගැටුම් මෙලෙසම තිබුණහොත් ඔස්ට්‍රේලියාවෙන් චීනයට අපනයනය කරන තවත් භාණ්ඩ වර්ග කිහිපයකටම චීනය විසින් අධික බදු පනවනු ඇතැයි එක් කර්මාන්ත විශ්ලේෂකයෙකු අනතුරු අඟවා තිබේ.

Source: AAP
චීනය විසින් ආනයනය අත්හිටවූ ඕස්ට්‍රේලියානු භාණ්ඩ වර්ග
මේ වසරේ මුල සිට චීනය විසින් ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ වර්ග හතක් ආනයනය අත්හිටවූ බව වාර්තා වේ.
ඩොලර් බිලියන 6 කට අධික වටිනාකමකින් යුත් ඔස්ට්‍රේලියානු අපනයන භාණ්ඩ චීනය විසින් නොවැම්බර් මස මුල සතියේදී තහනම් කළ බවට මීට පෙර තොරතුරු අනාවරණය විය.
ඒ අනුව මේ වන විට ඔස්ට්‍රේලියානු වයින්, තඹ, බාර්ලි, ගල් අඟුරු, සීනි, දැව සහ පොකිරිස්සන් යන භාණ්ඩ චීනය විසින් තහනම් කර ඇතැයි වාර්තා වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ඇතැම් මස් සැකසුම් මධ්‍යස්ථාන වලින් චීනයට අපනයනය කරනු ලබන මස් ද චීනය විසින් ආනයනය කිරීම මේ වන විට අත්හිටුවා ඇත.
චීනයේ මෙම තහනම නිසා ඔස්ට්‍රේලියානු වයින් කර්මාන්තයට මෙන්ම බාර්ලි කර්මාන්තයට ද දැවැන්ත පහරක් එල්ල වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ වයින් සහ බාර්ලි සඳහා විශාලතම වෙළෙඳපොළ චීනය තුළ නිර්මාණය වී තිබේ.

The IBISWorld research shows the exposure of Australian export industries to the Chinese market. Source: IBISWorld
නුදුරේදී චීනය විසින් අධික බදු පනවනු ඇතැයි සිතිය හැකි ඔස්ට්‍රේලියානු භාණ්ඩ වර්ග
ඔස්ට්‍රේලියාව සහ චීනය අතර මතුව ඇති දේශපාලන මත ගැටුම් මෙලෙසම තිබුණහොත් ඔස්ට්‍රේලියාවෙන් චීනයට අපනයනය කරන තවත් භාණ්ඩ වර්ග කිහිපයකටම චීනය විසින් අධික බදු පනවනු ඇතැයි ඔස්ට්‍රේලියාවේ එක් කර්මාන්ත විශ්ලේෂකයෙකු අනතුරු අඟවා තිබේ.
IBISWorld හි ජ්‍යෙෂ්ඨ කර්මාන්ත විශ්ලේෂක Liam Harrison මේ පිළිබඳ අනතුරු ඇඟවීම් සිදුකර ඇත.
ඒ අනුව පහත ඔස්ට්‍රේලියානු භාණ්ඩ වර්ග සඳහා ද ඉහත අත්වූ ඉරණම ම අත්විය හැකි බවට ඔහු සැක පහළ කරයි.
- මී පැණි
- කිරි
- පළතුරු
- ඖෂධ
- පතල් නිෂ්පාදන අපනයන
මේ හේතුවෙන් මෙම කර්මාන්ත වල යෙදී සිටින කර්මාන්තකරුවන් ඒ පිළිබඳ නිරනත්ර විමසිල්ලෙන් සිටිය යුතු බව Liam Harrison පෙන්වා දෙයි.
ඉහත භාණ්ඩ අපනයනය කිරීමට අපහසු වුවහොත් ඒවා අපතේ දැමීමට සිදුවන බවත් එනිසා විශාල පාඩුවක් සිදුවන බවත් ඔහු සඳහන් කරයි.
විශේෂයෙන් අදාළ භාණ්ඩ අපනයනය කිරීම සඳහා විශාල ප්‍රමාණයක් නිපදවන බැවින් ඒවා අපනයනය කිරීමට නොහැකි වූ විට දේශීයව පරිභෝජනය කිරීමටද ප්‍රමාණාත්මකව විශාල බව ඔහු පවසයි.