ඔස්ට්‍රේලියාවේ නවතම පාරිභෝගික දර්ශකය අනුව ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම 2018 පෙබරවාරි 01 වන දින සිට වැඩිවන බවත් එනිසාම එදින සිට ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාතික ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන සෑම අයදුම්කරුවෙකුම නව ජීවන වියදම පියවාගැනීමට හැකි අයුරු පිළිබඳ මුල්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු බවත් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපර්ත්මනේතුව පවසයි.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නව ජීවන වියදම් අගයට අනුව එක් එක් අයදුම්කරුවන්ගේ වසරකට පෙන්විය යුතු මුදල් ප්‍රමණය පහත පරිදි වේ.
- Student or guardian: AUD$20,290
- Partner or spouse: AUD$7,100
- Child: AUD$3,040

Source: SBS
මේ හේතුවෙන්, ඔබ ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවානම්, ඔබගේ පාඨ මාලාව ආරම්භ වීමට අවම වශයෙන් සති 6 කට පෙර හෝ ඔබේ වීසා අයදුම් පත යොමු කරන මෙන් ඇය පවසයි.
තම ශිෂ්‍ය වීසා අයදුම්පත සමග තමාගේ වියදම් පියවාගැනීම සඳහා ඇති අරමුදල් සහ ඒවා පහසුවෙන් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සාක්ෂි ඇමිණිය යුතු අතර ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය දැක්වෙන සහතික මෙන්ම ඒවායින් ඔබව නිදහස් කර ඇත්නම එම සාක්ෂි ද සැපයිය යුතු බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එම ලිපි ලේඛන සැපයීමට අපොහොසත් වුවහොත් ඔබගේ ශිෂ්‍ය වීසා අයදුම්පත ප්‍රතික්ෂේප වීමටද ඉඩ ඇති බව ඔවුන් පවසයි.
එමෙන්ම, ශිෂ්‍ය වීසා අයදුම්පත සමග ‘Genuine Temporary Entrant (GTE) statement’ සැපයීම අත්‍යවශ්‍ය වන අතර එම වාර්තාවේ පහත කරුණු අනිවාර්යෙන් අඩංගු විය යුතු බව දෙපාර්තමේන්තුව දක්වයි.

Source: SBS
- ඔබගේ අධ්‍යාපන කටයුතු වල හෝ රැකියා වල අතර හිඩැස් ඇත්නම් ඊට හේතු පැහැදිලි කිරීම.
- ශිෂ්‍යාගේ පෙර අධ්‍යාපන කටයුතු සහ පෙර රැකියා ඉල්ලුම් කරන පාඨ මාලාවට සම්බන්ධ නොවන එකක් නම් ඊට හේතු පැහැදිලි කිරීම.
- තමන් ඉල්ලුම් කරන පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් තමන්ගේ අනාගත සැලසුම් ඉටු වන්නේ කෙසේදැයි පැහැදිලි කිරීම.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------