2023 ජූලි 01 සිට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා වන අයදුම්පත් ගාස්තු ඉහළ දමන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අයදුම්පත් සැකසීමේ පිරිවැය වැඩිවීම මත මෙලෙස අයදුම්පත් ගාස්තු වැඩි කිරීමට තීරණය කළ බව ඔවුහු පවසති.
සෑම වසරකම ජූලි 01 වන දින, ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික මිල දර්ශකය (CPI) මත පදනම්ව පුරවැසිභාවය සඳහා වන අයදුම්පත් ගාස්තු තීරණය කෙරේ.
අයදුම්පත් ගාස්තු නිදහස් කිරීමට අදාළ වන සුදුසුකම් සඳහා කිසිදු වෙනසක් සිදු නොවන බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
LISTEN TO

ජූලි 01 සිට ඔස්ට්‍රේලියාවේ වීසා හා සංක්‍රමණ පද්ධතියේ සිදුවන වෙනස්කම් ගැන මෙතෙක් හෙළිවූ දේ විනාඩි 6 කින්
SBS Sinhala
06:21
ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සඳහා වන අයදුම්පත් ගාස්තු ජූලි 01 සිට වැඩි වන අයුරු
අයදුම්පත් වර්ගය | 2023 ජූලි 01 සිට ගාස්තු (AUD) |
Australian citizenship by conferral—සාමාන්‍ය සුදුසුකම් මත (Form 1300t) | |
සම්මත ගාස්තුව | $540 |
සහන ගාස්තුව | $75 |
දෙමාපියන්ගේ අයදුම්පත සමගම අයදුම් කරන වයස අවුරුදු 15 හෝ ඊට අඩු දරුවන්ගේ අයදුම්පත් ගාස්තු | ගාස්තු නිදහස් කෙරේ |
| |
Australian citizenship by conferral— වෙනත් තත්වයන් (Form 1290) | |
සම්මත ගාස්තුව | $330 |
සහන ගාස්තුව | $40 |
දෙමාපියන්ගේ අයදුම්පත සමගම අයදුම් කරන වයස අවුරුදු 15 හෝ ඊට අඩු දරුවන්ගේ අයදුම්පත් ගාස්තු | ගාස්තු නිදහස් කෙරේ |
| |
Australian citizenship by descent (Form 118) | |
තනි අයදුම්පත / සහෝදර සහෝදරියන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් අයදුම් කරන විට පළමු පුද්ගලයාට | $345 |
එකම අවස්ථාවේදීම අයදුම් කරන දෙවැනි හෝ සෙසු අය සඳහා | $145 |
| |
සම්පූර්ණ හේග් සම්මුතිය හෝ ද්විපාර්ශ්වික විධිවිධාන යටතේ දරුකමට හදාගත් ළමුන් සඳහා ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය (Form 1272) | |
තනි අයදුම්පත / සහෝදර සහෝදරියන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් අයදුම් කරන විට පළමු පුද්ගලයාට | $345 |
එකම අවස්ථාවේදීම අයදුම් කරන දෙවැනි හෝ සෙසු අය සඳහා | $145 |
| |
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීම (Form 128) | |
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීම සඳහා | $290 |
| |
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීම (Form 132) | |
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීම සඳහා | $230 |
දෙමාපියන්ගේ අයදුම්පත සමගම අයදුම් කරන වයස අවුරුදු 15 හෝ ඊට අඩු දරුවන්ගේ අයදුම්පත් ගාස්තු | ගාස්තු නිදහස් කෙරේ |
| |
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ සාක්ෂි ලබා ගැනීම (Form 119) | |
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ සාක්ෂි ලබා ගැනීම සඳහා වෙනම අයදුම්පතක් යොමු කිරීමේදී | $265 |
ස්වාභාවික විපතක් හේතුවෙන් අහිමි වූ, විනාශ වූ හෝ හානි වූ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ සාක්ෂි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන අයදුම්පතකට | ගාස්තු අය නොකෙරේ |