ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී රජය විසින් යෝජිත ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය ලිහිල් කරන ලකුණු? (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාව යනු සංක්‍රමණික ප්‍රජාව මත ගොඩනැගුනු රටක් බවත් මෙම වෙනස්කම් ක්‍රියාත්මක කරන්නනේ නම් මෙහි පැමිණි අප සියල්ලන්ගේම මුතුන් මිත්තන්ට පවා එම නව පරීක්ෂණ සඳහා පෙනී සිටීමට පියවර ගත යුතු බව Nick Xenophon ගේ කණ්ඩායමේ නියෝජ්‍ය නායක Sterling Griff පැහැදිලි කළේය.

Australian Citizenship changes

Source: AAP

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී රජය විසින් යෝජිත වෙනස්කම් පිළිබඳ පනතට Nick Xenophon ගේ කණ්ඩායම විරුද්ධ වන බව ඊයේ (06/09) වාර්තා විය.

ඒ අනුව කම්කරු පක්ෂය, ග්‍රීන්ස් පක්ෂය සමග Nick Xenophon ගේ කණ්ඩායමේ සෙනට් ඡන්ද 3 ක් ද මෙයට විරුද්ධව එක්වනු ඇත.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට පෙර මෙරට ස්ථිර පදිංචිය ලබා වසර 4 ක් වාසය කිරීම, විශ්ව විද්‍යාල මට්ටමේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීනත්වය මැන බලන පරීක්ෂණය, ඔස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ පරීක්ෂණය යනාදිය මෙම නව වෙනස්කම් අතර වෙයි.

මෙම වෙනස්කම් පිලිබඳ ඔස්ට්‍රේලියාව පුරා විසිරී සිටින විවධ සංක්‍රමණික ප්‍රජාවන්ගේ අදහස් විමසීමෙන් පසුව ඔවුන් මෙම තීරණයට එළඹ තිබේ.

ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කර ඇති මෙම වෙනස්කම් තම කණ්ඩායමට අනුමත කළ නොහැකි බව Nick Xenophon ගේ කණ්ඩායමේ නියෝජ්‍ය නායක Sterling Griff, SBS පුවත් වෙත ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාව යනු සංක්‍රමණික ප්‍රජාව මත ගොඩනැගුනු රටක් බවත් මෙම වෙනස්කම් ක්‍රියාත්මක කරන්නනේ නම් මෙහි පැමිණි අප සියල්ලන්ගේම මුතුන් මිත්තන්ට පවා එම නව පරීක්ෂණ සඳහා පෙනී සිටීමට පියවර ගත යුතු බවත් ඔහු පැහැදිලි කළේය.

නමුත් Nick Xenophon ගේ කණ්ඩායම මෙම පනතට සහමුලින්ම විරුද්ධ නොවන බවද වාර්තා වේ.

ඉංග්‍රීසි පරීක්ෂණය ඉතා සරල මට්ටමින් පැවැත්විය යුතු බවත් ඔස්ට්‍රේලියානු වටිනාකම් පිළිබඳ පරීක්ෂණය ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගෙන් නොව පාර්ලිමේන්තුවෙන් බලාත්මක විය යුතු බවත් ඔවුන් පවසයි.

මෙම යෝජිත ඉංග්‍රීසි පරීක්ෂණය ක්‍රියාත්මක කළහොත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට සිටින සහ පැමිණ සිටින වටිනා සංක්‍රමණිකයින් අහිමිවීමේ අවදානමක් පවතින බව මේ පිළිබඳ කරුණු විමසන සෙනට් කමිටුව පවසා තිබෙනවා.
කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න SBS සිංහල වැඩසටහනේ Facebook පිටුවට
මේ අතර ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී රජය විසින් යෝජිත මෙම වෙනස්කම් ඔස්ට්‍රේලියාවට ඉතා හානිකර බවත් එනිසාම Nick Xenophon ගේ කණ්ඩායම මෙයට විරුද්ධ වීමට ගත් තීරණය පිළිබඳ තමන් සතුටු වන බවත් කම්කරු පක්ෂයේ ආගමන කටයුතු පිළිබඳ නියෝජිත Tony Burke පැවසීය.

සෙනට් කමිටුවේ අදහස

මෙම යෝජිත පනත, ඔස්ට්‍රේලියානු පහළ මන්ත්‍රණ සභාවෙන් සම්මත වුවත් එය තවමත් සෙනට් සභාවෙන් සම්මත වී නොමැත.

එනිසාම, මේ සම්බන්ධව කරුණු විමසීමට සෙනට් කමිටුවක් ස්ථාපිත කරනු ලැබීය.

මෙම නව පනත නිවැරදි දිශාවට ගමන් කරන නමුත් එය තවදුරටත් සැකසිය යුතු වන බව ලිබරල් පක්ෂයේ සෙනට් සභික සහ සෙනට් කමිටුවේ ප්‍රධානී Ian Macdonald, Sky පුවත් වෙත ඊයේ ප්‍රකාශ කළේය.

මෙම පනත සම්මත කිරීමේ ගැටළුවක් නැති බවට සෙනට් කමිටුව නිර්දේශ කළ නමුත් ඉංග්‍රීසි පරීක්ෂණය වැනි යෝජිත වෙනස්කම් පිළිබඳ ගැටලුවක් පවතින බව ඔහු පැවසීය.

අදාළ ඉංග්‍රීසි පරීක්ෂණය අනවශ්‍ය එකක් බවත් එම ඉංග්‍රීසි පරීක්ෂණය සමත් වීමට නොහැකි මට්ටමේ සිටින බොහෝ සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට ඉතා ප්‍රයෝජනවත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

නමුත් කුමන්ත්‍රනකාරී පාර්ශව සහ කල්ලි වලට මෙම වෙනස්කම් ඉතා හොඳ බවත් ඕස්ට්‍රේලියානු ජනතාවට අවශ්‍ය වන්නේ එවැනි දෙයක් බවත් සෙනට් කමිටුවේ ප්‍රධානී Ian Macdonald පැහැදිලි කළේය.



*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

 

 

Share

Published

Updated

By Madhura Seneviratne, James Elton-Pym
Source: SBS News


Share this with family and friends