ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය තවත් ඉහළ යා හැකි බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe අද (ජුනි 21) ඔස්ට්‍රේලියානුවාසීන්ට අනතුරු ඇඟවීමක් කළේය.
එලෙස පොලී අනුපාතික වැඩි වීමේ වේගය ලැබෙන දත්ත මත රඳා පවතිනු ඇති බවද ඔහු පැවසීය.
Highlights
- ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය තවත් ඉහළ යා හැකි බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපතිවරයා අනතුරු අඟවා තිබේ.
- ඔස්ට්‍රේලියාවේ වත්මන් පොලී අනුපාතිකය 0.85% කි.
- ඔස්ට්‍රේලියාවේ උද්ධමනය සියයට දෙකත් තුනත් අතර ඉලක්කගත අගයකට ආපසු ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව තීරණය කිරීම ඊට හේතුව වී ඇත.
ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය තවත් ඉහළට
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය සියයට දෙකත් තුනත් අතර ඉලක්කගත අගයකට ආපසු ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව අධිෂ්ඨාන කර ඇති බව එහි අධිපති ආචාර්ය Philip Lowe සිඩ්නි නුවරදී පැවසුවේය.
සිඩ්නි නුවරදී ඔස්ට්‍රේලියාවේ ඇමරිකානු වානිජ මණ්ඩලය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඔස්ට්‍රේලියාවේ වත්මන් පොලී අනුපාතිකය 0.85% කි.
මාසික පොලී අනුපාත ඉහළ යාමේ විශාලත්වය මත, කලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා උද්ධමනය විශාල වශයෙන් ඉහළ යාම හමුවේ, ජුනි රැස්වීමේ දී විකල්පයන් පිළිබඳව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය සාකච්ඡා කළ බවද ඔහු අනාවරණය කළේය.
ජූලි මාසයේ පැවැත්වෙන මීළඟ රැස්වීමේදී ද නැවතත් එම සාකච්ඡාවම සිදු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ආචාර්ය Philip Lowe ප්‍රකාශ කළේය.
උද්ධමනය සියයට දෙකේ සිට තුන දක්වා ඉලක්කයට නැවත පැමිණීම සහතික කිරීම සඳහා අවශ්‍ය දේ කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය කැපවී සිටින බවත් තවදුරටත් පොලී අනුපාත ඉහළ නැංවීම පිළිබඳ ජනතාව සූදානම් විය යුතු බවත් ආචාර්ය Philip Lowe අවධාරණය කළේය.

Governor of the Reserve Bank of Australia Philip Lowe Source: AAP
ආර්ථික අවපාත අවදානම අඩුයි
උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහල දැමීමේ ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියාව තවත් ආර්ථික අවපාතයකට ඇද වැටෙනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති ආචාර්ය Lowe පැවසීය.
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය වැඩිවීමටත් වඩා තියුණු වැඩිවීමක් සමඟ පොරබදමින් සිටින ඇමෙරිකාවේ මෑතකදී දැක ඇති පරිදි ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව මණ්ඩලයට මුදල් අනුපාතිකය එකවර පදනම් ලකුණු 75කින් ඉහළ නැංවීමට අවශ්‍ය වනු ඇතැයි ආචාර්ය Lowe අපේක්ෂා නොකරයි.
විරැකියාව අඩුවීම, නිවෙස්වල අයවැය ශක්තිමත් වීම සහ මෙතෙක් පැවති ඉහළම වෙළඳ කොන්දේසි පැවතීම නිසා ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඒවා ධනාත්මක ලෙස බලපානු ඇති බවද ඔහු පැවසීය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ගෘහස්ථ සාධක
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය වැඩිවීම ගෝලීය සිදුවීම් මගින් මෙහෙයවනු ලැබුවද, වැඩි වැඩියෙන් දේශීය සාධක ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe පැවසීය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව සිය උද්ධමන අනාවැකිය දෙසැම්බර් කාර්තුවේදී 7% ක පමණ උච්චතම අගයක් දක්වා ඉහළ නැංවූ අතර, ඊට පෙර 6% ක ඉහල අගයක් පුරෝකථනය කර ඇත.
"ඉහළ උද්ධමනය ආර්ථිකයට හානි කරනවා, මිනිසුන්ගේ ආදායමට අනුව මිලදී ගැනීමේ ශක්තිය අඩු කරනවා, ඒවගේම ජනතාවගේ ඉතුරුම් අවප්‍රමාණය කරනවා." ආචාර්ය Lowe පැවසීය.
පසුගිය මැයි මාසයේදී, ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් 0.1% ක වාර්තාගත අවම අගයක සිට 0.35% දක්වා පොලී අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කළේය.
ඊට පසුව ජුනි මස මුල සතියේදී පොලී අනුපාතිකය 0.35% සිට 0.85% දක්වා ඉහළ දැමුවේය.
එළඹෙන ජූලි මාසයේදී ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතිකය 1.35% ක් දක්වාඉහළ යනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.