ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබාගන්නා පුද්ගලයින්ට එම එන්නත ලබාගත් බවට සහතිකයක් නිකුත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
එම සහතිකය ඩිජිටල් හා මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් කිරීමට පියවර ගැනේ.
Highlights
- කොරෝනා එන්නත ලබාගත් බවට වූ සහතිකය Express Plus Medicare app එක හරහා සෘජුවම Smart ජංගම දුරකතනයට
- ඩිජිටල් පිටපත් වලට අමතරව මුද්‍රිත පිටපත් ද ලබාගත හැකිය
- අධි අවදානම් ස්ථාන වලට පිවිසීමේදී සහතිකය අත්‍යවශ්‍යයි
කොරෝනා එන්නත් සහතිකය Smartphone වලට
කොරෝනා එන්නත ලබාගත් බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පිරිනමන සහතිකය දැනට ක්‍රියාත්මක Express Plus Medicare app එක හරහා සෘජුවම අදාළ පුද්ගලයාගේ Smart ජංගම දුරකතනයට ලබාදීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රාජ්‍ය සේවා අමාත්‍ය Stuart Robert ඊයේ (07/02) නිවේදනය කළේය.
ඩිජිටල් පිටපත් වලට අමතරව මුද්‍රිත පිටපත් ද ලබාගත හැකි බව ඔහු සඳහන් කළේය.
SBS සිංහල සේවය
SBS Radio APP එකෙන් (Free download)
"ඔස්ට්‍රේලියානුවාසීන් ගෙන් 88% කටම වාගේ Smart ජංගම දුරකතන තිබෙනවා. ඔවුන්ට තම කොරෝනා එන්නත ලබාගත් බවට වූ ඩිජිටල් සහතිකය සෘජුවම තම දුරකතනය හරා ලබාගත හැකියි. එය download කරගැනීමටත් ඔවුන්ට හැකියාව පවතියි." යනුවෙන් ද අමාත්‍ය Stuart Robert පැවසීය.
එසේ ලැබෙන සහතිකය ජනතාවට මුද්‍රණය කරගත හැකි බවත් Services Australia ආයතනය දුරකතනයෙන් හෝ පැමිණ හෝ සම්බන්ධ කරගෙන එම සහිතක මුද්‍රණය කරවාගත හැකි බවත් ඔහු සඳහන් කළේය.
කොරෝනා එන්නත ලබා දෙන පවුලේ වෛද්‍යවරයා හෝ ඖෂධවේදියා හෝ දැනට පවතින ජාතික ප්‍රතිශක්තිකරණ ලේඛනයේ ඔබේ තොරතුරු ඇතුළත් කළ විට මෙම ක්‍රියාවලිය ආරම්භ වේ.

Acting Minister for Education and Youth Stuart Robert. Source: AAP
අධි අවදානම් ස්ථාන වලට පිවිසීමේදී සහතිකය අත්‍යවශ්‍යයි
Aged care මධ්‍යස්ථාන වැනි අධි අවදානම් ස්ථාන වලට පිවිසීමේදී කොරෝනා එන්නත ලබාගත් බවට වූ සහතිකය අවශ්‍ය වන බවද වාර්තා වේ.
ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් එය ක්‍රියාත්මක කරන අයුරු සහ පාලනය කරන අයුරු නුදුරේදීම තීරණය කරනු ඇත.
කොරෝනා එන්නත් සහතිකය අවශ්‍ය වන්නේ කුමන ස්ථාන සඳහා ද යන්න සහ එය නියාමනය කරන ආකාරය පිළිබඳ මධ්‍යම රජය තීරණය නොකරන බවද වාර්තා වේ.
මෙම කොරෝනා එන්නත ලබාගැනීමෙන් අනතුරුව නිකුත් කෙරෙන සහතිකය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු බවත් එය ලබන සතියේදී සිදු කෙරෙන බවත් සඳහන්.

Elderly care in nursing home - doctor with patient. Source: Getty Images
ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහාත් වැදගත්
ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ද මෙම කොරෝනා එන්නත ලබාගත් බවට වූ සහතිකය වැදගත් වන බවත් එය පිළිගැනීම කෙතරම් පුළුල්ව සිදුකරයිද යන්න පිළිබඳ තවම අදහසක් නොමැති බවද වාර්තා වේ.
"ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් සඳහා අදාළ සහතිකය බොහෝ විට අවශ්‍ය වනු ඇති බවට කිව හැකි අතර ඒ සඳහා වන සඳහා වන අපගේ රාමුව පිළිබඳව අපි අපගේ ජාත්‍යන්තර ගුවන් ගමන් සගයන් සමඟ නොකඩවා කටයුතු කරනවා." යනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රාජ්‍ය සේවා අමාත්‍ය Stuart Robert පැවසීය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW
නැතිනම් රූපවාහිනියේ channel 38
අන්තර්ජාතික දේශසීමා ආරක්ෂිතව නැවත විවෘත කිරීම සඳහා සහාය වීමට ඩිජිටල් සෞඛ්‍ය ගමන් බලපත්‍රයක් සකස් කිරීමේ අවසන් අදියරේ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය කටයුතු කරමින් සිටී.
එම ඩිජිටල් සෞඛ්‍ය ගමන් බලපත්‍රය International Airlines Group සමඟ එක්ව නිපදවීමට කටයුතු කෙරේ.
පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.