මෙල්බන් ගුවන්තොටුපොළ වෙත ඉදි කිරීමට අපේක්ෂිත Melbourne Airport rail link හෙවත් මෙල්බන් ගුවන්තොටුපොළ දුම්රිය මාර්ගය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඩොලර් බිලියන 5 ක මුල්‍ය ප්‍රතිපාදන පිරිනමන බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පසුගිය බ්‍රහස්පතින්දා (12/04) පොරොන්දු විය.
මේ අනුව මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සඳහා යන පිරිවැය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ වික්ටෝරියානු ප්‍රාන්ත රජය අතර 50 ට 50 යන සේ බෙදී සිදු කළ යුතු බවට මධ්‍යම රජය පෙන්වා දෙයි.
මේ අතර මෙල්බන් ගුවන්තොටුපොළ දුම්රිය මාර්ගය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබා දීමට පොරොන්දු වූ මුල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ඇමතිනී Jacinta Allan තම ප්‍රසාදය පළ කර සිටියි.
මෙම ව්‍යාපෘතිය සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජය මධ්‍යම රජය සමග එකට වැඩ කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන නමුත් මේ සඳහා තව බොහෝ දේ සිදු කිරීමට ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

Source: AAP
අගමැතිගේ හා ප්‍රාන්ත රජයේ මත ගැටෙයි.
මෙම ව්‍යාපෘතිය 2020 වන විට ආරම්භ කළ හැකි බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කරන අතර මේ සඳහා භාවිත කළ හැකි ප්‍රධාන මාර්ග 4 ක් පිළිබඳ ඔහු පවසා ඇත.
නමුත් අගමැතිවරයා පමණට වඩා දුර ගොස් ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
අගමැති ටර්න්බුල් පවසන ප්‍රධාන මාර්ග 4, 2012 වසරේදී වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධව ලබා දුන් වාර්තාවේ සඳහන් වූ අතර ඒවා දැන් යල් පැන ඇති බව ප්‍රාන්ත පොදු ප්‍රවාහන සේවා ඇමතිනී Jacinta Allan පැවසුවාය.
කෙසේවෙතත්, එම මාර්ග හතරෙන් එකක් පමණක් regional Victoria හෙවත් වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ හා සම්බන්ධ කළ හැකි නමුත් මෙල්බන් නුවර සංවර්ධනය වන කලාප ලෙස හැඳින්වෙන උතුරු හා බටහිර කලාප හා මෙය සම්බන්ධ කිරීම වඩා යෝග්‍ය බව ඇය පෙන්වා දුන්නාය.
මේ අතර 2017 වසරේ ප්‍රාන්ත අයවැයේදී වික්ටෝරියානු ප්‍රාන්ත රජය මෙල්බන් ගුවන්තොටුපොළ දුම්රිය මාර්ගය සඳහා සුදුසු ආකෘති හා මාර්ග පිළිබඳ තවදුරටත් සොයා බැලීමට මුල්‍ය ප්‍රතිපාදන වෙන් කළේය.
මෙම ව්‍යාපෘතිය සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයටම බලපාන අති විශාල ව්‍යාපෘතියක් බැවින් එහි ශක්‍යතා අධ්‍යන කටයුතු මෙන්ම සැලසුම් කටයුතුද වඩා සීරුවෙන් කළ යුතු බව ප්‍රාන්ත රජය පවසයි.

Melbourne Airport Source: MELBOURNE AIRPORT
ප්‍රධාන අරමුණ
මෙල්බන් ගුවන්තොටුපොළ වසරකට ගුවන් මගීන්ගේ ගුවන් ගමන් මිලියන 28 කට සේවා සපයන අතර ඉදිරි වසර 20 තුළ එම ප්‍රමාණය දෙගුණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එනිසාම එලෙස ඉහළ යන ගුවන් මගීන් සංඛ්‍යාවට මෙල්බන් ගුවන් තොටුපොළ වෙත අපහසුතාවකින් තොරව ළඟා වීමට ඉඩ පහසුව සැලසීමට මෙලෙස Melbourne Airport rail link හෙවත් හෙවත් මෙල්බන් ගුවන්තොටුපොළ දුම්රිය මාර්ගය ඉදි කිරීමට අපේක්ෂා කෙරේ.
සාමන්‍ය සතියේ දිනක මෙල්බන් ගුවන් තොටුපොළ මගී ගුවන් ගමන් 107,000 කට සේවා සපයන බවද වාර්තා වේ.
මීට අමතරව මෙල්බන් ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ එයින් පිටව යන වාහන වලින් 75%ක් පමණ භාවිත කරනුයේ Tullamarine Freeway මාර්ගය බවද සඳහන්.
මෙල්බන් ගුවන් තොටුපොළ වෙත පුද්ගලික වාහන වලින් තොරව Skybus, hotel bus, tour bus හෝ කාලසටහන් ගත කරන ලද බස් රථ සේවා වලින් පැමිණෙන ප්‍රතිශතය 20% ක් පමණක් බවත් ගණන් බලා තිබේ.

Source: AAP
ඉලක්කගත අපේක්ෂාවන්
- අනෙක් ප්‍රවාහන මාදිලි සමග සසඳා බැලීමේදී මෙල්බන් ගුවන් තොටුපොළ වෙත මිනිත්තු 30 කින් ළඟා වීම.
- සෑම මිනිත්තු 10 කට වරක්ම දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම.
- මෙල්බන් ගුවන් තොටුපොළේ පැය 24 මෙහෙයුම් වලට සමගාමීව දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීම.
- අඩු වියදම.
- අනෙක් ප්‍රවාහන සේවාවන් සමග සම්බන්ධ වෙමින් මෙල්බන් ගුවන් තොටුපොළ වෙත සෘජු ගමන් ක්‍රියාත්මක කිරීමට සැමවිටම උත්සහ කිරීම. මෙමගින් transfers හෙවත් අතරමග මාරුවීම් හැකි තරම් අවම කිරීම.
- ගුවන් මගීන්ගේ ගමන් මළු (අතේ ගෙන යන සහ විශාල ප්‍රමාණයේ ගමන් මළු) සඳහා පහසුකම් සැලසීම.
- අනෙකුත් දුම්රිය සේවා සහ මාර්ග පද්ධති වලින් එල්ල වන බලපෑම් අවම කිරීම.

Shortlisted route options for a Melbourne Airport Rail Link Source: static.ptv.vic.gov.au
කෙසේවෙතත්, මේ වන විට ආරම්භ වී ඇති Melbourne Metro Tunnel ව්‍යාපෘතිය 2020 වන විට අවසන් කිරීමට අපේක්ෂිත අතර මෙම ව්‍යාපෘතිය බොහෝ දුරට ඉන් අනතුරුව ආරම්භ කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.
*****************************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) - (select radio 2)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
********************************************************************************