මෙල්බර්න් නගරයේ අධික වාහන තදබදයක් සහිත මංසන්ධි වල රතු වර්ණ සංඥා එළි අසළ වැඩි වේලාවක් රිය ධාවකයින්ට තම වාහනය නවත්වාගෙන සිටීමට ඉදිරියේදී සිදුවන බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
මෙල්බර්න් නගර සභාව විසින් යෝජිත නව සැලැස්මක් අනුව මෙය නුදුරේදී සිදුවීමට ඉඩ ඇති බව වාර්තා වේ.

Source: Flickr
තත්ත්පර 30 ක් වැඩිපුර බලා සිටීම
මෙම නව යෝජනාව අනුව මෙල්බර්න් නගරයේ අධික වාහන තදබදයක් සහිත මංසන්ධි වල රතු වර්ණ සංඥා එළි අසළ අමතර තත්ත්පර 30 ක කාලයක් රැදී සිටීමට රිය ධාවකයින්ට සිදුවේ.
The Age පුවත්පත වාර්තා කරන පරිදි මෙහි මූලික අභිප්‍රාය වී ඇත්තේ මෙල්බර්න් නගර මධ්‍යයේ ගමන් ගන්නා පදිකයින්ට සහ පාපැදි කරුවන්ට පාර මාරු වීම සඳහා අමතර කාලයක් ලබා දීමය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙල්බර්න් නගරයේ අධික වාහන තදබදයක් සහිත මංසන්ධි පසු කිරීමට රිය ධාවකයින්ට හිමිවන්නේ සාපේක්ෂව අඩු කාලයකි.
මෙල්බර්න් නගර මධ්‍යයේ තදබදය අවම කරගැනීම සහ පදිකයින්ට වඩා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා මෙල්බර්න් නගර සභාව ඉදිරිපත් කළ නව ප්‍රවාහන ක්රමෝපායන් වල මෙය අඩංගු බව සඳහන්.
එහි දළ පිටපතක් ඊයේ (02/05) එළිදැක්විණි.

Source: Flickr
මෙල්බර්න් නගර මධ්‍යයේ වර්ණ සංඥා එළි
මෙල්බර්න් නගර මධ්‍යයේ පිහිටි බොහෝ වර්ණ සංඥා එළි වල රතු පැහැයෙන් කොළ පැහැයට හැරීමට තත්ත්පර 90 ක පමණ කාලයක් ගතවේ.
Southern Cross දුම්රිය ස්ථානයෙන් පිටත පිහිටි Spencer සහ Collins streets මංසන්ධිය හරහා සතියේ දිනවල කාර්ය බහුල උදෑසනක පැයක් ඇතුළත සාමාන්‍යයෙන් පදිකයින් 15,000 ක් පමණ පාර මාරු වන බව වාර්තා වේ.
එම ප්‍රමාණය ඒ හරහා ගමන් කරන වාහන වල සිටින පිරිස මෙන් පස් ගුණයකි.
නමුත් එම මංසන්ධිය හරහා ගමන් කිරීමට මෝටර් රථ වලට පදිකයින්ට මෙන් දෙගුණයක කාලයක් මේ වන විට ලබා දෙයි.

Source: Flickr
වේග සීමාව 30km/h දක්වා අඩු කිරීමට සහ නව බද්දක් අය කිරීමටද යෝජනා
මේ අතර මෙල්බර්න් නගර සීමාව ඇතුළත වේග සීමාව 30km/h දක්වා අඩු කිරීමටද මෙල්බර්න් නගර සභාව යෝජනා කර තිබේ.
මේ වන විට මෙල්බර්න් නගර සීමාව ඇතුළත පවතින වේග සීමාව 40km/h කි.
එමෙන්ම කාර්යබහුල වේලාවලදී මෙල්බර්න් නගර මධ්‍යයට ඇතුළුවන රියදුරන් හට congestion tax නමින් නව බද්දක් අය කිරීමටද මෙල්බර්න් නගර සභාව යෝජනා කර තිබේ.
මෙල්බර්න් නගර මධ්‍යයේ රියදුරන් අධිකවම භාවිත කරන මාර්ගය ලෙස Spencer Street හැඳින්වෙන අතර දෙවනුව King Street වාර්තා වේ.

Source: Flickr
ට්රෑම් වලට වැඩි කාලයක්
මෙල්බර්න් නගර මධ්‍යයේ පිහිටි වර්ණ සංඥා එළි වල රතු පැහැ ගැන්වෙන කාලය වැඩි කිරීම නිසා පදිකයින්ට, පාපැදි කරුවන්ට මෙන්ම ට්රෑම් රථ වලටද වැඩි කාලයක් හිමිවන බව RACV හි ප්‍රවාහන සහ සැලසුම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු වන Peter Kartsidimas පවසයි.
මෙල්බර්න් නගර සභාව කළ ගණනය කිරීම් වලට අනුව මෙල්බර්න් නගර මධ්‍යයේ ක්‍රියාත්මක රතු වර්ණ සංඥා එළි වලදී ට්රෑම් රථයක් රැදී සිටින කාලය 20% ක ප්රතිශතයකි.
නමුත් ජාත්‍යන්තරව ගත් කළ එය 2% - 5% අතර විය යුතුය.
මේ අතර වික්ටෝරියානු ප්‍රාන්ත රජයත් සමග එක්වී මෙල්බර්න් නගරයේ වාහන තදබදය අවම කිරීමට කෘතීම බුද්ධිය යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමටද මෙල්බර්න් නගර සභාව සූදානම් වෙයි.
මේ වන විට මෙල්බර්න් නගරයට දිනකට පුද්ගලයින් 940,000 ක් පමණ පැමිණෙන බවත් එය ඉදිරියේදී මිලියන 1.5 ක් දක්වා ඉහළ යන බවට අපේක්ෂා කරන බවත් මෙල්බර්න් නගරාධිපතිනිය වන Sally Capp පවසයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------