ගෙවපු නැති toll ගෙවන්න කියා ඔස්ට්‍රේලියාවේ ඔබටත් SMS එකක් ආවද? අලුත්ම scam එක ගැන දැනගන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ toll මාර්ගවල toll ගාස්තු එකතුකරන Linkt සමාගම එවන කෙටි පණිවිඩයක් ලෙස මෙම වංචාව පැමිණෙයි.

Beware the Linkt toll scam, Australia's latest scam

MELBOURNE, AUSTRALIA - SEPTEMBER 06: A quiet Monash Freeway is seen on September 06, 2020 in Melbourne, Australia. Credit: Daniel Pockett/Getty Images

ඔස්ට්‍රේලියාවේ කලින් කලට විවිධ scam වර්ග මතුවෙයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ මේ වන විට පැතිරෙමින් යන නවතම scam එක ලෙස Linkt toll scam එක හෙවත් Linkt toll වංචාව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ toll මාර්ගවල toll ගාස්තු එකතුකරන Linkt සමාගම එවන කෙටි පණිවිඩයක් ලෙස මෙම වංචාව පැමිණෙයි.


ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ලබා ගැනීම සඳහා නොසැලකිලිමත් රියදුරන් රවටා ගැනීම මේ හරහා අදාළ වංචාකරුවන් උත්සහ කරයි.

මෙම වංචාසහගත කෙටි පණිවිඩ වර්ග කිහිපයකින් පැමිණෙන බවද වාර්තා වේ.

එක් කෙටි පණිවිඩයක මෙසේ සටහන් වී තිබුණි.

“LINKT: You have a toll trip on 28/08/2022 was not charged promptly [sic]. Please settle up payment, or you will receive a penalty notice”.

තවත් කෙටි පණිවිඩයක “upon inspection, you were found to have a $5.83 outstanding highway bill” ලෙස සටහන් වී තිබුණි.

linkt scam txt1.jpg.jpeg
Credit: Information Age

එම වැකිවලට පහළින් වෙබ් අඩවියකට link එකක් ඇති නමුත් එය දැන් අක්‍රිය වී ඇත.

එහි ගෙවීමට අවශ්‍ය ඩොලර් 5.83 ක ගාස්තුවක් පිළිබඳ ලිඛිත දැනුම්දීමක් සටහන් විය.

ඔබ payment බොත්තම click කළ විට, එය ඔබව නම, ක්‍රෙඩිට් කාඩ් අංකය, එහි කල් ඉකුත්වන දිනය සහ ආරක්ෂක අංකය වැනි විස්තර පිරවීමට වන සම්මත ගෙවීම් පිටුවකට ගෙන යයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

සත්‍ය අත්දැකීමක්

එක්තරා පාරිභෝගිකයෙක් තමන් කළ දේ අවබෝධ කරගැනීමට පෙර ඔහුගේ තොරතුරු ඇතුළත් කිරීමට තරම් ඔහු අවාසනාවන්ත විය

"අදාළ ගනුදෙනු අතරතුර ඔවුන් එම ගනුදෙනුව වෙත බලය පැවරීම සඳහා මගේ දුරකථනයට කෙටි පණිවුඩයක් පවා යවා ඇති අතර, මම මෝඩ ලෙස එම විශේෂ කේතය තිරය මත ටයිප් කළා." යනුවෙන් ඔහු පැවසීය.

LISTEN TO
sinhala_270922_VICSkilled_Aug_Update_Final.mp3 image

වික්ටෝරියා ප්‍රාන්තයෙන් පසුගිය අගෝස්තු මාසයේ ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා ලබාගත් පුද්ගලයින් මෙන්න

SBS Sinhala

02:53

“මගේ වැරැද්දෙන් පසු මම මගේ මාස්ටර් කාඩ්පත අවලංගු කරන ලෙස ක්‍රෙඩිට් කාඩ් සැපයුම්කරුට කතා කළෙමි. නමුත් දින දෙකකට පසුව මම මගේ ක්‍රෙඩිට් කාඩ්පතේ තිබී Target Parramatta සහ Target Chatswood වෙතින් මා විසින් සිදු නොකළ ගනුදෙනු තුනක් සොයා ගත්තා, ඒවායේ මුළු වියදම $1,200." යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

scams
Source: Getty / Getty Images

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ පණිවිඩය

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ Linkt වංචාව පිළිබඳ පැමිණිලි 2,000 ක් පමණ තම Scamwatch අංශයට ලැබී ඇති බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම Information Age වෙබ් අඩවියට දැනුම් දී ඇත.

එම වංචාවලින් ඒකාබද්ධව ඩොලර් 112,000 ක් අහිමි වී ඇති බව වාර්තා වේ.

Scamwatch වෙත පැමිණිලි නොකළ පාඩු ඉහත අගයට ඇතුළත් නොවන බවද ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පවසා තිබේ.

LISTEN TO
SINHALA VINIVIDA- SEPTEMBER - 27/09 - Tuesday image

නිපුණතා ශ්‍රම හිඟය පිළිබඳ රජයේ ක්‍රියාමාර්ග ගැන, ලාංකික ඕස්ට්‍රේලියානුවන්ගේ අදහස් : 'විනිවිද' ජනතා මත විමසුම

SBS Sinhala

19:44

අනපේක්ෂිත කෙටි පණිවිඩවල links ක්ලික් කිරීම ගැන සැලකිලිමත් වන ලෙසත්, අක්ෂර වින්‍යාස දෝෂ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම මහජනතාවට සිහිපත් කරයි.

එමෙන්ම අසාමාන්‍ය කෙටි පණිවිඩ පිළිබඳ සෑම විටම සැක කරන ලෙසත් ඔවුන් අවධාරණය කරයි.



Share
Published 28 September 2022 11:20am
By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends