ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන වෘත්තිකයින් අතරට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ද වේ.
ඔවුන්ගේ තාක්ෂණික දක්ෂතාවය සඳහා වන ඉල්ලුම අඛණ්ඩව වර්ධනය වීම ඊට හේතුව බව සඳහන්.
Highlights
- ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය වෘත්තිකයින්ට වඩා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට ඉහළ වැටුපක් හිමිවන බව වාර්තා වේ.
- ඒ අතරින් Cloud තාක්ෂණය, UX/UI සහ සයිබර් ආරක්ෂාව හා සම්බන්ධ විශේෂඥයින් ට ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලැබෙන අතරේ ඉහළ ඉල්ලුමක්ද පවතියි.
- තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් අතරේ ඔස්ට්‍රේලියාවේ අඩුම වැටුප හිමිවන්නේ කණිෂ්ඨ .Net/Java ඉන්ජිනේරුවන්ටය.
තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට ඉහළ වැටුප්
ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය වෘත්තිකයින්ට වඩා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට ඉහළ වැටුපක් හිමිවන බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ recruitment ආයතනයක් වන Hays ආයතනය විසින් නිකුත් කරන ලද ඔස්ට්‍රේලියාවේ නවතම වැටුප් මාර්ගෝපදේශයට අනුව එය පෙනී යයි.
තාක්ෂණ විශේෂඥයින්ගේ ඉල්ලුම ඉතා ඉහළ ගොස් ඇති බව Hays ආයතනයේ කළමණාකාර අධ්යක්ෂ Nick Deligiannis පැවසුවේය.
ඒ අතරින් Cloud තාක්ෂණය, UX/UI සහ සයිබර් ආරක්ෂාව හා සම්බන්ධ විශේෂඥයින් ට ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලැබෙන අතරේ ඉහළ ඉල්ලුමක්ද පවතින බව ඔහු සඳහන් කළේය.
ඔස්ට්‍රේලියාව තුළ එම ක්ෂේත්රවල ඉහළ දක්ෂතා හා කුසලතාවන්හි සැබෑ හිඟයක් පවතින බව ඊට හේතුව බව ද ඔහු පැවසීය.
ඔබට එම කුසලතා සැපයිය හැකි නම් ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර ඔබට කඩිනමින් ඉහළ වැටුපක් සමග රැකියාවක් ලබා දෙනු ඇත.

Source: Pixabay
ඔස්ට්‍රේලියාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකුගේ වැටුප
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන තොරතුරු තාක්ෂණ සේවකයෙකුගේ සාමාන්‍ය සතිපතා ආදායම ඩොලර් 1,711 ක් හෝ වසරකට ඩොලර් 92,000 ක් පමණ වේ.
නමුත් helpdesk හෝ testing යන ක්ෂේත්රවල රාජකාරී කරන තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ට ඔස්ට්‍රේලියාවේ සෑම නගරයකම පාහේ සාමාන්‍ය වැටුපක් උපයා ගැනීමට අපේක්ෂා කළ හැකිය.
තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් අතරේ අඩුම වැටුප හිමිවන්නේ කණිෂ්ඨ .Net/Java ඉන්ජිනේරුවන්ට වන අතර එය ටස්මේනියාවේ වර්ෂයකට සාමාන්‍යයෙන් $85,000 කි.
එමෙන්ම සිඩ්නි සහ කැන්බරා නුවරවල එම වැටුප $100,000 දක්වා වැඩිවනු ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
මේ අතර Full stack, integration, සහ automation developers සඳහා සිඩ්නි නුවර වාර්ෂික වැටුප $130,000 ක් වන අතරේ ජ්‍යෙෂ්ඨ front-end developer සඳහා වාර්ෂික වැටුප $140,000 ක් පමණ වේ.
ඔස්ට්‍රේලියාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් අතරින් ඉහළම වැටුපක් හිමි ඛාණ්ඩයක් වන්නේ Cloud Architect ලාය.
සිඩ්නි හෝ මෙල්බර්න් නුවර ඔවුන්ගේ වාර්ෂික වැටුප $200,000 ක් දක්වා වන බව ACS ආයතනය පවසයි.
මේ අතර මෙල්බර්න්, සිඩ්නි සහ කැන්බරා නුවරවල වෘත්තියමය hackers හෝ penetration testers සඳහා $150,000 ක පමණ වාර්ෂික වැටුපක් ගෙවන බවද වාර්තා වේ.
එමෙන්ම identity and access management (IDAM) engineers හෙවත් IDAM ඉංජිනේරුවන්ට $140,000 ක වාර්ෂික වැටුපක් හිමිවන බවද සඳහන්.