එළඹෙන මැයි 06 වන දින ඉදිරිපත් කිරීමට නියමිත ටර්න්බුල් රජයේ අය වැය තුළ මහා මාර්ග, දුම්රිය සේවා සහ අනෙකුත් යටිතල පහසුකම් වේගවත්ව ඉදිකිරීමට හා සංවර්ධනය කිරීමට ප්‍රතිපාදන වෙන්කරන බවට තොරතුරු හෙළිවී තිබේ.
පසුගිය වසරේ ඩොලර් බිලියන 50 ක් වූ යටිතල පහසුකම් සැලැස්ම මෙම වසරේදී ඉදිරියට ගෙනෙන බව ABC 7.30 වැඩසටහන පවසයි.
මේ අතර විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති වලින් සම අවස්ථා තැන්පතු ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරන බවද ABC 7.30 වැඩසටහන හෙළිදරව් කරයි.
යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මධ්‍යම රජයෙන් අර්ධ වශයෙන් ප්‍රතිපාදන ප්‍රාන්ත රජයන් විසින් ලබා ගැනීම වෙහෙස කර සිදුවීමක් බව අගමැති මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කළේය.
නිරිත දිග ක්වීන්ස්ලන්තයේ Toowoomba Second-Range Crossing ව්‍යාපෘතිය නිරතුරුවම අගමැතිවරයා විසින් හුවා දක්වන එකක් බව කැබිනට් මුලාශ්‍ර පෙන්වා දෙයි.
එම ව්‍යාපෘතිය සඳහා මධ්‍යම රජය ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් මේ වන විට යොමු කර ඇති අතර එය මුළු පිරිවැයෙන් 80% කි.
නමුත් 2018 වසරේ දී මෙම මාර්ගය අවසන් වූ විට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය එහි කීර්තිය හිමි කරගැනීමට වැඩි හැකියාවක් පවතින බව සඳහන්.
මීට අමතරව මෙම මාර්ගය භාවිත කිරීමේදී ය කරන බදු මුදල් වලින් කොටසක් ප්‍රාන්ත රජයටද හිමිවන බව වාර්තා වේ. කිලෝමීටර් 41 ක් දිගැති මෙම මාර්ගය භාවිත කිරීම් සඳහා එක් රථයකින් ඩොලර් 30 දක්වා මුදලක් අය කරන බව පැවසේ.
මෙවැනි වූ ව්‍යාපෘති සඳහා මින් අනතුරුව මධ්‍යම රජයෙන් ප්‍රතිපාදන ලබා දීමේදී වැඩි අවධානයක් යොමු කරන බවත් ඒවා බොහෝ විට ප්‍රතිපාදන ලෙස නොව ණය ලෙස ලබා දීමට අදහස් කරන බවත් ටර්න්බුල් රජය පවසයි.
Badgerys Creek හි සිඩ්නි දෙවන ගුවන් තොටුපොළ ව්‍යාපෘතියද මේ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට රජය අදහස් කරගෙන සිටින බවද වාර්තා වේ.
මීට අමතරව මධ්‍යම රජය මුල්‍යමය දායකත්වය දැක්වූ යම් මහා මාර්ගයක් වේ නම් ඒවායෙන් බදු ය කිරීම නතර කිරීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
Read More

ICC ශූරයන්ගේ කුසලානයට ඉන්දියාව නැහැ?