ඔස්ට්‍රේලියාවේ අනාගත නිවාස හා දේපළ වෙළෙඳපොළ පිළිබඳ ඔස්ට්‍රේලියානුවාසීන්ට මේ වන විට විශාල ගැටළුවක් පැන නැගී තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳපොළ අනාගතයේදී නැවතත් ඉහළ නගීවිද? නැතිනම් සම මට්ටමේ පවතීද? එසේත් නැතිනම් තවත් පහළ බසීවිද යන ගැටළු ත්‍රිත්වය මධ්‍යයේ මේ වන විට නිවසක් ගැනීමට අදහස් කර සිටින බොහෝ ඔස්ට්‍රේලියානුවාසීන් අතරමංවී ඇත.

Source: AAP
නිවාස හා දේපළ වෙන්දේසිය
ඉහත ප්‍රශ්න වලට තරමක් දුරට හෝ සාර්ථක පිළිතුරක් ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙන්දේසි දෙස අවධානය යොමු කළ විට ගත හැකිවේ.
විශේෂයෙන්ම auction clearance ප්‍රතිශතය එයට සාර්ථක පිළිතුරු සපයනු ඇත.
පසුගිය සතිය වන විට සිඩ්නි නුවර auction clearance ප්‍රතිශතය 62.2% ක් බව news.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.
එමෙන්ම පසුගිය සතියේදී සමස්ත ඔස්ට්‍රේලියාවේම ජාතික auction clearance ප්‍රතිශතය 56% ක් බවද සඳහන්.
එය එතරම් ඉහළ ප්‍රතිශතයක් නොවන නමුත් බරපතල ලෙස පහළ ප්‍රතිශතයක් නොවන බවත් පෙනෙන්නට තිබේ.

Source: AAP
නිවාස හා දේපළ වෙන්දේසි වලින් නිවාස වෙළෙඳපොල ගැන අනාවැකි කිව හැකිද?
නිවාස හා දේපළ වෙන්දේසිය සම්බන්ධ auction clearance කලින් කලට වෙනස් වෙයි.
එය බොහෝ විට කාලය සමග බැදී පවතී.
අතීත දත්ත විශ්ලේෂණය කිරීමේදී ඔස්ට්‍රේලියාව තුළ නිවාස හා දේපළ වෙන්දේසි බහුල ලෙස සිදුවන්නේ වසන්ත සෘතුවේදීය.
සාමාන්‍යයෙන් වසරක් මුලදී නිවාස වෙන්දේසි ප්‍රමාණය ඉතා අඩු අගයක් ගන්නා නමුත් auction clearance ප්‍රතිශතය ඉහළ අගයක් ගනී.
පහත ප්‍රස්තාරයෙන් ඒ බව මනාව පිළිඹිබු වෙයි.
එහි නිවාස වෙන්දේසි ප්‍රමාණය "අළු" පැහැයෙන්ද auction clearance ප්‍රතිශතය "නිල්" පැහැයෙන්ද දැක්වෙයි.

Source: Supplied by Danyal Syed
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල තවත් පහළට?
ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොළේ මිල ගණන් පහත බැසීම නිසා බොහෝ නිවාස සෘජුව අලෙවි කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතවී ඇති බවද වාර්තා වේ.
එමෙන්ම බොහෝ නිවෙස් එලෙස අලෙවි කිරීමට බොහෝ කාලයක් බලා සිටිය යුතු වීමද තවත් බරපතල කරුණක් වී ඇත.
මේ අතර දැනට ලැබී ඇති දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ ඉදිරියටත් නොකඩවා නිවාස මිල පහත බසිනු ඇති බවත් එනිසාම ඉහළ ඉල්ලුමක් හා මිල ගණන් තිබෙන ප්‍රදේශ වලින් දැනට නිවාසයක් මිලට නොගෙන සිටීම වඩා සුදුසු බවත් realestate.com.au වෙබ් අඩවියේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Nerida Conisbee පෙන්වා දුන්නාය.
ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳපොළේ ප්‍රධාන ස්ථානයක් ගන්නා සිඩ්නි හා මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ මෙන්ම බ්‍රිස්බන්, පර්ත් නිවාස වෙළෙඳපොළ වලද මේ තත්ත්වය බොහෝ දුරට සමාන බව සඳහන්.
නමුත් ටස්මේනියා දේපළ වෙළෙඳපොල ඉතා ශීග්‍රයෙන් ඉහළ යන බවත් Rokeby වැනි Hobart කලාපයේ උප නගර වල මේ තත්ත්වය තීව්‍රව දැකිය හැකි බවත් ආර්ථික විද්‍යාඥ Nerida Conisbee පැවසුවාය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------