"ශ්‍රී ලංකාවේ තව ක්‍රීඩිකාවෝ ඉන්නවා ලෝකයේ විවිද ක්‍රිකට් ලීග් වල සිටිය යුතු" - චමරි අතපත්තු ඕස්ට්‍රේලියානු මාධ්‍ය හමුවේ පවසයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා, චමරි අතපත්තු මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ලීග් කාන්ත ක්‍රිකට් තරඟාවලියට සම්බන්ද වී සිටිනවා. ඇය මෙවර ක්‍රීඩා කරන්නේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමඟයි. චමරි අතපත්තු අද දිනයේදී (ඔක් 25) මාධ්‍ය සාකච්චාවට එක්වූවා. එහිදී ඇය සඳහන් කල විශේෂිත කරුණු අතරට ඇගේ මෙවර Big Bash League සංචාරය සහ ෆ්රැන්චයිස් ක්‍රිකට් සමඟ ක්‍රීඩිකාවන්ට ලැබෙන අවස්ථා පිළිබඳව අදහස් පල කෙරුනා.
ෆ්රැන්චයිස් ක්‍රිකට් යනු මුදල් පමණක් නොවේ, එය නව කුසලතා, සංස්කෘතිය සහ අත්දැකීම් ලබා ගැනීම බවයි චමරි සඳහන් කොට සිටියේ.
ඕස්ට්‍රේලියාවේ පවතින ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය සහ වේගය අනුව කාන්තා බිග් බෑෂ් ලීග් (WBBL) හි ක්‍රීඩා කිරීමට උනන්දුවෙන් පසුවන ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල බොහෝ ක්‍රීඩිකාවන් තමා දන්නා බවත් WBBL හි තවත් දකුණු ආසියානු ගැහැණු ළමයින්ට බැබළීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය සහ අදාළ බලයලත් ආයතනවලින් ඉල්ලා සිටින බවත් එහිදී චමරි සඳහන් කොට සිටියා
තවදුරටත් අදහස් දක්වූ චමරි සඳහන් කොට සිටියේ WBBL යනු හොඳම ෆ්‍රැන්චයිස් ලීගයක් වන අතර එයට සහභාගී වී ලබන අත්දැකීම් සහ දැනුම ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රිකට් ක්‍රීඩිකාවන් වෙත ගෙන යාමට අදහස් කරන බවයි. ශ්‍රී ලංකාවේ කවිෂ් දිල්හාරි, විශ්මි සහ හර්ෂිතා ලෝක ෆ්‍රැන්චයිස් ලීගවල සිටිය යුතු ක්‍රීඩිකාවන් බවද චමරි එහිදී සඳහන් කොට සිටියා.
ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමේ හදිසි නැගීම පිළිබඳව ඇය පැවසුවේ, “ඔව්, දකුණු අප්‍රිකාවට එරෙහිව අපගේ මෑත කාලීන ජයග්‍රහණ, එංගලන්තයට එරෙහිව තරඟාවලි ජයග්‍රහණයක් සහ නවසීලන්තයට එරෙහිව දස්කම් දැක්වීම අපට විශාල විශ්වාසයක් සහ විශ්වාසයක් ඇති කරල තිබෙනවා" යනුවෙන්
ශ්‍රී ලංකාවේ ශූර තුන් ඉරියව් ක්‍රීඩිකාව මෑතදී ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී දීප්තිමත් තරුවක් වුනු නමුත් පසුගිය වසරේ WBBL තරඟාවලියේදී ඇය නියෝජනය කළ පර්ත් ස්කෝචර්ස් ඇතුළු WBBL හි සියලුම කණ්ඩායම් විසින් ඇයව මුලදී නොසලකා හරින ලද අතර ඒ පිළිබඳව බොහෝ විවේචන ද එල්ල විය. කෙසේ වෙතත් අවසානයේදී Sydney Thunder කණ්ඩායම විසින් ඇයව මිලදී ගැනින
_________________________________________________________________________________________________
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට හැකි අයුරු
· SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
_________________________________________________________________________________________________
චමරි අතපත්තු මෙවර WBBL තරඟාවලියේ ක්‍රීඩා කරන Sydney Thunder කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනිය ලෙසට පිටියට එන්නේ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හෙදර් නයිට් සමඟයි. ආරම්භක පිතිකරිනියන් ලෙස හෙදර් නයිට් සමඟ හොඳ සම්බන්ධයක් ඇති අතර එය සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ ආරම්භයට ශක්තිමත් පදනමක් ඇතිකර ගැනීමට ඉවහල් වන බවද චමරි සඳහන් කොට සිටියා. සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ නායිකාව වන්නේද හෙඩර් නයිට් වන අතර, ය කණ්ඩායමේ ශක්තිමත්ව මෙහෙයවන බවද චමරි වැඩිදුරටත් සඳහන් කොට සිටියා.
මෙම මධුය හමුවේදී චමරි තවත් අමතර කරුණක් ලෙසට එළඹෙන කාන්තා T 10 තරඟාවලියක් පිළිබඳවද ඉඟි පලකොට සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ මෙම T10 කාන්තා ලීගය පැවැත්වීමට සංවිධානය වෙමින් සිටින බවත් එය ෆ්‍රැන්චයිස් පාදක තරඟාවලියක් විය හැකි බවත් චමරි එහිදී අනාවරණය කොට සිටියා.
" මම ලංකාවේ නිල් ජර්සිය අඳිනකොට හැම වෙලාවෙම හිතන්නේ හොඳ නායකත්වයක් සමඟින් ජයග්‍රහණය කරා යන්න. මම සියලුම තරුණ ගැහැණු ළමයින්ට පණිවිඩයක් දෙන්න කැමතියි, එනම් වර්තමානය කෙරෙහි අවධානය යොමු කර නොබියව ක්‍රීඩා කරන ලෙසයි. ක්‍රීඩාවේදී අනාගතය හෝ අතීතය ගැන හිතන්න එපා" චමරි අතපත්තු අද සිඩ්නි නුවර සිට ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය හමුවේ සඳහන් කොට සිටියා
—————————————————————————————————————————————
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
· රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)
· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
· SBS Audio APP (Free)
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය