ඕස්ට්‍රේලියාව තුල සිටින පුහුණු සේවකයින් බොහෝ කලක් පුරා තාවකාලික වීසා වල රැඳී සිටීම අඩු කිරීම අරමුණු කරගනිමින් 2023 වසරේ නොවැම්බර් 25 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ වීසා කාණ්ඩ කිහිපයක වෙනස්කම් සිදු කොට තිබේ.
මෙම වෙනස්කම් ඔස්සේ ප්‍රධාන වශයෙන් Employer Nomination Schem සහ Regional Sponsored Migration Scheme යන වීසා කාණ්ඩ වල TRT ප්‍රවාහයන් සඳහා වන රැකියා අවශ්‍යතා වෙනස්කොට ඇති බව පවසයි.

Australian Visa Source: Getty / Getty Images
- Employer Nomination Scheme (ENS) visa (subclass 186) හි Temporary Residence Transition Stream
- Regional Sponsored Migration Scheme (RSMS) visa (subclass 187) හි Temporary Residence Transition Stream
මේ අනුව ඉදිරියේදී අදාළ වීසා කාණ්ඩ වලට අයදුම් කිරීමේදී, ඕස්ට්‍රේලියානු නිපුණතා රැකියා ලැයිස්තුව හෙවත් Skilled occupation list එක තුල අදාළ රැකියා ලයිස්තුගතකොට තිබීම අනිවාර්ය නොවේ.
LISTEN TO

උද්ධමනය, පොලී අනුපාත, නිවාස ගැටලුව : නව වසරේදී ඕස්ට්‍රේලියාවේ ජීවන වියදමට කුමක් වෙයිද? අනාවැකි මෙන්න
SBS Sinhala
06:25
නමුත්, නම් කරන ලද රැකියාව Australian and New Zealand Standard Classification of Occupations (ANZSCO) හි ලැයිස්තුගත වී තිබීමට අවශ්‍ය වන අතර, නම් කරන ලද සේවකයාට ඔවුන්ගේ නම් කරන ලද රැකියාවේ අඛණ්ඩව කටයුතු සිදු කිරීමට අවශ්‍ය වනු ඇත.

Flag of Australia , visa application form and passport on table Source: iStockphoto / mirsad sarajlic/Getty Images/iStockphoto
ඕස්ට්‍රේලියාවේ තාවකාලිකව වෙසෙන නිපුණතා වීසා බලපත්‍රලාභීන් සඳහා ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා වන මාර්ග බොහෝ විට සීමිත වේ.
LISTEN TO

ඕස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිපත්ති නිසා, රජය සිදු කල 476 වීසා සීමා කිරීම ගැන ඔබට වැදගත් තොරතුරු
SBS Sinhala
14:18
ඒ ඔස්සේ පැන නැගී තිබෙන ගැටළුවක් වන ‘permanently temporary’ හෙවත් 'තාවකාලික වීසා මත බොහෝ කලක් සිටින' පිරිස අවම කිරීම මෙම වීසා වෙනස්කම් හි අරමුණ වන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව කියා සිටී.
LISTEN TO

2023 දී ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ තත්වය සහ මේ වසරේදී විය හැකි වෙනස්කම් මෙන්න
SBS Sinhala
04:29