2018 වසරේ ඔස්ට්‍රේලියානු වීසා සඳහා සිදු කිරීමට අපේක්ෂිත ඇතැම් වෙනස්කම් මේ වන විටත් තහවුරු කර ඇති අතර අනෙක්වා තවමත් තහවුරු කර නොමැත.
457 වීසා ඛාණ්ඩය Temporary Skill Shortage වීසා ඛාණ්ඩයෙන් ප්‍රතිස්ථාපනය කිරීම.
එළඹෙන මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මග සැකසුනු ජනප්‍රියම වීසා වර්ගයක් වන 457 වීසා මුළුමනින්ම අහෝසි කෙරෙන අතර එය Temporary Skill Shortage (TSS) වීසා වර්ගයෙන් ප්‍රතිස්ථාපනය කෙරේ.
මෙම TSS වීසා වර්ගය කෙටි කාලීන හා මධ්‍ය කාලීන ලෙස කොටස් දෙකකට බෙදේ.
කෙටි කාලීන TSS වීසා වර්ගය
මෙය ඔබට ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීමට වසර 2 ක කාලයක් ලබා දෙන අතර එය අවසන් වූ පසු අලුත් කිරීමට එක් අවස්ථාවක් පමණක් ලබා දෙයි.
මෙමගින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ඔබට අයදුම් කිරීමට නොහැකිය.
මධ්‍ය කාලීන TSS වීසා වර්ගය
මෙය ඔබට ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීමට වසර 4 ක කාලයක් ලබා දෙන අතර මෙමගින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද ඔබට අයදුම් කිරීමට මග සැකසේ.
එනමුත් මෙම වර්ග දෙකේම මූලික සුදුසුකම් තරමක් අසීරු කර ඇති අතර රැකියා පළපුරුද්ද සහ ඉහළ ඉංග්‍රීසි භාෂා ප්රවීණත්වයක් අපේක්ෂා කෙරේ.
Skilled Occupations List හෙවත් නිපුණතා රැකියා ලැයිස්තුවට ඇතැම් රැකියා වර්ග එකතු කර ඇති අතර තවත් රැකියා වර්ග ඉවත් කර තිබේ.
Partner වීසා හෙවත් සහකාර වීසා
ඔස්ට්‍රේලියාවේ Partner වීසා හෙවත් සහකාර වීසා නිකුත් කිරීමේදී ඔස්ට්‍රේලියානු රජය එය පියවර දෙකකින් කිරීමට අපේක්ෂා කරයි.
එනම් අදාළ සහකරුවා හෝ සහකාරිය තමන්ගේ අයදුම්පත යොමු කිරීමට පෙර ඊට අනුග්‍රහය සපයන තැනැත්තාව රජය විසින් අනුමත කළ යුතු වේ.
මෙය ඇතැම් විට ගැටළුකාරී තත්ත්වයක් මතු කරනු ඇතැයි වීසා පිළිබඳ උපදේශක Nilesh Nandan පවසයි.
මෙම ක්‍රමය මගින් අදාළ අයදුම්පත් සලකා බැලීම ප්‍රමාද වන බව ඔහු පෙන්වා දෙයි.
නමුත් අනුග්‍රාහකයාව අනුමත කිරීමට පෙර ඔහු හෝ ඇය පිළිබඳ ඇගයීමක් සිදු කිරීම මගින් ඒ පුද්ගලයාට සමබන්ධ කුමන හෝ අපරාධ වලට අතීත සම්බන්ධයක් ඇති දැයි එමගින් පරීක්ෂා කිරීමට හැකි බවද Nilesh Nandan පෙන්වා දෙයි.
තාවකාලික දෙමාපිය අනුග්‍රාහක වීසා (Temporary parent sponsored visa)
Temporary parent sponsored visa හෙවත් තාවකාලික දෙමාපිය අනුග්‍රාහක වීසා පිළිබඳ යෝජනාවක් පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානු රජය විසින් සිදු කළ නමුත් මෙතෙක් එය සෙනට් සභාවෙන් අනුමත වී නොමැත.
මෙම වීසා ලාභීන් ට ඔස්ට්‍රේලියාවේ වසර 10 ක් යන තුරු රැදී සිටීමට හැකි නමුත් එම කාලයට වඩා අතිරේක කාලයක් සඳහා වීසා අයදුම් කිරීමට නොහැකි වේ.
එමෙන්ම මෙම වීසා ඛාණ්ඩය මගින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට කිසිවිටෙකත් නොහැකි වනු ඇත.
තාවකාලික දෙමාපිය අනුග්‍රාහක වීසා යටතේ වසර තුනක වීසා සඳහා ඩොලර් 5,000 ක්ද වසර 5 ක වීසා සඳහා ඩොලර් 10,000 ක්ද වසර 10 ක වීසා සඳහා ඩොලර් 20,000 ක්ද අය කෙරේ.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී පවතින නීති වෙනස් කිරීමට ටර්න්බුල් රජය මේ වසර ප්‍රථම භාගයේදී නැවත වරක් උත්සාහ ගැනීමට සූදානම් වෙයි.
ඒ අනුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට මෙතෙක් ස්ථිර පදිංචිය ලබා වසරක් බලා සිටීම වෙනුවට වසර 4 ක් බලා සිටීමට යෝජනා කෙරුණු අතර ඒ සඳහා අදාළ වන ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය විශ්ව විද්‍යාල මට්ටමේ එකක් කිරීමටද යෝජනා විය.
නමුත් එම යෝජිත වෙනස්කම් සෙනට් සභාවේදී පරාජයට පත් වීමත් සමග ටර්න්බුල් රජයට එම යෝජනා හකුලා ගැනීමට සිදු විය.
කෙසේවෙතත්, එම යෝජනා සංශෝධනය කර නැවත මේ වසරේ මුල් භාගයේදී ගෙන ඒමට ටර්න්බුල් රජය කටයුතු කරන බවත් එම වෙනස්කම් එළඹෙන ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් වාර්තා වෙයි.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ සිදු කෙරෙන වෙනස්කම් පිළිබඳ 

Source: SBS
වීසා අවලංගු කිරීමේ සහ රටින් නෙරපීමේ වැඩි සම්භාවිතාවක්.
ඔස්ට්‍රේලියාව තුළ අපාරාධ සිදු කිරීම වැනි දෑට සම්බන්ධවන බොහෝ දෙනෙකුගේ වීසා අවලංගු කිරීමක් දැකිය හැකි බව සංක්‍රමණික කටයුතු පිළිබඳ නියෝජිත Nilesh Nandan විශ්වාසය පළ කරයි.
Home Affairs අමාත්‍ය Peter Dutton, මේ පිළිබඳව පසුගිය වසරේ අග භාගයේදී යම් කිසි ඉඟි කිහිපයක්ද ලබා දුන්නේය.
ඔස්ට්‍රේලියානු වීසා නීති වෙනස් වීම සම්බන්ධයෙන් දැනගැනීමට පිළිබඳ නිරතුරුවම විමසිල්ලෙන් සිටින්න.

Home Affairs Minister Peter Dutton Source: AAP
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------