2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (07/06) පැවති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළේය.
Bristol ක්‍රීඩාංගනයට ඇදහැළුණු වැසි නිසා තරගය ආරම්භ කිරීම ප්‍රමාද වූ අතර පසුව පැය පහමාරකට පසුව පිටිය පරීක්ෂා කළ විනිසුරුවන් පන්දුවාර ප්‍රමාණය අඩුකර හෝ තරගය පැවැත්වීමට නොහැකි බව තීරණය කරමින් තරගය අතහැර දැමීමට තීරණය කළේය.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට ප්‍රසාද ලකුණු 01 බැගින් හිමි විය.

Source: Facebook
මේ තත්ත්වය ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යාමේදී ශ්‍රී ලංකාවට බලපාන අයුරු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න පැහැදිලි කළේ මේ අයුරිනි.

Source: Twitter
ශ්‍රී ලංකාවේ ඊළඟ තරග?
ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය බංග්ලාදේශය සමග එළඹෙන ජුනි 11 වන දින පැවැත්වේ.
බංග්ලාදේශය එක් දින ශ්‍රේණිගත කිරීම් හි 7 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව 9 වන ස්ථානයේ පසුවෙයි.
නමුත් මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව තරග 3 කදී ප්‍රසාද ලකුණු 03 ක් ලබා 3 වන ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය තරග 2කට සහභාගී වී ප්‍රසාද ලකුණු 2 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 8 වන ස්ථානයේ පසුවෙයි.
ඒ අනුව එම තරගයට සහ ඉදිරි තරග වලට මුහුණ දීමට ශ්‍රී ලංකාව කෙසේ සූදානම් විය යුතුද? ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න පැහැදිලි කළේ මේ අයුරිනි.
සමස්ත ප්‍රසාද ලකුණු සටහන
ඒ අනුව ඊයේ (07/06) වන විට 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.
මේ අතර එංගලන්තය සහ බංග්ලාදේශය අතර මෙන්ම නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරග අද (08/06) පැවැත්වීමට නිය

Source: Facebook

Source: SBS Sinhala