මුහුදු වෙරළේදී ආරක්ෂාකාරී වන්න.
ඔස්ට්‍රේලියාව වටේම නොමිලයේ ඇතුළු විය හැකි මුහුදු වෙරළ තීරයන් රාශියක් පවතී.
පසුගිය වසරේ දියේ ගිලීම් සංඛ්‍යාව පහළ බැස තිබූ නමුත් දියේ ගිලී මරුමුවට පත්වූ සංඛ්‍යාව 249 කි.
වෙරළාරක්ෂක මුර සංචාරය සහිත මුහුදු වෙරළ වලට පමණක් සැමවිටම ගමන් කරන්න, විශේෂයෙන් ඔබ පිහිනීමේ දක්ෂයෙකු නොවේ නම්.
රතු සහ කහ පැහැති ධජ අතර පමණක් පිහිනන්න වග බලා ගන්න.
වෙරළාරක්ෂක මුර සංචාරය සහිත මුහුදු තීරයන් මොනවාද සහ ඒවායේ ඇති පහසුකම් මොනවාද යන්න ඔබට දැනගැනීමට අවශ්‍ය නම් Beachsafe app බාගත කරගන්න.
එය භාෂා 72 කින් සමන්විත වන අතර ඔස්ට්‍රේලියාවේ සෑම මුහුදු තීරයක්ම එමගින් ආවරණය කෙරේ.
පිහිණුම් තටාක සහ ගංගාවල් ආශ්‍රිතවද ප්‍රවේශම් විය යුතුය.
CPR පිළිබඳ දැනුවත්වී සිටීමද ඉතා වැදගත්ය.

Source: AAP
ජාතික උද්‍යාන වලදී ආරක්ෂාකාරී වන්න.
නිවාඩු කාලයේදී national park හෙවත් ජාතික උද්‍යාන වල සැරිසැරීමද තවත් විනෝද ජනක කටයුත්තකි.
ඔස්ට්‍රේලියාව පුරා 500 කට අධික ජාතික උද්‍යාන සංඛ්‍යාවක් ඇත.
ඒ සෑම එකක්ම කඳු නැගීම, පිහිනීම සහ කුරුල්ලන් නැරඹීම වැනි විවිධ ක්‍රියාකාරකම් සංචාරකයින්ට සමීප කරයි.
ඇතැම් උද්‍යාන ගාස්තු අය කරන අතර ඇතැම් උද්‍යාන වලට නොමිලයේ ඇතුළු විය හැකිය.
ඔබේ සංචාරය සාර්ථක එකක් කර ගැනීමට නම්, අදාළ ජාතික උද්‍යාන වලට පිවිසීමට ප්‍රථම ඒවා පිළිබඳ හොඳින් පර්යේෂණ කළ යුතුවේ.
ඔබ ඇවිදීමට හෝ කඳු නැගීමට හෝ යාමට පෙර ඔබ යන ඉසව්ව සහ ඔබ නැවත පැමිණෙන්නේ කෙදිනද යන්න පිළිබඳ තව කෙනෙකු දැනුවත් කර යන්න.
පානීය ජලය, ආහාර පාන මෙන්ම උණුසුම් ඇඳුම්ද රැගෙන යාමට අමතක නොකරන්න.

Source: SBS
හිරුගෙන් ආරක්ෂාකාරී වන්න.
ඔබ එළිමහනේ සිටී නම් ඔබ සැමවිටම හිරුගෙන් ආරක්ෂාකාරී විය යුතුය.
තුනෙන් දෙකක් පමණ ඕස්ට්‍රේලියානුවන් තම ජීවිත කාලය තුළ සමේ පිළිකා වලට ගොදුරු වෙයි.
නමුත් මෙය විශාල වශයෙන් වළක්වා ගත හකි පිළිකා වර්ගයකි.
පැහැපත් සමක් සහිත පුද්ගලයින්ට මෙම සමේ පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් පවතී.
ග්‍රීෂ්ම කාලයේදී ඔබ එළිමහනට යනවානම් UV index අඩු මට්ටමක ඇති උදැසනම හෝ සවස් කාලයේදී පමණක් යන ලෙස ඔස්ට්‍රේලියානු පිළිකා සභාව පවසයි.
ඔබට UV index ඉහල මට්ටමක පවතින විට එළිමහනට යාමට අවශ්‍ය වුවහොත් හැකිතරම් සෙවන සහිත ස්ථාන වල සිටින ලෙසත් තොප්පියක් පළඳින ලෙසත් හිරු කිරණ වලින් ආරක්ෂාකාරී වන ඇඳුම් අඳින ලෙසත් හිරු කිරණ වෙත නිරාවරනය වන සමෙහි sunscreen ආලේප කරන ලෙසත් ඔස්ට්‍රේලියානු පිළිකා සභාව උපදෙස් දෙයි.
ඔබ එළිමහනට යාමට මිනිත්තු 20 කට පමණ පෙර SPF30 හෝ ඊට ඉහළ sunscreen ආලේප කරන ලෙසත් පසුව පැය දෙකෙන් දෙකට නැවත ආලේප කළ යුතු බවත් පැවසේ.
ඔබ ප්‍රිය කරන ඔබේ සැමට ගැලපෙන sunscreen වර්ගයක් ඔබ විසින්ම තෝරාගැනීම වැදගත් වේ.
--------------------------------------------------------------------------------------------------------

Source: SBS
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------